+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සත්‍ය වචනය හරි ආකාරව පහදා ගන්න - මනූ මැතානි
August 18, 2024 Sunday Sermon Notes


දේව වචනය කියවීමෙන් ඔබට බොහෝ දේ දැන ගත හැකිය. දේව වචනය තුළ රහස් ඇත. දිනපතා වචනය මෙනෙහි කිරීමෙන් ඔබට ඒවා එළිදරව් වනු ඇත.

ඔබට අවස්ථාව තිබෙන සෑම මොහොතකම හොඳ දේශනා වලට සවන්දී බයිබලය කියවමින් වචනය මෙහෙහි කරමින් දිනපතා ශක්තිමත් විය යුතුය.

ඔබට ආත්මික ආහාර ලැබෙනුයේ ආත්මික වචන වලින් පමණි.

නියම ආත්මික ආහාරය දෙවියන්වහන්සේගේ වචනයයි.

දෙවියන්වහන්සේගේ දේවල් තේරුම්ගෙන අපගේ මේ ආත්මික ගමන දෙවියන්වහන්සේ සමඟ ගමන් කරමු.

දෙවියන්වහන්සේගේ වචනය සුළු නොකර ඔබේ ජීවිතයේ දේව වචනයට මුල් තැන දෙන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ වචනය තුළින් ඔබට කථා කරයි. වචනය සමඟ කාලය ගත කරන විට, වචනය ඔබව ධෛර්යමත් කරයි. වචනය ඔබව සුව කරයි. ඔබ දේව වචනය පිළිපැද්දොත් වචනය ඔබව සුව කරයි, නිදහස් කරයි.

ලෝකයේ මනුෂ්‍යයන්ගේ වචන වෙනස් වුවත්, දෙවියන්වහන්සේගේ වචනය වෙනස් නොවෙයි.

අහස පොළොව පහවී ගියත් දෙවියන්වහන්සේගේ වචනය ඊයෙත් අදත් හෙටත් සදාකාලයටමත් එකාකාරය. (මතෙව් 24:35)

බයිබලයේ සියලු දේවල් සිදුවුණු ආකාරයට සටහන් වී වාර්තා කර තිබෙනවා.

අප යේසුස්වහන්සේ පිළිගත් විට ශුද්ධාත්මයාණන් අප තුළ වාසය කරන අතර උන්වහන්සේගේ අනුග‍්‍රහය අපට තිබේ.

බයිබලයේ සත්‍යය සටහන් තිබෙන අතර අප එය හරියාකාරව පහදා ගත යුතුය. (1තිමෝති 2:15)

බයිබලයේ ඇති බොහෝ චරිත වල දුර්වලකම් ඇත. ආබ‍්‍රහම්, නෝවා, දාවිත් මේ අය පවා ජීවිතයේ වරදගත් අවස්ථා ඇත.

පාවුල් හැරීමට පෙර කිතුනු විරෝධියෙක්ව සිටින ලදි.

පාවුල් ගැළවීම ලැබූ පසු ඔහුගේ පරණ මනුෂ්‍යයාව ඔහු වළලා දමන ලදි. නව මනුෂ්‍යයෙක් ලෙස ඔහු නැගිටුවනු ලැබුවේය.

පාවුල් තමාව විශ්වාස සේවකයෙක් ලෙස පිළිගත් නිසා ඔහු යේසුස්වහන්සේට ස්තූතිවන්ත වෙයි. බයිබලයේ නව ගිවිසුමේ පොත් වලින් අඩකටත් වඩා ලියා ඇත්තේ පාවුල් විසිනි.

1 තිමෝති 1:12
[12] මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.

පාවුල් තමාගේ පළමු තත්වය ගැන පවසයි. ඔහු තමාව හඳුන්වා දුන්නේ පව්කරුවන් අතර ප‍්‍රධාන පව්කරුවා ලෙසයි.

1 තිමෝති 1:13-15
[13] පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි. [14] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ඇදහිල්ලද ප්‍රේමයද සමඟ අපගේ ස්වාමීන්වහන්සේගේ කරුණාව ඉතා අධිකවිය. [15] පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.

පාවුල් යුදෙව්වරුන් අතර උගත් පුද්ගලයෙක්ව සිටියත්, ඔහු පවසන්නේ ඔහු සිටියාවු තත්වය වෙනස් කළේ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයයි. ඔහුට යම් දෙයක් සිදුවූ බවත්, ගැළවීම ලබා නව මැවිල්ලක් වූ බවත් ඔහු කියා සිටියේය

නව මැවිල්ලක් වූ පසු බයිබලයෙන් අයුතු ප‍්‍රයෝජන ගත හැකියැයි පාවුල් කිසිදා පැවසුවේ නැත.

පරණ ගිවිසුමේ අයගේ ජීවිත බලා ඒ අනුව ගමන් කරන්නැයි අපට පාවුල් කියා නැත.

වරද්දාගත් චරිත වලින් අපට ගත හැකි ආදර්ශය නම් ඒ අය කළාවූ දේවල් අප නොකර සිටීමයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.

සැබෑවේ වචනය හරියාකාරව පහදා ගැනීම වැදගත්ය. ආබ‍්‍රහම්, මෝසෙස් ජීවිතයේ වරදවා ගත් තැන් අප කළ යුතු නැත.

2 තිමෝති 2:15
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපව වෙනස් කර තිබෙන්නේ අපට හරිලෙස ධර්මිෂ්ඨව ජීවත්වීමටය.

අප තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කරයි. නමුත් පරණ ගිවිසුමේ පුද්ගලයින් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කළේ නැත.

මෝසෙස් මිනී මැරුමක් කරන ලදි. (නික්මයාම 2:12)

ආබ‍්‍රහම් තම භාර්යාවගෙන් පැමිණි පීඩනය හේතුවෙන් වැරදි තීරණයක් ගන්නා ලදි. (උත්පත්ති 16:1-3)

සාවුල් මුලදී හරි ලෙස සිටියත් පසුව ඔහුගේ අහංකාරකම හේතුවෙන් අවසානයේ නපුරු ආත්මයකින් ආවේශ වූයේය. (1 සාමුවෙල් 19:9)

දාවිත් බැත්ෂෙබා සම්බන්ධ පාපය කරන ලදි (2 සාමුවෙල් 11:1-27)

බයිබල් චරිත වල දුර්වලතා අපගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම අපගේ දුර්වලකමකි.

නෝවාට දෙවියන්වහන්සේ කී ආකාරයෙන් සියල්ල සිද්දවුණි. විශාල වර්ෂාවක් පැමිණ මුලු පොළොවම යට කරන ලදි. නෝවා දෙවියන්වහන්සේට කීකරුව නැවක් සාදා ඔහු තමාගේ පවුලේ 8 දෙනා පමණක් ජලගැල්මෙන් ගැළවුණි.

මෙම ජලගැල්ම පිළිබඳ නෝවා අවුරුදු ගණනාවක් සෙනඟට දේශනා කළත් මනුෂ්‍යයන් එය පිළිනොගන්නා ලදි. දේව පණිවුඩය පිළිගත්තේ ඔහුගේ පවුලේ අය පමණි.

මේ සියල්ලෙන් පසු නෝවා මාංශයේ කාරණාවකට ඉඩදී බීමත්ව සිටින ලදි. එපමණක් නොව, ඔහු තම දරුවෙකුට පවා ශාප කළේය. (උත්පත්ති 9:18-25)

මෙයාකාරයෙන් මනුෂ්‍යයන් වැරදි කරත්, අප එය ආදර්ශයක් ලෙස නොගත යුතුය. එසේ කරන්නට යන්නේ නම් ඔබ ගත කරනුයේ ඉතාම දුර්වල ජීවිතයකි.

සත්‍ය වචනය දැනගත්විට ඔබ ඒ ගැන දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන්න. සත්‍යය ඔබව නිදහස් කළ නිසා.

යාකොබ් 1:22
[22] නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

ඔබ ඔබවම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවන්න.

යොහන් 14:21
[21] යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

අප ස්වාමීන්වහන්සේට ප‍්‍රේම කරනවානම් උන්වහන්සේගේ වචනයට කීකරු විය යුතුය. අප වචනය රක්ෂා කරන්නේ එයට කීකරුවීමට කැමති නිසාය.
මාංසයට යටත් නොවී ඔබ මාංසය දමනය කළ යුතුය.

1 කොරින්ති 9:27
[27] නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

අපගේ ශරීරයට වඩා අපගේ ආත්මය බලවත්. අපගේ ආත්මය අපගේ ශරීරය වහල් කර දමනය කළ යුතුයි. අපගේ මුඛය අපි පාවිච්චි කිරීමෙන් අපට මුළු ශරීරය දමනය කළ හැකියි. අනුන්ට දේශනා කිරීමට පෙර ඔබ ඔබව පාලනය කර ගත යුතුය.

යාකොබ් 3:1-2
[1] මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න, [2] මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

අපගේ අභ්‍යන්තර මනුෂ්‍යයාට මේ ශරීරය පාලනය කළ හැකියි.

ඔබගේ දුර්වලතා වලින් ජය ගැනීමට බයිබලයෙන් සත්‍යය ඉගෙන ගන්න. සත්‍යය ඔබව නිදහස් කරයි. එයින් අන් අයටත් නිදහස ගෙන දීමට ඔබට හැකිය. ඔබට ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් සියල්ල කළ හැකිය.

ඔබගේ දුර්වලකම පවසන්න තරමට එයින් ඔබගේ ශරීරය වාසි ප‍්‍රයෝජන ලබා ගනියි.

යාකොබ් 3:3
[3] අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.

කටකලියාවකින් අශ්වයෙක් පාලනය කිරීමට හැකි සේම ඔබගේ මුඛයෙන් ඔබගේ ශරීරයේ දුර්වලතා පාලනය කළ හැකිය. ඔබගේ මනස පාලනය කළ හැකි වචන පවසන්න.

වචන කථා කරමින් ඔබගේ ශරීරය, ඔබගේ මනස ජයගත යුතුය.

2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

අපගේ පොරබැදීම තිබෙන්නේ මාංසය සමඟ නොවේය.

සත්‍යතාවේ වචනය තේරුම් ගෙන එයින් මනසේ ඇති බලකොටු බිඳ දමමින් අපගේ ජීවිත ආශීර්වාද ජීවිතයක් කර ගත යුතුය.

දේශනා කිරීම යනු ආත්මික යුද්ධයකි.

2 කොරින්ති 10:4
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉඳීරිපිට බලසම්පන්නය.)

දේශනාවලින්, යාච්ඤාවෙන්, ප‍්‍රශංසාවෙන් කෙනෙකුගේ මනසේ ඇති බලකොටු බිඳහෙළීමට පුළුවන.

යෙරෙමියා 23:29
[29] මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මනසේ ඇති බලකොටු බිඳහෙළීමට දේව වචනය ගින්නක්ද, කුළුගෙඩියක්ද මෙන් බලවත්ය. වචනයේ බලයෙන් මනසේ බලකොටු සෙළවීයයි.

මනසේ බලකොටු බිඳහෙළා දමමින් ඇදහිල්ලේ වාක්‍යයෙන් ඔබගේ මනස පුරවාගන්න.

මාංසාකර දේවලින් ලැබෙන්නේ මරණය පමණි. නමුත් අපි අත්දැකිය යුත්තේ ජීවනය හා සමාදානයයි.

රෝම 8:5
[5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

මාංසික මනසක් ඇති කෙනා සිතන්නේ මංසික දේ පමණි. ඔවුන්ගේ බලකොටු කැඩී නොමැත. බලකොටු කැඩිය හැක්කේ දේව වචනයෙන්, යාච්ඤාවෙන් හා ප‍්‍රශංසාවෙනි.

ගීතාවලිය 149:1-9
[1] ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්. [2] ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා. [3] නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. [4] මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක. [5] ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා. [6] ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;

ප‍්‍රශංසාව සඳහා ඔබගේ තොල් පාවිච්චි කළ යුතුය. දේව වචනය ඔබගේ මුඛයෙන් පිට විය යුතුය. දේව වචනයට අදාල ගීතිකා ගායනා කරමු.
ඒ තුළින් බොහෝ බලකොටු බිඳ හෙළා දැමිය හැකියි. ඔබට විරුද්ධවන සියල්ල විනාශවී යයි.

ගීතාවලිය 149:7-9
[7] කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්, [8] ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින්ද බඳින පිණිසත්, [9] ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

ස්තුතිදීම, ප‍්‍රශංසාව, ගීතිකා නිතරම ඔබගේ තොල්වල තබා ගත යුතුය.

ආත්මික මනුෂ්‍යයන් තුළින් ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේට ක‍්‍රීයාකිරීමට පුළුවන් තරම් අවස්ථාව දිය යුතුය. ආත්මික දේවල් සුළු කිරීමෙන් මාංසයට අවස්ථාව දෙයි.

රෝම 8:5
[5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

ආත්මික මනුෂ්‍යයා මාංසික දේට එකඟ නොවෙයි.

යෙරෙමියා 17:5
[5] ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.

ආත්මික දේ වලින් ඈත්වූ විට ශාපයක් වදින්නට පුළුවන.

හිතෝපදේශ 26:2
ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.

යම් දේ අපගේ ජීවිතයෙන් අහිමිවීමට, ප‍්‍රමාදවීමට පුළුවන.

යෙරෙමියා 17:6
ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.

මාංසයේ ගමන් කරන විට යහපත වුවද නොපෙනීමට පුළුවන.

යෙරෙමියා 17:-7-8
[7] ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. [8] මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.

ආත්මයෙන් ගමන් කරන්නාට මාංසයෙන් සිදුවන දේ, ශාපලත් දේ දැනෙන්නේ නැත. නියං කාලයට ඔයු භයවන්නේ නැත. මන්ද ස්වාමීන්වහන්සේගෙන් සියල්ල ලැබෙන බව ඔහු දන්නේය.

2 කොරින්ති 10:4-5
[4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉඳීරිපිට බලසම්පන්නය.) [5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අපගේ මනසේ දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව ඇති සියලු දේ අප කඩා බිඳ දමා නිදහස් විය යුතුය.

ආත්මික දේවලින් ඈත්වී සිටින විට සතුරා ඉබේම ඔබගේ මනස තුළ බලකොටු ඉඳීකරනු ඇත.

අපි ආත්මික මනසක් ඇතිව ආත්මයාණන්වහන්සේට කීකරුව ගමන් කරමු.


Watch the Sermon Video

Read 74 times