+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේට ඔබේ අනාගතය උදෙසා යහපත් සැලැස්මක් තිබේ- මනූ මැතානි
September 1, 2024 Sunday Sermon Notes

 

 අපි දිනපතා ප‍්‍රීතිමත්වෙමින් ශක්තිමත්වෙමින් ස්තූතිවන්ත හදවතකින් වෙනස් ආකාරව අපගේ අනාගතය දෙස බලමු.

වර්තමානය පෙනෙන ආකාරයෙන් අපට අපගේ අනාගතය දෙස බැලිය නොහැක.

අපගේ අනාගතය දැකිය යුත්තේ ශුද්ධ වචනය තුළින්ය.

ස්වාමීන්වහන්සේ අපගේ අනාගතය උදෙසා යහපත් දේවල් සූදානම් කර ඇත.

අපගේ අනාගතය ගැන ස්වාමීන්වහන්සේ පිළියෙළ කර තිබෙන දේ උන්වහන්සේ දන්නා සේක. වර්තමානය දෙස බලා අප සිතන්නේ අපගේ අනාගතය අඳුරුයි කියාය. එහෙත් දේව ලියවිල්ල තුළින් අපගේ අනාගතය සකස් කර ගත යුත්තේ අපමය.

යෙරෙමියා 29:11
[11] මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අප විශ්වාස කළ යුත්තේ අපගේ වර්තමානය නොව, ස්වාමීන්වහන්සේගේ සිතේ තිබෙන දේය.

දෙවියන්වහන්සේට අප ගැන තිබෙන්නේ සමාදානයේ යෝජනාය. ඒ සමාදානය නම් යොහෝවා ෂාලොම්ය. ඒ තුළ සුවය, සමාදානය, සඵලත්වය සියල්ලම ඇත.

දෙවියන්වහන්සේගේ සිතුවිලි අපගේ සිතුවිලි විය යුතුය.

අපගේ සිත අප ආරක්ෂා කර නොගතහොත්, යක්ෂයා අපගේ සිතට සිතුවිලි දමනු ඇත.

සිත ඉතා වැදගත්ය. අපගේ ශරීරය කරන්නේ මනස කියන දේය.

යක්ෂයා ක‍්‍රියා කරන්නේ අපගේ මනසටත් මාංසයටත් විරුද්ධවයි. අපගේ අතීත සිදුවීම් තුළින් පවා යක්ෂයාට මතක් කර දීමෙන් ක‍්‍රියා කළ හැකියි.

ශුද්ධාත්මයාණන්වහන්සේ උත්සාහ කරන්නේ අපගේ මනසට දෙවියන්වහන්සේගේ සිතුවිලි දමන්නටය.

ගීතාවලිය 139:17
[17] දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!

දෙවියන්වහන්සේට යහපත් සිතුවිලි ඇත. උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඒවා අපහට දෙන්නටයි. ඒවා අනර්ඝ සිතුවිලිය. සෑම කාරණාවකදීම අප ක‍්‍රියා කළ යුත්තේ දෙවියන්වහන්සේගේ සිතුවිලි අනුවය.

ඔබ දෙවියන්වහන්සේට වටිනා කෙනෙකි. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් අපව සෝදා, අපව තෝරාගෙන ඇත්තේ අපගේ ජීවිතය තුළ උන්වහන්සේගේ අගනා සිතුවිලි ක‍්‍රියා කිරීමටය.

ඔබ දෙවියන්වහන්සේගේ සිතුවිලි නොසිතා, පහත් ආකාරයෙන් සිතන්නේ නම් ඔබට කිසිදා උන්වහන්සේගේ කැමැත්ත කළ නොහැක.

යේසුස්වහන්සේ ඔබ ගැන විශාල බලාපොරොත්තුවෙන් සිටියි.

යේසුස්වහන්සේ ස්වර්ගයට ගිය පසු උන්වහන්සේ කළාවූ දේවල් හා ඊටත් වැඩි දෙවල් උන්වහන්සේගේ ගෝලයන් කරන්නට යන බව උන්වහන්සේ පැවසීය.

ශු. යොහන් 14:12, 15
[12] සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
[15] නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.

අප යේසුස්වහන්සේට ප‍්‍රේම කරනවානම් උන්වහන්සේගේ වචන රක්ෂා කළ යුතුය.

ගීතාවලිය 119:11
[11] ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

ඔබ පාපයක් කරන්නට යන විට දේව වචනයෙන් ඔබට එය පෙන්වා දෙයි. එසේනම් ඔබ දේව වචනයෙන් පිරී සිටිය යුතුය.

පාපය නොකර සිටීමට අප දේව වචනය සිතේ නිධන් කරගත යුතුයි.

දාවිත් බැත්ෂෙබා සම්බන්ධ පාපය කෙරූ විට නාතාන් අනාගතවක්තෘ පැමිණ ඔහුගේ පාපය පෙන්වා දුන් විට දාවිත් දෙවියන්වහන්සේට විරුද්ධව පවි කළ බව පිළිගන්නා ලදි.

ගීතාවලිය 51:4
[4] ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.

සැබෑ ආත්මික මනුෂ්‍යයෙක් ලෙස අප දෙවියන්වහන්සේට අපගේ ජීවිත ගැන ගණන් දිය යුතුය.

ශුද්ධකමේ අලංකාරයෙන් ජීවත්වීම අපගේ වගකීමකි.

2 සාමුවෙල් 2 පරිච්ඡේදය

ගීතාවලිය 51:6-10
[6] බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක. [7] හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි. [8] ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. [9] මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව. [10] දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.

අප ගැන දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුව වන්නේ මෙයයි.

ශු. යොහන් 14:15-16
[15] නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. [16] මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.

යේසුස්වහන්සේ තුළ වාසය කරන ආත්මයාණෝ සදහටම අප තුළ වාසය කරනු ඇත.

යේසුස්වහන්සේ කවදාවත් අපව අත්හැර යන්නේ නැත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළට පැමිණි කල අප සම්පූර්ණවේ.

ශු. යොහන් 14:17
[17] ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ නිවස ඔබගේ ආත්මයයි.

දෙවියන්වහන්සේගේ ගෘහය ඔබගේ ශරීරයයි.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක්දීම විශාල පාපකාරී ක‍්‍රියාවකි. කිසිදා උන්වහන්සේට දුක් නොදෙන්න.

එපීස 4:30
[30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

අපගේ වචන වලින්, ක‍්‍රියාවන් වලින්, සිතුවිලි වලින් ශුද්ධාත්මයාණන්ට දුක් දෙමින් ජීවත්වුවහොත් අප අපගේම ශරීර විනාශකර ගනු ඇත.

අප එකට ශුද්ධාත්මයාණන්වහන්සේත් සමඟ ගමන් කරමු.

ලෝකයේ තිබෙන සියල්ලට වඩා වටිනාම දේ ඔබ තුළ සිටින, වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේයි.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදී ජීවත්වීම ඉතාම වටිනා කාරණාවකි.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දීම යනු ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ නිවසේ වාසය කරද්දී අප අපගේ සිතින් හා ක‍්‍රියාවෙන් යක්ෂයාගේ නිවසට ගොස් වාසය කිරීම හා සමානය.

යෙසායා 63:10
[10] නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.

කැරළිගසනවා යනු දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයට යටත් නොවීමය.

එනම් අපගේ ක‍්‍රියාවලින් හා සිතුවිලිවලින් යක්ෂයාගේ පැත්තෙහි සිටීමය. සතුරාගේ කූඩාරමට ගොස් අප අපටම විරුද්ධ වීමය.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදී අප ජීවත්වෙමු.

ශු. යොහන් 14:17
[17] ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

ස්වාමීන්වහන්සේ අප තුළ නැවතී සිටින්නේ මෙය උන්වහන්සේගේ නිවස නිසයි.

ශු. යොහන් 14:18
[18] නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.

අපගේ මවත්, පියත්, සහෝදරයත් ශුද්ධාත්මයාණන්වහන්සේය. අපගේ හොඳම මිතුරාත් ශුද්ධාත්මයාණන්වහන්සේය. උන්වහන්සේ කිසිදා අපව හැර නොයයි.

1 පේතෘස් 1:13
[13] ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

මවාපෑමක් ඇති කරන්නේ අපගේ සිතය. සියල්ල කරනුයේ අපගේ සිතය. අපගේ සිත හරිගස්වා ගතහොත් ස්වාමීන්වහන්සේ සමඟ අපට ගමන් කළ හැකිය.

1 පේතෘස් 1:14-15
[14] නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්, [15] නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

අප ස්වාමීන්වහන්සේට කීකරුවී ගමන් කරමු. යක්ෂයා පොළඹවන දේ වලින් ඉවත්වෙමු. ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අප සිත පුරවා ගනිමු.

යම් දේවල් කිරීමට ආත්මයාණන්වහන්සේ ඔබව පෙළඹෙව්වත් ඔබගේ කැමැත්ත ක‍්‍රියාත්මක වන්නේ සිතෙන්ය.

හිතෝපදේශ 4:23
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබගේ සිතට සිතුවිලි පැමිණියත් ඔබ ඒවාට කීකරු නොවී ඒවා ප‍්‍රතික්ෂේප කළ යුතුය.

අපගේ කලින් හැසිරීම අනුව නොව අපව කැඳවූ තැනැන්වහන්සේගේ කැමැත්ත අනුව අපගේ හැසිරීම, කතාව, ප‍්‍රකාශනය තිබිය යුතුය.

1 පේතෘස් 1:15
[15] නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

ඔබගේ ව්‍යවාහරය, හැසිරීම සහ ඔබගේ ප්‍රකාශ ඉතා වැදගත්.

1 පේතෘස් 1:16
[16] මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

දෙවියන්වහන්සේ සියල්ල දන්නාසේක. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැකිය.

කොලොස්සි 3:1
[1] ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

අපගේ කිතුනු ගමන අප ගමන් කරන්නේ තනිව නොවේය. අප ගමන් කරනන්නේ ක‍්‍රිස්තුස්වහන්සේ සමඟය.

කොලොස්සි 3:2
[2] පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

උසස්තැන්හි තිබෙන දේ කෙරෙහි අපගේ මනස රඳවා තබා, යොමු කරමු.

උසස්තැන්හී තිබෙන දේ කවදාවත් දිරාපත්වන්නේවත්, වෙනස්වන්නේවත් නැත. දේව වචනයේ දෙවියන්වහන්සේ ලියා තිබෙන දේ කවදාවත් අඩුවන්නේවත්, වෙනස්වන්නේවත් නැත.

අප අසන දේ හා කතා කරන දේවලින් අපගේ මනසේ සෑදී ඇති බලකොටු අප කඩා බිඳ දැමිය යුතුය.

මනස වෙනස් කරගතහොත් අපගේ සිතුවිලි හා ගමන වෙනස් කර ගත හැක.

යහපත හෝ නපුර සිතට ඇතුල් කළ හැක්කේ ඔබටය. ඔබගේ සිතුවිලි පාලනය කරන්නේ ඔබයි.

හිතෝපදේශ 25:28
තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය

ඔබගේ සිත ඔබට පාලනය කරගත හැකිනම් එය මහත් දෙයකි.

2 කොරින්ති 10:3
[3] මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

ලෝකයේ සිතුවිලි සමඟ ඔබට යුද්ධයක් ඇත.

නාහූම් 2:1
[1] කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.

දේව වචනයෙන් ඔබගේ සිත පුරවා, දෙමුහත් කඩුවත්, ඇදහිල්ලේ පලිහත් ඇතිව, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැළඳ, සත්‍යතාවේ ඉඟටිය බැඳ, සමාදානයේ පාවහන් පැළඳ, ගැළවීමේ හිස්වැස්ම දමාගෙන යක්ෂයාට විරුද්ධව අප ශක්තිමත්ව සිටිය යුතුය.

අප විරුද්ධ දේ සමඟ පොරබැදිය යුතුය.

1 කොරින්ති 15:31-33
[31] සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි. [32] මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු. [33] නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.

ඔබගේ ගැළවීම තුළ ඇති යහපත් චරිතය නරක් වන්නේ වැරදි සමාගමෙන්ය.

වැරදි පුද්ගලයින් සමඟ ඔබ වැඩිපුර ගැවසෙන්නේ නම් ඔබගේ ගැළවීමේ ගුණාංග නැතිවී යයි.

ඔබ දේව දරුවෙක්, ධර්මිෂ්ඨ කෙනෙක්, ශුද්ධවන්තයෙක්, සාක්ෂිදරන්නෙක් ඔබට හොඳ අනාගතයක් ඇති බව ඔබ ඒත්තු ගන්න.

අපි පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කථා කරන්නට සිටින්නාවු වැදගත් පුද්ගලයින්ය. ඔබ රැවටිලිකාරකමට අසු නොවී නපුරු සමාගමෙන් වෙන්විය යුතුය.

1 කොරින්ති 15:34
[34] ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.

ධර්මිෂ්ඨකම යනු කිසි පාපයක් නොකළ කෙනෙක් ලෙස දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගැනීමට දෙවියන්වහන්සේ අපට කරුණාව දක්වා ඇත.

රෝම 6:1-2
[1] එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? [2] එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?

ධර්මිෂ්ඨයෙක් නම් ඔබ පව් කරන්නේ නැත.

රෝම 5:20-21
[20-21] ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.

ඔබ පාපයට මළාවූ කෙනෙක් කියා සිතින් ගණන් ගත යුතුය.

රෝම 6:1-2
[1] එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? [2] එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?

අප පව් නොකර ශක්තිමත්ව සිටිමු.

අනුග‍්‍රහය උගන්වන්නේ අභක්තිවන්තකම, ලෝකයේ තෘෂ්ණා එපා කිරීමටය.

තීතස් 2:11-12
[11] මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ. [12] අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්,

දෙවියන්වහන්සේගේ දැනගැන්මට විරුද්ධව අපගේ මසසේ බලකොටු මෙන් සෑදී තිබෙන සෑම සිතුවිල්ලක්ම අප කඩා බිඳ හෙළිය යුතුය.

2 කොරින්ති 10:4-5
[4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.) [5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

ඔබගේ සිත නරක නම් ඔබගේ හැම ක‍්‍රියාවක්ම සිතුවිල්ලක්ම නරක්වෙයි. දෙයාකාර මනසක් තිබේනම් අප ගත කරන්නේ දෙයාකාර ජීවිතයකි. දෙවියන්වහන්සේ අප උදෙසා පිළියෙළ කර ඇති යහපත් අනාගතය වැරදි සිතුවිලි නිසා නැතිකර නොගනිමු.


Watch the Sermon Video

Read 137 times