+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම ඔබගේ ශක්තියයි - යෝෂා මනූ
September 1, 2024 Sunday Sermon Notes

 

 ස්වාමීන්වහන්සේ තුළ අපව ධර්මිෂ්ඨ කර ඇති අතර අප පූර්ණව සිටින්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළයි.

අපට කිසි දොස්පැවරීමක්වත්, වරදට පත්කිරීමක්වත් නැත.

අපගේ පාප හා වැරදි නිසා යේසුස්වහන්සේ අප වෙනුවෙන් ලේ වගුරුවමින් මහත් පූජාවක් කළ බව අප විශ්වාස කරන්නේ නම්, අප කිසිදා වැරදි කරන්නේ නැත.

ඔබ පාපය නැවත නැවත කරන්නේනම්, ඔබ යේසුස්වහන්සේව නැවත නැවත කුරුසපත් කරණු ඇත.

දෙවියන්වහන්සේ නිතරම අප තුළ සිටිමින් උන්වහන්සේගේ වචනයෙන් අපව ශක්තිමත් කරන හෙයින්, උන්වහන්සේ උදෙසා ශුද්ධකමේ අලංකාරයෙන් ජීවත්වීමට අප තීරණය කර ගනිමු.

යාච්ඤාව ඉතා වැදගත්ය. යේසුස්වහන්සේ පැවසුවේ, මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් කියාය. (ලූක් 19:46)

යාච්ඤාවෙන් අපට බලකොටු බිඳ හෙළිය හැකිය. යාච්ඤාවෙන් ගන්නට නොහැකි දේවල් හා තත්ත්වයන්ගෙන් අපට ජය ගත හැකි වන්නේය. යාච්ඤාවෙන් දම්වැල් බන්ධන කැඩී යයි.

අප ප‍්‍රීතියෙන් ජීවත්වීම දේව කැමැත්තය.

ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම ඔබගේ ශක්තියය.

නෙහෙමියා 8:10
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

ප්‍රීතිවීමත්, ශෝකවීමත් එකවර කළ නොහැක.

අපගේ ජීවිතයෙන් ප‍්‍රීතිය සොරා ගැනීමට අශුද්ධ ආත්ම පැමිණේ, එයට ඉඩ නොදෙන්න.

අපගේ ජීවිතයේ නිතරම ප‍්‍රීතියෙන් සිටීමට තෝරාගෙන එය ජීවිත රටාවක් කරගනිමු.

ස්වාමීන්වහන්සේ සෑදූ දවසේ ප‍්‍රීතිවීම තෝරාගත යුතුය.

ප‍්‍රීතිය දී තිබෙන්නේ ශක්තිමත්ව සිටීමටය. එය ඔබගේ සුවයයි.

ඔබට ප‍්‍රීතිමත් හදවතක් තිබේනම් ඔබගේ මුහුණ පැහැපත්වේ.

ප‍්‍රීතිය අපගේ ආරක්ෂිත ස්ථානයයි, අපගේ රැකවරණයයි.

ප‍්‍රීතිය අපගේ පර්වතයයි, බලකොටුවයි.

ප‍්‍රීතිය යේසුස්වහන්සේය, යේසුස්වහන්සේ තුළ අප ජීවත්වෙමු.

ප‍්‍රීතිය ස්වාමීන්වහන්සේ තුළ සැඟවෙන ස්ථානයයි.

නෙහෙමියා අර්තක්ෂස්තා රජුගේ සේවකයෙක් ලෙසින් සිටි අයෙක්. ඔහුට යෙරුසලම ගොඩනැංවීමට මහත් ආශාවක් විය. (නෙහෙමියා 2:5)

රජුගේ අවසරය ඇතිව නෙහෙමියා පූජකයන් හා එක්ව ඉදිකිරීම් කටයුතු කරන ලදි. (නෙහෙමියා 1-7 පරිච්ඡේද)

ඉදිකිරීම් කටයුතු නිමවූ පසු සෙනඟ රැස්වූවිට එස්රා පූජකයා ව්‍යවස්ථා පොත දිගහැර කියවූයේය. සෙනඟ එය තේරුම්ගන්නා ලදි. (නෙහෙමියා 8:1-8)

මෙම පරිච්ඡේදයේ “තේරුම්ගන්නට පුළුවන්,” “තේරුම්කරදුන්නේය,” “තෝරාදුන්නේය,” “තේරුම් ගත්තෝය” යන වචන 6 වාරයක් සඳහන්වේ. (නෙහෙමියා 8:2,3,7,8,12)

වචනය අසන විට තේරුම්ගත් හෙයින් ඔවුන්ට පුදුමාකාර ප‍්‍රීතියක් ඇතිවුණි.

අසන වචනය තේරුම් නොගන්නා පිණිස එය සොරකම් කිරීමට නපුරා පැමිණෙයි. (මතෙව් 13:19, මාර්ක් 4:15, ලූක් 8:12)

වචනය අසන විට ඔබ එය වටහා නොගතහොත් නැතහොත් තේරුම් නොගතහොත් සතුරා එය පැහැරගෙන ඔබට එය අමතකවී යයි.

“මුළු සෙනඟ” යන වචනයද කීප වාරයක්ම සඳහන්වේ. (නෙහෙමියා 8:1,3,5,6,9,11,12)

ව්‍යවස්ථා පොත එනම් දෙවියන්වහන්සේගේ වචනය අප දිවා රාත‍්‍රී මෙනෙහි කළ යුතුය.

ව්‍යවස්ථා පොත කියෙව්වා පමණක් නොව, එහි අර්ථයද තෝරා දෙන ලදි.

නෙහෙමියා 8:8
මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය.

ඔබ දේව වචනය තේරුම් ගත් විට ඔබගේ ජීවිතයේ බොහෝ දේ සිදුවීමට ආරම්භවේ. තේරුම් නොගත්විට ඔබගේ ජීවිත මළානික වන්නේය.

නෙහෙමියා 8:9
අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.

වචනය තේරුම්ගත් විට සෙනඟ තමුන්ගේ වැරදි තේරුම් ගෙන හඬන ලදි.

හඬා වැලපෙන අයට පැවසුවේ, දේව අභිමුඛයේ ශෝක නොවී ප‍්‍රීතිවන්න කියාය.

නෙහෙමියා 8:10
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.

දෙවියන්වහන්සේගේ අභිමුඛයේ නිතර ඇත්තේ ප‍්‍රීතියයි. ඔබ අතින් වැරදි සිදුවී ඇත්නම් පසුතැවී වෙනස්වන්න. නැවත එම වරද නොකර ධර්මිෂ්ඨව ජීවත්වීමට තීරණ කර ගත යුතුය.

නෙහෙමියා 8:11
ලෙවීවරුද: අද දවස ශුද්ධ නිසා නිශ්ශබ්දවෙන්න; ශෝක නොවෙන්නැයි කියා මුළු සෙනඟ නිශ්චල කළෝය.

ඔවුන්ට අවශ්‍ය වූයේ මුළු සෙනඟ ප‍්‍රීතිවීමය.

ඔවුන් බොහෝ සේ ප‍්‍රීතිවිය, අතීශයින් ප‍්‍රීතිවිය.

අපගේ ජීවිතයේ ප‍්‍රීතිය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවීමක් විය යුතුය.


Watch the Sermon Video

Read 106 times