+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ පරාජිත අතීතය අමතක කරන්න - යෝෂා මනූ
October 6, 2024 Sunday Sermon Notes

 

 අප දෙවියන්වහන්සේගේ වචනයේ බලයෙන් ජීවත්වන සෙනඟක්ය. දරුවන්ටද කුඩා කල පටන් වචනයේ බලය අප ඉගැන්විය යුතුය. එවිට ඔවුන් අනාගතයේදී ඉබේම යහපත සහ ආශීර්වාදය තෝරා ගනු ඇත.

අපගේ දරුවන් අප දෙවියන්වහන්සේගේ මාර්ග වල යොමු කිරීම ඉතා වැදගත් වේ.

දෙමාපියන් දරුවන්ට බයිබල් පොරොන්දු පද කියා දෙනවිට ඒ දරුවන්ගේ හදවත් තුළට ඒවා ඇතුල් වන්නේය.

ඒ පොරොන්දු දරුවන්ගේ හදවත් තුළට කා වැදුනාට පසු ඔවුන් ඒවා විශ්වාස කිරීමට පටන් ගනී.

ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල තැබීමට පුහුණු කරන්න.

වචනය නැමැති කුණු නොවන්නාවු බීජය ඔවුන්ගේ හදවත් තුළට ඇතුල්වීම ඉතාමත් යහපත්ය.

දවසකට එක බයිබල් කථාන්දරය බැගින් පින්තූරයක් ඔවුන්ගේ හදවතේ මැවෙන ආකරයෙන් ඔබට ඔවුන්ට ඉගැන්විය හැකිය.

ඔබ දරුවන්ට දේව වචනය කියා දෙන විට ඔවුන් වචනයෙන් පෝෂණය ලබමින් ඔවුන් වැඩිවියට පත්වන කල, ඔවුන්ට ඇදහිල්ලෙන් ජීවත්වීමට පටන් ගනී.

දෙවියන්වහන්සේගේ වචනය තුළ උන්වහන්සේ අපට නිතරම යහපත් දේ දකින්නට පුළුවන.

බයිබලයේ යෙසායා පොතේ අලංකාර පොරොන්දු ලියා ඇත. ඒවා අපට නව ගිවිසුමට යොමු කළ හැකිය.

යෙසායා 51:3
[3] මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.

සියොන් යනු ස්වාමීන්වහන්සේගේ සභාවයි. උන්වහන්සේ සිටිනා ස්ථානයයි. උන්වහන්සේගේ අභිමුඛත්වයයි.

අප නිතරම සිටින්නේ ස්වාමීන්වහන්සේගේ අභිමුඛත්වය තුළය.

අප ස්වාමීන්වහන්සේගේ අභිමුඛත්වය තුළ සිටින හෙයින් උන්වහන්සේ අපව සනසනු ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකරුන්ය. උන්වහන්සේ අප තුළ ජීවත්වන සේක.

යේසුස්වහන්සේ පැවසුවේ, ”මම ඔබ වෙත සැනසිලිකරුවෙකු එවන්නෙමි” කියාය.

සනසන්නාවූ තැනැන්වහන්සේ අප තුළය.

අද අපට ප‍්‍රශ්න, කරදර, ගැටළු, පීඩා පැමිණෙන කල, සමහර විට අප මනුෂ්‍යයන්ගෙන් සැනසිල්ල සෙවීමට උත්සාහ කරනු ඇත.

නමුත් අපව සැනසිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි.

ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරන විට ඔබව එම ප‍්‍රශ්නයෙන් පිටතට ගෙන ඒමට දෙවියන්වහන්සේට පුළුවන.
යක්ෂයා නිතරම බලා සිටින්නේ අපව කොටු කර ගැනීමටය. නමුත් දෙවියන්වහන්සේ අපව නිදහස් කරයි.

දෙවියන්වහන්සේ අපට පවසන්නේ උන්වහන්සේගේ ආශීර්වාදය තුළ සැනසිල්ලෙන් ජීවත්වන්න කියාය.

නටබුන් තැන් සනසා, යනු
කඩා කප්පල් වී ඇති ස්ථාන, දිරාපත් වී ඇති තැන්, නැතිවී නාස්ති වී ඇත්නම්, විපත්ති නිසා විනාශ වී තිබෙන්නේ නම්, ගරා වැටුණු, අබලන් වුණු තැන් සනසන්නාවූ ස්වාමීන්.

යෙසායා 43:18-19
පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

යම් දෙයක් ඔබගේ ජීවිතයේ සිදුවී තිබේනම්, වැරැද්දක් සිත් රිදීමක් කුමන හෝ දෙයක් එය නැවත සිහි නොකරන්න. එය අමතක කර දමන්න.

ඔබ එය මතකයේ තබා සිටින කාත් විෂ සහිත චක‍්‍රයක් හා සමානව යක්ෂයා යක්ෂයා එයින් ඔබගේ මනස තුළට විවධ සිතුවිලි ගෙන එමින් වධ දෙයි.

ඔබ එම පසුගිය දේ අමතක කිරීමට තීරණය කර ගත යුතුය. ඒ ගැන කල්පනා කිරීමෙන් වළකින්න.

කල්පනා කිරීමෙන් ඔබ ඒ ගැන කථා කිරීමට පටන් ගනී. සිතේ පූර්ණකමින් මුඛය කථා කරයි.

ඔබ වැරදි දේම කල්පනා කරයි නම්, ඔබ ඒ ගැන කෙදුරයි, මුමුණයි, මැසිවිලි කියයි.

දෙවියන්වහන්සේට විරුද්ධව ඔබ කථා කරයි.

ඔබ ඒ දේවලින් මිදෙන්න.
දෙවියන්වහන්සේ අප හිතනවටත්, ඉල්ලනවටත් වැඩියෙන් අපගේ ජීවිතය තුළ ක්‍රියා කරයි. (එපීස 3:20)

අප නොසිතන මොහොතක අපගේ ජීවිතයේ ජල ධාරාවක් මෙන් දෙවියන්වහන්සේට ආශීර්වාද වැස්විය හැකිය.

ඇදහිල්ලය ක්‍රියා කරන්නේ දැන්. ඔබගේ ජීවිතයේ හට ගැනීමට යන්නාවු දෙයට දැන් පටන් ඇදහිල්ලෙන් ස්තූති දීම අරඹන්න.

මනුෂ්‍යයාට කළ නොහැකි දේ දෙවියන්වහන්සේට කළ හැකිය.

උන්වහන්සේට කාන්තාරයේ මාවත් සෑදිය හැකිය. උල්පත් විවර කළ හැකිය.

පාවුලතුමා කිතුනුවන්ට නොයෙක් අයුරින් පීඩා කළ අයෙකි.

ඔහු මනුෂ්‍යයන් සිරභාරයට ගෙන ඔවුන්ට නොයෙක් වධ හිංසා කරන ලදි.

පාවුල්ගේ හැරීමෙන් පසු ඔහුට මහත් පීඩා පැපැමිණුනේය. (2 කොරින්ති 11:23-27)

ඔහුට පීඩා විදින්නට සිදුවූයේ ඔහු සුභාරංචි වචනය දේශනා කළ නිසාවෙනි.

පිලිප්පි 3:12-14
මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි. සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

පාවුල්තුමාගේ පසුගිය ජීවිතයේ ඔහු කළාවූ දේවල් වෙනස් කළ නොහැකි බව ඔහු තේරුම් ගෙන තිබුණි.

සමහර විට ඔහු කිතුනුවන්ට පීඩා කල ආකරය ගැන ඔහුගේ ඔහු මනසින් පීඩනයට පත්වෙන්නට ඇත.

යේසුස්වහන්සේගේ ලේ වලින් ඔබගේ පාපය, වැරදුණු ජීවිතය සෝදා උන්වහන්සේ ඔබට සමාව දී ඇත.

පරණ දේ මතක් කරන්නේ නැතිව යේසුස්වහන්සේ අප උදෙසා කළ දේ මතක් කරමු.

“පස්සෙන් තිබෙන දේ මතක නැති කර ඉදිරියේ තිබෙන දේ බලාගෙන ඉස්සරහට යමි” පාවුල් පැවසුවේ ඒ නිසාය.

පාවුල්තුමාගේ එල්ලය වූයේ ජයග‍්‍රහණය කරා දිවීමය.

ඔබගේ පරාජිත ජීවිතය, පරණ දේවල්, වැරදුණු තැන්, අතීතයේ පරණ සිදුවීම්, ප්‍රතික්ෂේපය, විනාශය, මරණය, අසමර්ථ වූ වතාවන්, නිෂ්ඵල තීරණ, සිත් වේදනා, අරගල, එපා කිරීම්, නින්දා, අපහාස, අත් හැර දමමු.

ඔබට මනුෂ්‍යයන් නින්දා අපහාස කර තිබෙන්ට පුළුවන්. නමුත් යේසුස්වහන්සේ ඔබ උදෙසා නින්දා අපහාස වින්ඳ බව සිහිකරන්න. එමනිසා මනුෂ්‍යයා කළ දේ ඔබ අතහැර දමන්න.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය පරිවර්ථනය කර උන්වහන්සේට පාවිච්චි කිරීමට හැකි භාජනයක් ලෙස සකසා ඇත.

වනාන්තරය ඒදන් මෙන්ද යන්නෙන් අදහස් කරන්නේ, වගාකළ නොහැකි ස්ථානයක් වල්බිම් ඉඩමක්, තනි වූ පාළුවූ තැනක්, ජන ශූන්‍ය ප්‍රදේශයක්.

දෙවියන්වහන්සේ ඒදන් උයන සාදා එහි වගකීම මනුෂ්‍යයාට භාරදෙන ලදි. (උත්පත්ති 2:15)

ආදම් සහ ඒව පව් කිරීමට ප‍්‍රථම ඔවුන්ට දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවයක් තිබුණි. ප‍්‍රිතිය, සන්තෝෂය ඔවුන්ගේ ජීවිත වල උතුරා යමින් තිබුණි.

ඔවුන් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා, වර්ණනා කරමින් සිටින්නට ඇති. ඒ දෙදෙනා තුළ කිසිදු පාපයක් නොතිබුණි. ඔවුන් තුළ කිසිදු භයක්ද තිබුණේ නැත. සැමදා සවස්වරුවේ දෙවියන්වහන්සේව ඔවුන්ව හමුවෙන්නට එම උයනට පැමිණුනේය.

ආදම් ඒව පව් කළ පසු ඔවුන්ගේ ජීවිත වලට භය පැමිණෙන ලදි. පාළුව, තනිකම ඔවුන්ට දැදැනුණේ එදායින් පසුවය.

ඔබ වැටුනොතින් ඉක්මනට නැගිටීමට තීරණය කර ගන්න.

මෝසෙස් දෙවියන්වහන්සේ තෝරා ගත් කෙනෙකි.

ඔහු කුඩා කාලයේ මිසරයේ වහල්භාවයේ සිටි සෙනඟ අතර උපදින සියලු දරුවන් මරා දැමීමට ඵාරාවෝ නියෝග කර තිබුණි.

මෝසෙස්ගේ මව තම දරුවා මරන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට ඔහුව තුන් මසක් නිවසේ සඟවා තබා ගන්නා ලදි.

පසුව ඔහුගේ මව කූඩයක් සාදා දරුවා එහි තබා නයිල් ගඟේ පන්ගස් අතර තබන ලදි. (නික්මයාම 1:21-2:5)

ඇය දරුවාගේ රැකවරණය දෙවියන්වහන්සේගේ හස්තයට භාර කරන ලදි.

ඵාරාවෝගේ දියණිය මේ දරුවා දැක අය දරුවා ගෙන රජ මාළිඟාව තුළ හදා වඩා ගන්නා ලදි. (නික්මයාම 2:6-10)

දරුවා රජ මාළිගයේ හැදුනත් ඇයගේම මව දරුවාගේ කිරිමව විය.

ඇය සමහර විට දරුවාට ඔහු හෙබ්‍රෙව් දරුවෙක් බව පවසා දෙවියන්වහන්සේගේ වචනය කියා දුන්නා විය හැක.

වැඩි වයසට පත්වූ මෝසෙස් තම සහෝදරයන් කරන බර වැඩ බලා සිටන විට මිසරයෙක් හෙබ්‍රෙව්වෙකුට ගහනවා දැක මිසරයා මරා වැල්ලේ වල දමන ලදි. (නික්මයාම 2:11-12)

පසුවදා ඔහු හෙබ්‍රෙව් මනුෂ්‍යයන් දෙදෙනෙක් රණ්ඩුවෙමින් සිටිනවා දැක ඒගැන විමසන්නට එතැනට ගිය විට ඔහු ඇසුවේ, “නුඹව අපගේ අධිපතියෙක් ලෙස පත් කළේ කවුද? මිසරයා මැරුවා සේ මාත් මරන්ට සිතන්නේද” කියාය. (නික්මයාම 2:13-14)

තමා මිසරයාට කළ දේ හෙළි වී ඇති බව දුටු මෝසෙස් එය ඵාරාවෝ දැනගෙන තමාව මරාදමයි කියා භයවී ඵාරාවෝ කෙරෙන් පලායන ලදි. (නික්මයාම 2:14-15)

මෝසෙස් මිදියන් දේශයෙහි වාසය කරමින් එහි පුජකයාගේ දියනියක් විවහා කරගන්නා ලදි. ඔහුට දරුවන් දෙදෙනෙක්ද සිටියේය. ඔහු වසර 40ක් මිදියන් පූජකයාගේ බැටළුවන් බලමින් සිටියේය. (නික්මයාම 2:16-25)

මෝසෙස් ඵාරාවෝගේ මාළිගාවේ අවුරුදු 40 ක්ද මිදියන් දේශයේ අවුරුදු 40ක්ද සිටින ලදි. මේ වන විට ඔවුගේ වයස අවුරුදු 80 කි. (නික්මයාම 7:7)

මෝසෙස් මිදියන්හි සිටි අවුරුදු 40 තුළ ඔහු කළාවු වැරැද්ද ගැන බොහෝ සිතුවිලි ඔහුට වධ දෙන්නට ඇත. ඔහු මිනියක් මැරුවා, දෙවියන්වහන්සේ ඉදිරියේ පව්කළා කියමින් දෝෂාරෝපණයෙන් ජීවත් වෙන්ට ඇති. පසු තැවි තැවී ඔහු ජීවත්වෙන්ට ඇති.

වසර 40 ක් යනු දිගු කාලයකි. සමහර විට කළාවූ වැරැද්දක් වැටහීමට අවුරුදු ගණනාවක් යනු ඇත.

නික්මයාම 3:1 මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.

පරාජිත සිතුවිලි වලින් සිටි මෝසේ සිතන්නට ඇති දෙවියන්වහන්සේට ඔහුව අමතකවී ඇතැයි කියාය. නමුත් දෙවියන්වහන්සේට ඔහුව අමතක වූයේ නැත.

උන්වහන්සේ ඇවිගෙන ගිණි පඳුරක් මාධ්‍යයෙන් මෝසෙස්ට කථා කළේය. (නික්මයාම 3:4)

දෙවියන්වහන්සේට ඔබව අමතකවී ඇත, පොරොන්දු තවම ඉෂ්ටවී නැත කියා සමහර විට ඔබත් සිතනවා විය හැකිය. දෙවියන්වහන්සේට කවදාවත් අමතක වන්නේ නැත.

දෙවියන්වහන්සේට අවුරුදු 40ක් බලා සිටියේ මෝසෙස් වෙනත් කෙනෙකුගේ බැටළු රැළවල් බලා ගන්නා ආකාරයය. ඒ කාලය තුළ දෙවියන්වහන්සේ මෝසෙස්ව පුහුණු කළේ බැටළුවන් බලා ගැනීමටය.

දෙවියන්වහන්සේට අවශ්‍යවූයේ ඊළඟ අවුරුදු 40 තුළ සෙනඟක් ඔහුට බලාගැනීමට භාරදීමටය.

ඔහු වෙන කෙනෙකුගේ බැටළු රැළක් හොඳින් බලා ගත් හෙයින් දෙවියන්වහන්සේ දැන සිටියා උන්වහන්සේගේ සෙනඟ භාරදීමට ඔහු දැන් සුදුසු බව.

මෝසෙස් ඔහුට ඵාරාවෝ ඉදිරියට යන්නට පැවසූ නමුත් ඔහු යාමට නොහැකි බව පවසමින් බොහෝ නිදහසට කරුණු පවසන ලදි.

ඔහු මිසරයේ රජ මාළිගයේ හැදී හොඳ අධ්‍යාපනයක් ලබා සිටියත්, මේ අවස්ථාවේ ඔහු සිතුවේ ඔහුගේ ප‍්‍රඥාව, හැකියාවන්, දක්ෂතා සියල්ල ඔහුට නැතිවී ඇතැයි කියාය. ඔහු පැවසුවේ “මට බෑ” කියාය.

දෙවියන්වහන්සේ පැවසුවේ, මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ උන්වහන්සේ බවය. ඔහුට පැවසිය යුතු දේ උන්වහන්සේ උගන්වන බවය. (නික්මයාම 4:10-13)

දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ ඔහුගේ සහයට ඔහුගේ සහෝදරවූ ආරොන් දෙන බවය. එමෙන්ම බැටළුයන් බලා ගැනීමට ඔහු පාවිච්චි කළ සැරයැටිය ඵාරාවෝ ඉදිරියේ හාස්කම් කිරීමට උන්වහන්සේ පාවිච්චි කරන බවය. (නික්මයාම 4:14-17)

දෙවියන්වහන්සේ පාවිච්චි කරන්න පටන් ගත්විට ඔබ සමහර විට සිතනවා “ස්වාමිනි, මම කව්ද? මගේ අතේ තිබෙන දේවල් මොනවද?” කියාය. නමුත් දෙවියන්වහන්සේට ඒ සියල්ල වෙනසක් කළ හැකිය.

සියලු දෙනාම ඔබව අතහැර, සියලු දේම නැතිවූ ස්ථානයක ඔබ සිටියත්, දෙවියන්වහන්සේට ඔබව නැගිටුවන්නට හැකිය.

දෙවියන්වහන්සේ ඔබව නැගිටුවනවා ඇත, එහෙත් ඔබ නැගිටින්නට තීරණය කළ යුතුයි.


Watch the Sermon Video

Read 125 times