+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ලෝකයේ ප්‍රඥාවෙන් ගිලෙන්නේ නැතිව දෙවිඳුගෙන් ශක්තිය ලබාගන්න - මනූ මැතානි
September 29, 2024 Sunday Sermon Notes

 

 දෙවියන්වහන්සේ අන් අයගේ ජීවිතවලට කර ඇති දේ වලට අප උන්වහන්සේට ස්තූති කළ යුතුය.

දෙවියන්වහන්සේ අපට සුවය ලබා දී ඇත. අපව මුදවා, ගළවා ඇත. එමනිසා අප උන්වහන්සේගේ ශක්තිය කෙරෙහි විශ්වාස කරමින් ජීවත්වෙමු.

සැම විටම අපට දෙවියන්වහන්සේගේ උපකාරය ඇත. මනුෂ්‍යයන් කෙරෙහී විශ්වාසය නොතබා අපි දෙවියන්වහන්සේ කෙරෙහී මුලු විශ්වාසය තබමු.

ඕනෑම අවස්ථාවක දෙවියන්වහන්සේ අපගේ ස්වාමීන් බව විශ්වාස කරමින් අපි ගමන් කරමු.

අප සියලු දෙනාටම දෙවියන්වහන්සේගේ ශක්තිය, උපකාරය අවශ්‍යයි.

ඒදන් උයනේදී එදින සිදුවූ විශාල විනාශය අදටත් ලෝකයට බලපාමින් තිබේ.

දෙවියන්වහන්සේ සෑදු ඒදන් උයන මෙන් අදටත් ලෝකය පවතින්ට පුළුවන්ව තිබුණත් එය එසේ සිදු නොවීය. එය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇත.

නමුත් යමෙක් යේසුස්වහන්සේ වෙතට පැමිණි කල එදා පටන් එම පුද්ගලයා ජීවන වෘක්ෂයෙන් අනුභව කළ යුතුය.

සමහර විට අප ජීවන වෘක්ෂයෙන් නොව යහපත හා නපුර දැන ගැනීමේ වෘක්ෂයෙන් අනුභව කරයි.

තවමත් ගස් දෙකක් ඇත. ඒ ජීවනයේ හෝ මරණයේ ගසය.

සමහර විට යහපත හා නපුර දැනගැනීමේ ගස අලංකාරව පෙනුනත්, අප දිනපතා ඇදහිල්ලෙන් ජීවන වෘක්ෂයෙන් අනුභව කල විට, ඇදහිල්ලෙන් අපට මෙම ගමන ගමන් කිරීමට පුළුවන්කම ලැබෙයි.

අප යහපත හා නපුර කෙරෙහි විශ්වාසය තබා ඒ ඉගැන්වීම් මත, ලෝකයෙන් ලැබෙන ගුරුකම් මත ජීවත්ව සිටියහොත් සිදුවන්නේ, අපගේ ජීවිත කාලයටම කවදාවත් අපට දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීමට නොහැකිවූ, තෘප්තියක් නොලැබූ කලකිරුණු ජීවිතයක් ගත කිරීමයි.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් ගමන් කිරීම අප තෝරා ගත යුතුය.

අප නමස්කාර කරන්නේ අහස පොළොව මැවූ තැනැන්වහන්සේවයි. උන්වහන්සේට අවශ්‍යව තිබුණේ අප තුළ වාසය කිරීමටය.

යමෙක් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නම්, ඔහු නව මැවිල්ලක්ය. ඔහුගේ පරණ ජීවිතය පහවී ගොස් ඔහු අලුත්ව සිටියි. ඔහු සොයන්නේ තමගේ කාරණාවත්, යහපත හා නපුර සම්බන්ධ කාරණාවත් නොව, මැවුම්කරුගේ කාරණාය.

ඔහුගේ සම්බන්ධය ජීවනයේ මූලාශ‍්‍රය සමඟය. ඒ සම්බන්ධය තුළින් ජීවිතය ගෙන යා හැකිය. ප‍්‍රකාශනය, අදහස් වෙනස් කළ හැකිය.

කොලොස්සි 2:18-19
[18] පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී, [19] මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය වන්නෙක් නොවී, ව්‍යාජ නමස්කරවලට, බන්ධන වලට අසුවී අහංකාර මනස් වලින් ජීවත්වන්නන් දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස නොකර බාහිරව දකින, පෙනෙන, හැඟෙන දේවල් කෙරෙහි විශ්වාසය තබති.

ඔවුන් වැඩි පිරිසක් කියන දේ කෙරෙහි විශ්වාසය තබති.

එහෙත් අප දෙවියන්වහන්සේව හිසව තබා ගත යුතුය. ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුය.

සභාවේ හිස ක‍්‍රිස්තුස්වහන්සේය. අප උන්වහන්සේ කෙරෙහි බැඳී සිටිය යුතුය. උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව දේව සමාදානයෙන් අප ජීවත් විය යුතුය.

දෙවියන්වහන්සේ මාගේ මූලාශ‍්‍රයයි කියා අප මූලාශ‍්‍රයට සම්බන්ධ වී සිටිය යුතුය.

ඇදහිල්ලේ ගමන තුළ පාළුවක් දැනෙන විට අප ප‍්‍රීතිවෙමින්, ඉවසීමෙන් කටයුතු කරමින් දේව සමාදානයෙන් ගමන් කළ යුතුය.

ඔබගේ මැවුම්කරු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනඟා ගෙන ගමන් කරන්න.

අපි දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය වෙමු .

කොලොස්සි 2:4
[4] මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන පිණිසය.

සාකච්ඡා ගැන ප‍්‍රවේසම් වෙමු. සිත් ඇදගන්නා වචන වලට නොරැවටෙන්න.

කොලොස්සි 2:5
[5] මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.

අවුරුදු ගණනාවකට පෙර මෙම ලියවිලි ලියා තිබුණත් ඒවා අදටත් අපගේ ජීවිත ධෛර්යමත් කරයි, ශක්තිමත් කරයි.

අපගේ මනස් විකෘති වීමට නොයෙකුක් අදහස් සිතුවිලි දිනපතා පැමිණෙයි. ඒවා ජයගත හැක්කේ ශුද්ධ ලියවිල්ලේ ඇති මේ ජීවන වචන තුළිනි.

දේව වචනය කවදාවත් වෙනස් නොවෙයි.

ඕනෑම කෙනෙකුට දෙවියන්වහන්සේ සමඟ මූලාශ‍්‍රයට බැඳී, කිසිදා දුකට කලකිරීමට පත්නොවී, දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය වී යේසුස්වහන්සේ ස්වාමීන් බවට, උන්වහන්සේ අපගේ ගැළවුම්කරු බවත්, උන්වහන්සේ අපව මුදවා ඇති බවත්, උන්වහන්සේගේ ලේ වලින් මා මිදීම ලද්දෙක් බවත්, ඒ තැනැන්වහන්සේ අද මා තුළ වාසය කරන බවටත් ඇති ස්ථාවරයේ සිටිය හැකිය.

යමෙකුට දෙවියන්වහන්සෙස්ගේ ස්වරූපයට සමානත්වයට පත්වීමට අවශ්‍ය නම්, එදා ඒදන් උයනේදී සිදුවූ දේ නිවැරදි කර ගත යුතුය. එනම් ඒ පුද්ගලයා නව මැවිල්ලක් වීමෙන් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයෙක් විය යුතුය. උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේගේ මහිමය දකින්නට අවශ්‍යයි.

ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යම් අවස්ථාවලදී අපට දුක්විඳීමට සිදුවේ.

ඔබ කෙතරම් ශක්තිවන්තයෙක් වුවත් ස්වාමීන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය නොවන්නාවූ ක‍්‍රිස්තුස්වහන්සේ ප‍්‍රකිත්ෂේප කරන්නෙක් නම් කිසිදු ඵලක් නොමැත.

රෝම 8:15
[15] මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

අප යම් බලවේගයකට යටත්ව භයෙන් ජීවත්ව සිටියත්, දැන් අපගේ දාසකමේ ආත්මය ඉවත්ව ගොස් පුත‍්‍රකමේ ආත්මය තුළින් භය ඉවත්ව ගොස් ඇදහිල්ල හා ප‍්‍රේමය අප තුළට පැමිණ ඇත.

ප‍්‍රේමය භය දුරුකරයි.

ඇදහිල්ල ඔබට ජයග‍්‍රාහිකව ජීවත්වීමට උපකාර කරයි.

භිය, පරික්ෂාව, ප‍්‍රශ්න පැමිණියත් වර්ධනයවූ ඇදහිල්ලක් දුර්වල නොවෙයි.

හිතෝපදේශ 24:10
[10] නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

සතුරා විසින් අපට මනුෂ්‍යයා තුළින් විපත්ති ගෙනඑයි. එසේ පැමිණියා කියා අප දියවී යන හෝ ක්ලාන්ත තත්වයට පත්වන පුද්ගලයන් විය යුතු නැත. විපත්ති කාලයේදී අවශ්‍ය වන්නේ ශක්තිමත් වීමය.

හිතෝපදේශ 24:5
[5] ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.

ශක්තිය වර්ධනය වන්නේ දේවල් දැන ගැනීමෙනි.

දෙවියන්වහන්සේගේ දැනගැන්ම වාක්‍ය මත ඔබගේ විශ්වාසය තබා තිබෙනවානම් සතුරාට ඔබගේ ශක්තිය සොරකම් කළ නොහැක. විපත්ති දවසේදී ඔබ ගිලෙන්නට යන්නේ නැත.

දැනගැන්ම තැතිවුවහොත් දුක්විඳීමට සිදුවේ.

යෙසායා 5:13
[13] එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.

රැවටීමට අසුවීමෙන් එහි වහලෙක් බවට පත්වේ. කිසිවෙකුට ඔබව රැවටීමට ඉඩ නොදෙන්න.

යක්ෂයාගේ පාපිස්සක් බවට පත් නොවන්න.

යෙසායා 51:23
[23] නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.

අපි අවදි වෙන්න, නැඟිටින්න අවශ්‍යයයි.

යෙසායා 52:1
[1] සියොන්, පිබිදෙන්න,පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.

ඔබගේ අලංකාර ගැළවීමේ වස්ත‍්‍රය පැළඳගන්න.

කිතුනු ආයුධ කට්ටලය පැළඳගන්න. (එපීස 6:10-20) එවිට ඔබගේ අන්තිම හුස්ම තිබෙන තුරා දේව වචනය තුළින් ඔබ ජීවත්වෙයි.

යක්ෂයා යේසුස්වහන්සේට “මේ ගල් රොටි වෙන්ට අණ කරන්නැයි” කියු විට යේසුස්වහන්සේ යක්ෂයාගේ කීමට එකඟ නොවුණි. (මතෙව් 4:3-4)

යක්ෂයා පවසන දේට කීකරුවුවහොත් ඔබ අවසානයේ යක්ෂයාගේ පාලනයට යටත්වේ.

යේසුස්වහන්සේ පැවසුවේ මනුෂ්‍යයා ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන් බවයි. ඔබ ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන්ය.

යෝබ් 23:12
[12] උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.

දෙවියන්වහන්සේගේ තොල් වලින් පිටවෙන වචන උතුම් කොට සලකා එය අගේ කළ යුතුය.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අපට සුවය තිබේ.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අපට මේ ලෝකයේ ජීවත්වන්නේ කෙසේද කියා දැනුම ලැබේ.

යේසුස්වහන්සේ මේ ලෝකයේ ජීවත්වන කාලයේ මනුෂ්‍යයන් විසින් කොපමණ පීඩා පැමිණියත් උන්වහන්සේ ජීවත්වුණේ හිස ආකාරයටයි.
මළවුන්ගෙන් නැගිටි යේසුස්වහන්සේ අපට පවසන්නේද ඔබ අතීශයින් ජය ගත්තෙකුයි කියාය. එහෙයින් අප කිසිවකට දුක් විය යුතු නැත.

අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති අනුවය.

දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති අනුව ඔබ ගමන් කළහොත් ඉබේම ඔබගේ බලාපොරොත්තු ඉෂ්ටවීගෙන යන බව ඔබට විශ්වාස කළ හැකිය.

එයට හේතුව දෙවියන්වහන්සේ යම් පොරොන්දුවක් වූවානම් එය ඉෂ්ට කිරීමට උන්වහන්සේ විශ්වාසවන්තය. උන්වහන්සේ මනුෂ්‍යයන් මෙන් බොරු නොකියයි.

ගණන් කථාව 23:19
[19] බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

දෙවියන්වහන්සේට ප‍්‍රශංසා ස්තුතිදීමේ ගීතිකා ගායනා කිරීමට අපගේ මුඛය නිතරම පාවිච්චි කරමු.

නිතර දේව පොරොන්දු ප‍්‍රකාශ කරමින් අපගේ මුඛය බයිබලයක් හා සමානව තබා ගනිමු.

යක්ෂයා ගෙනන සිතුවිලි දේව වචනයෙන් පරාජය කරමු.

නොපෙනෙන දේ සත්‍යයයි. පෙනෙන දේ තාවකාලිකය.

ඔබට ඇසුන, පෙනුන, හැඟුන දේ තාවකාලිකය. නොපෙනෙන දේ සදහටම පවතින බව ඔබට විශ්වාස කර ගමන් කළ හැකිය.

අපගේ ආත්මිකභාවය සතුරා නැතිකරන්න උත්සාහ කරත්, ඔබගේ දැනමුතුකමෙන් ශක්තිමත් ජීවිතයක් ගත කළ යුතුය.

2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

අපට ලැබී ඇති නව ජීවනය අපට විශාල විශ්වාසයකි. අපව නව මැවිල්ලක් කළාවූ දෙවියන්වහන්සේට අන් සියලු දේද කළ හැකිය.

ගණන් කථාව 23:19
[19] බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දු ඔබට ඇත්තේ ඔබගේ නව මැවිල්ල මතය.

යේසුස්වහන්සේ තුළින් අපට දෙවියන්වහන්සේ හා සමඟ ගිවිසුමක් සාදා ඇත. එය ගිවිසුමේ භෝජනය තුළ ඇත. යේසුස්වහන්සේ පැවසුවේ මේ මාගේ ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න, මේ මාගේ රුධිරයයි එය පානය කරන්න කියාය. එය නව ගිවිසුමයි.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ රුධිරය අප වෙනුවෙන් පූජා කර ඇත. උන්වහන්සේ අපෙන් කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. අපට තිබෙන්නේ උන්වහන්සේ හා සමඟ එකසත්ව බැඳී ජීවත්වීමය.

ඔබ ගිලෙන ස්වභාවයක සිටී නම් දෙවියන්වහන්සේ ඔබව ඔසවන බව විශ්වාස කරන්න.

1 සාමුවෙල් 15:29
[29] ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.

අපගේ ශක්තිය යේසුස්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ සහ දෙවි පියාණන්වහන්සේය.

මෝසෙස් මිය ගිය පසු පැවරී තිබුණේ ඉශ‍්‍රායෙල්හි තරුණ පරම්පරාව පොරොන්දු දේශයට ගෙන යාමයි.

අපගේ ජීවිත ගමන තුළ පොරොන්දු උරුමකර ගැනීමට පරිණත කිතුනු මනුෂ්‍යන්ගේ උපකාරය සහ උපදෙස් අපට අවශ්‍යවේ.

තරුණ පරපුරට ඔවුන්ගේ ශක්තියෙන් සියල්ලම කළ නොහැක. ඔවුන්ට වැඩිහිටි පරපුරෙන්ද යමක් ඉගෙන ගැනීමට තිබේ. ඒ සඳහා ඔවුන්ගේ උපදෙස් අවශ්‍යයි.

සමාජයේ කැරලි නොගසා ජීවත්වන්නේ කෙසේද කියා කිතුනු දෙමව්පියන් දරුවන්ට කියා දෙන්ට අවශ්‍යයි.

යෝෂුවා සෙනඟට කථා කරමින් කරුණු පැහැදිලි කර දෙයි.

දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසූ කිසිදෙයක් අතහැර තිබුණේ නැත.

යෝෂුවා 23:14
[14] බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.

දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසූ සියල්ල ඉෂ්ටකර තිබුණි.

නායකයෙක් නැතිවූ විට සෙනඟ හිතුමනාපෙට ක‍්‍රියා කරමින් වැරද්දට යොමුවී සතුරාට ගොදුරුවේ.

ඉශ‍්‍රායෙල් සෙනඟද වරින් වර මෙලෙස ක‍්‍රියා කර සතුරු ආක්‍රමණ වලට අසුවූ අවස්ථාවල දෙවියන්වහන්සේ ඔවුන් ගළවා ගැනීමට නායකයන් නැඟිටුවන ලදි. (විනිශ්චයකාරයා 2:11-16)

දෙවියන්වහන්සේ බලවත් දේ කිරීමට කාන්තාවන් පවා ඔසවන ලදි. (විනිශ්චයකාරයා 4-5 පරිච්ඡේද)

දෙබෝරා බාරාක්ට සතුරන් වෙතට ගොස් පහර දෙන්නැයි පැවසූ විට ඔහු කීවේ, “නුඹ මා සමඟ යනවානම් මා යන්නෙමි. නුඹ නොයනවානම් මාත් නොයන්නෙමි” කියාය. (විනිශ්චයකාරයා 4:8)

බාරාක් දැන සිටියා දොබෝරා සමඟ ස්වාමීන්වහන්සේ සිටින බව.

ඔබගේ ජීවිතයේ දේවල් සිදුවන තුරු දේව වචනය පවසමින් ජීවත්වන්න. ස්වාමීන්වහන්සේ අපගේ එඬේරාය.

පොළොවේ කුමන දේ සිදුවුවත් ඔබ දේව රාජ්‍යයේ දරුවෙක්ය.

දෙවියන්වහන්සේ කවදාවත් අසාර්ථක වන්නේ නැත. උන්වහන්සේ සදහටම එකාකාරය.

මාගේ සපයන්නා, සුවකරන්නා, මිදුම්කරු, දෙවියන්වහන්සේ පමණය.

දෙවියන්වහන්සේ විශ්වාසවන්තය. සියල්ල තිබෙන්නේ අපගේ හදවත හා මුඛය අතරය.

ප‍්‍රීතිමත් හදවතකින් කටයුතු නොකරන කල අප දුක් සහිත දේට මඟ පාදයි.

ද්වීතීය කථාව 28:47-48
[47] සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, [48] ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ (ඉඩ හරින්නවූ) නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

යක්ෂයාට මඟ පාදා දෙන්නේ ඔබමය. එය දෙවියන්වහන්සේ කිසිවිට නොකරයි.

ඔබගේ පළමු සේවය ඔබගේ තොල් වලින් දෙවියන්වහන්සේට ස්තූති නමස්කාර කිරීමය.

දෙවියන්වහන්සේ අපව ගළවා මුදවා තිබෙන්නේ උන්වහන්සේට නමස්කාර කිරීමටය.

ක්‍රියා 17:24
[24] ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;

දෙවියන්වහන්සේට වාසය කිරීමට අපට වාසස්ථාන සෑදිය නොහැකිය.

යෙසායා 66:1
[1] ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?

දෙවියන්වහන්සේට කිසිදු අඩුවක් නොමැත. ජීවනයත්, හුස්මත්, අනෙකුත් සියල්ලමත් අපට දෙන්නේ දෙවියන්වහන්සේය.

ක්‍රියා 17:25
[25] උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.

දෙවියන්වහන්සේ උගතුන් මෙන් කථා කිරීමට අපට උගතුන්ගේ දිවක් දී ඇත.

යෙසායා 50:4
[4] විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා කිසිදා පහවී නොයයි.

1 යොහන් 2:17
[17] ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

දෙවියන්වහන්සේ ඔබට දී තිබෙන්නේ පුත‍්‍රකමේ ආත්මයක්ය. (රෝම 8:15)

යේසුස්වහන්සේ සිටින ආකාරයටම අපට මේ පොළොවේ සිටීමට දී ඇත. (1යොහන් 4:17)

යේසුස්වහන්සේගේ ප‍්‍රේමය ඒ තරම් විශාලය

සම්පූර්ණ ප‍්‍රේමය දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ ඔබ තුළ වාසය කරයි.

ඔබ තුළ සම්පූර්ණ ප‍්‍රේමය තිබෙනවානම් යේසුස්වහන්සේ සිටින ආකාරයටම ඔබ දැන් සියියි.

අපගේ විනිශ්චය දවස ගැන අපට නිසැකකමක් තිබේ. කිසිදු බියක් නැත.

ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක් කියා ශුද්ධාත්මයාණ්වහන්සේ ඔබට සහතික වෙයි. (රෝම 8:16)

ඔබ නොවටිනා කෙනෙක්, දූවිල්ලක් හා සමානයි, පණුවෙක් හා සමානයි යන ප‍්‍රකාශ කිරීම්, යාච්ඤා නොකරන්න.

අප දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය.

රෝම 8:17
[17] තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.

මනුෂ්‍යයන්ගේ ප‍්‍රකාශ වලට බිය නොවන්න.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණ කෙනෙක්ය.

කොලොස්සි 2:10
[10] සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.

ඔබ බැඳී සිටින්නේ දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය වී උන්වහන්සේගේ මූලාශ‍්‍රයටය.

කිසිවෙකුගේ සිත් ඇදගන්නා වචන වලින් ඔබව මුළා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. (කොලොස්සි 2:4)

කොලොස්සි 2:5-7
[5] මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි. [6] එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,
[7] නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මුල් ඇද, ස්ථීරව සිටිමින් නිතර උන්වහන්සේට ස්තුති දෙන්න.

කොලොස්සි 2:8
[8] ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.

ලෝකයේ දේවලට නොරැවටෙන්න, ලෝකයා කියන දේ මත ඔබගේ විශ්වාසය නොතබන්න.

ඔබගේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි පමණක් තබන්න.

කොලොස්සි 2:20-21
[20] නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව: [21] අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද?

ලෝකයේ දේවල් ඔබගේ ජීවිතයේ විශේෂ දෙයක් කර නොගෙන ලෝකයේ දේ වලින් වෙන් වන්න.

වැඩි සංඛ්‍යාවක් විශ්වාස කරන දේ අනුව නොයන්න.

කොලොස්සි 2:22-23
[22] මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ. [23] ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.

ලෝකයේ තිබෙන දේ වල කිසිදු වටිනාකමක් නැත.

අපගේ වටිනා ගැළවීම උතුම් කොට සලකා උන්වහන්සේට ඔබගේ ජීවිතයේ පළමු ස්ථානය දෙමින් ජීවත්වන්න.

ආමොස් 8:14
ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසායෙන් ක්ලාන්තවී, නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

ශක්තිමත්යැයි සිතන තරුණයන් පවා ක්ලාන්තවෙයි. නමුත් අප දෙවියන්වහන්සේ දී ඇති ඥානය තුළින් ගමන් කරමු.

දෙවියන්වහන්සේගේ වචනය පසුකර යන්න හෝ එයට සමාන කිරීමට වචනයක් අපට නොමැත.

දෙවියන්වහන්සේගේ අපට දී ඇති ගැළවීම ලෝකයේ කිසිවකට සමාන කිරීමට අපට නොහැක.

ප‍්‍රතික්ෂේප කළ යුතු දේ ප‍්‍රතික්ෂේප කරමු. මනස අවුල් කිරීමට කිසිවකට ඉඩ නොදෙමු.


Watch the Sermon Video

Read 94 times