+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙව් ප්‍රීතිය කෙරෙහි ඔබේ සිත යොමු කරන්න - යෝෂා මනූ
October 20, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේව සොයන්නන්ට අනිවාර්යයෙන්ම උන්වහන්සේව සම්බවෙනු ඇත.

යෙරෙමියා 33:03
මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

ඔබට ප‍්‍රකාශවන්න කියා ඔබ දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න.

අහස පොළොව මේ විශ්වය මැව්වාවූ දෙවිකෙනෙකු ඇත. උන්වහන්සේ සියලු දේ නිසියාකාරව ක‍්‍රියාත්මකවෙන්ට සලස්වා ඇත.

දෙවියන්වහන්සේ ඔබ නොදන්නාවූ දේ උගන්වා ඔබ යායුතු මාර්ගය පෙන්වා දෙනු ඇත.

දෙව් ප‍්‍රීතිය කෙරෙහි ඔබගේ සිත යොමුකිරීම ඉතාම වැදගත්ය.

දෙව් ප‍්‍රීතිය අපගේ ශක්තියයි.

දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමෙන් අපට ප‍්‍රීතිවිය හැකිය.

දෙවියන්වහන්සේ පවසන්නේ ප‍්‍රීතිය අපගේ ජීවන රටාවක් කරගන්නා ලෙසය.

ශෝකය, දුක, අසුභ ආරංචි, නරක පුවත් අප පැකිලීමට පත් කරන කාරණා ජීවිතයට පැමිණියත් අප ප‍්‍රීතියෙන් සිටිය යුතුය.

පැමිණෙන දුක, ශෝකය ස්වල්පකාලයකට පමණි.
ඔබ වැටුණු ස්ථානයෙන් ඉක්මනින් නැඟී සිටින්න. පරාජිතය බාර නොගන්න.

දෙව් ප‍්‍රීතිය කෙරෙහි අප සිත යොමුකරමු. අපගේ ප‍්‍රීතිය නම් යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් කළාවූ දේවල් හා කරන්නට යන්නාවූ දේවල් අප දකින්නට යනු ඇත.

යේසුස්වහන්සේ මේ පොළොවට නොපැමිණියානම් අප තවමත් ගැළවීමක් නොමැති පව්කරුවන්ය. නමුත් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට මෙළොවට එවමින් අපව ගළවා මුදවා ගත්හ.

යෙරෙමියා 15:16
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

ස්වාමීන්වහන්සේගේ වචනය කියවන විට, මෙනෙහිකරන විට, වචනය සමඟ කාලය ගත කරන විට උන්වහන්සේගේ පොරොන්දු අපට සම්බවේ.

දෙවියන්වහන්සේට උන්වහන්සේගේ වචනය තුළින් අපට කථා කළ හැකිය. අප එය සෙවීමට දේව වචනය සමඟ කාලය ගත කළ යුතුය. ඔබ උදෙසා එය භාර්යාව, ස්වාමිපුරුෂයා හෝ දරුවන් සොයා ඵලක් නොමැත. ඔබ වෙනුවෙන් ඔබම එය සෙවිය යුතුය.

වචනය කියවා එය සෙවීමෙන් ඔබට එළිදරව්වීම් ලබා ගත හැකිය.

දේව වචනයේ සඳහන් සියලු දේ වැදගත්ය. ඒවා සඳහන් කර ඇත්තේ අපගේ දැනගැන්ම උදෙසාය.

එයට අමතරව බයිබලයෙහි පොරොන්දු සඳහන්ව ඇත. ඔබ එය කියවන විට ඔබට ඒවා සම්බවේ. එවිට එය ඔබට මහත් ප‍්‍රීතියක් ගෙන දෙයි.

දීමනාවක්, ත්‍යාගයක් ලෙසින් දෙවියන්වහන්සේගේ වචනය උන්වහන්සේ අපට දී ඇත.

දෙවියන්වහන්සේ සේනාවල ස්වාමීන්වහන්සේය උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනු ඇත.

වචනය මෙනෙහිකිරීම භාවනාවක් වැනිය. එලෙස කිරීමෙන් වචනය ඔබගේ මනසෙහි තැන්පත්වේ.

ඔබ තනිව සිටින විට දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔබට සහනයේ වචනයක් ලබා දෙන ලෙස උන්වහන්සේගේ ඉල්ලා සිටින්න.

අපට සැනසිල්ල ලබා දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි.

යේසුස්වහන්සේ තම කුරුසපත්වීම හා ඉකුත්ව යාම ගැන පැවසු විට ඉන් ශෝකයට පත්වූ ගෝලයන්ට සැනසීමේ වදන් පැවසීය. (යොහන් 16:20-22)

යොහන් 16:22
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ සිත තුළ තිබෙන ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

දේව වචනයෙන් ඔබට ලැබෙන ප‍්‍රීතිය කිසිවෙකුට සොරකම් කිරීමට නුපුළුවන.

දේව වචනයේ සඳහන් පොරොන්දු කිසිදා පහව නොයයි. (1 පේතෘස් 1:24-25)

ඒවා ස්ථිරව ස්වර්ගයෙහි පිහිටා ඇත.

යේසුස්වහන්සේ තම දේවත්වය, තේජසේ මහිමය අතහැර මේ පොළොවට මනුෂ්‍යයාකාරව පැමිණ, තම කාර්යය නිසියාකාරවම ඉටුකර නැවත පියාණන්වහන්සේගේ සිංහාසනයෙහි දකුණු පැත්තෙහි වැඩහුන්සේක. (පිලිප්පි 2:5-11)

හෙබ්‍රෙව් 12:1
[1] එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

සියලු බර හා පහසුවෙන් අපව හසුකරන්නාවු පාපය දෙවියන්වහන්සේගෙන් අපව ඈත් කරන්නාවු කරුණකි.

ලෝකයෙන් එන්නාවු දේවලින්, මනුෂ්‍යයන් පවසන වචන වලින් සමහර විට මේ ජීවිත ගමන අපට බරක් විය හැකිය.

නැතහොත් ලෞකික දෙයකින් හෝ තෘෂ්ණාවකින් හෝ පාපය අප තුළට පැමිණිය හැකිය.

දෙවියන්වහන්සේ පවසන්නේ මේ කාරණා දෙක අපගේ ජීවිතෙන් සම්පූර්ණයෙන් අහක් කළහොත් අපට ඉදිරි ගමන යා හැකි බවය.

අපට තිබෙන්නේ දිවීමක්ය. එහි විපාකය මෙනෙහි කරමින් අප ඉදිරියේ තිබෙන මේ දිවීම අප ඉවසිල්ලෙන් දිවිය යුතුය.

දුවන පිණිස මාර්ගය දැනටමත් අප ඉදිරියේ සලකුණු කර ඇත. අප එය අවසානය දක්වා දිවිය යුතුය.

සෑම බීජයකටම පැලයක් ලෙස එළියට පැමිණ ගසක් ලෙස ඵලදරන්නට කාලයක් ගතවෙනු ඇත.

ඒ ආකාරයෙන් දේව වචනයෙන් අපගේ ජීවිතේ අපගේ අභ්‍යන්තරය අපගේ මනස වෙනස්කිරීමට අප කාලය දිය යුතුයි

හෙබ්‍රෙව් 11 සඳහන් ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් අපගේ මේ දිවීමට මහත් ධෛර්යකි.

සියලු බර අහක දමා යන්නෙන් අර්ථවත් වන්නේ බාධාවක්.
බාධාවක් ලෙස තිබෙන දෙයක්, ශරීරයේ ඉදිමුමක්, තුවාලයක්, ගල් (bandage) වෙළුම් පටියක් බැඳගෙන, ශාරීරික දුර්වලකමක් තිබෙනවා නම්, අපට දුවන්නට නොහැකිය. සිත් වේදනා, පැකිළීමේ කාරණා, ශාරීරික වේදනා සියල්ල ඉවත්කළ යුතුයි. පිටස්තරයෙන් තිබෙන බාධා සියල්ල ඇදහිල්ලෙන් ජය ගත යුතුය.

පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමන්න. අභ්‍යන්තරයේ තිබෙන දෙයක් පිටතට නොපෙනේ. හදවත තුළ, මනසෙහි රැඳී තිබෙන දෙයක් පිටතට නොපෙනේ.

පාපයක් වරදක්, අමනාපයක්, හිත් වේදනාවක් මානසික පීඩනයක්, ආතතිය වෙන්නට පුලුවන්. ඒ සියල්ලෙන් ඉවත් කරන්නට අදිටන් කර ගනිමු.

පාපය දෙවියන්වහන්සේගේ අණපනත් වලට විරුද්ධව කරන දෙයක් නිසා ඒක අපව උගුලකට දමා හසුකරනවා හා සමාන විය හැකියි.

අපගේ පාපය වෙනුවෙන් යේසුස්වහන්සේ මිලයක් ගෙවා ඇත. උන්වහන්සේ පැමිණියේ අපව පව්කාර කමින් ගැළවීමටය.

අපගේ පාපිෂ්ඨ ස්වභාවයෙන් දෙවියන්වහන්සේ අපව වෙනස් කර ඇත. නැවත වාරයක් එයට අසුනොවි සිටිමු.

පාපයේ උගුලෙන් නිදහස්වී ඇති අප ඒ නිදහස්කම තුළ ජීවත්වීමට තීරණය කර ගනිමු.

මනුෂ්‍යයා ගන්න තීරණ වලින් නිදහස්කම ලැබේ. (හිතෝපදේශ 23:7)

ඔබගේ මනස යොමුකරන දෙයින් ඔබට යහපත සිදුවේ.

යේසුස්වහන්සේ පීඩා ජයගත් ආකාරය අප ආදර්ශයක් කොට ගනිමු.

[2] උන්වහන්සේ [යේසුස්වහන්සේ] වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත් සේක.

අපි ස්වභාවික ක්ෂේත්‍රයෙන් ඉවතට හැරී අපගේ අවධානය සහ අපේක්ෂාව අප තුළ විශ්වාසය ඇති කළ සහ ඇදහිල්ලේ සම්පූර්ණත්වය කරා අපව ඉදිරියට ගෙන යන ‍යේසුස්වහන්සේ වෙත යොමු කරමු.

උන්වහන්සේගේ ආදර්ශය මෙයයි: ඔබ උන්වහන්සේගේ බව දැනගැනීමේ ප්‍රීතිය (අපගේ ගැළවීම) කෙරෙහි උන්වහන්සේගේ සිත යොමු වූ නිසා, උන්වහන්සේ කුරුසියේ වේදනාව විඳදරාගෙන, එහි නින්දාව ජයගෙන, දැන් දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ උසස් ලෙස වාඩි වී සිටී!

තම ක‍්‍රියාව සම්පූර්ණ කරන තුරු යේසුස්වහන්සේට දරා ගැනීමට දේවල් තිබුණි.

කුරුසිය, ලැජ්ජාව, වේදනාව, තුවාල, නින්දාව මේ සෑම දෙයක්ම යේසුස්වහන්සේ දරාගන්නා ලදි.

යේසුස්වහන්සේ මේ සියල්ල දරාගත්තේ ප‍්‍රීතිය තුළිනි. මේ ප‍්‍රීතිය ඔබගේ ගැළවීමේ ප‍්‍රීතියයි.

යේසුස්වහන්සේ දුටුවේ අපගේ මිදීමේ ප‍්‍රීතියයි. අපගේ ලෙඩ රෝගයෙන් සුවයයි. අපගේ ජයග‍්‍රාහී ජීවිතයයි.

යේසුස්වහන්සේ එල්ල කරනු ලැබුවේ අපගේ ගැළවීම, නිදහස, පියාණන් සමඟ සබඳතාවය, සදාකාල ජීවනය, සදාකාල ප්‍රේමයේ ගිවිසුම, ජයග්‍රහණය, දෙවියන්වහන්සේගේ උරුමයේ පංගුකාරයින් කළා, දෙවියන්වහන්සේගේම සන්තක සෙනඟ කළා.

යේසුස්වහන්සේ එල්ල කරපු දෙයට එනම් අපට ලැබුණාවු ගැළවීම, මිදීම, සුවය, ජයග‍්‍රහණය උදෙසා අප ස්තුති පුදකරමු.

ඒදන් උයනේදී ආදම් අහිමිකරගත් දෙවියන් වහන්සේගේ සමීප සම්බන්ධකම යේසු්වහන්සේ නැවත පිහිටුවන ලදි.

ඒදන් උයනේදී මුලින්ම ආදම් නිදහස්කමින් ජීවත්වුවත් පාපය කළායින් පසු ඔවුන්ට භය පැමිණෙන ලදි. (උත්පත්ති 3:8-10)

යේසුස්වහන්සේ මනුෂ්‍යයාව භයාදුකමෙන් නිදහස් කරන ලදි.

යේසුස්වහන්සේ මනුෂ්‍යයාව යක්ෂයාගේ වහල්භාවයෙන් නිදහස් කරන ලදි.

හෙබ්‍රෙව් 2:14-15
14 එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, 15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

දෙවියන්වහන්සේට අවශ්‍යවූයේ උන්වහන්සේගේ දරුවන් “අබ්බා පියාණනී” කියා නැවත උන්වහන්සේ හා සබඳතාවය ගොඩනඟාගැනීමය.

මේ සියල්ලක්ම කළේ උන්වහන්සේ අපේ දුරවලභාවය, අසමර්තකම්, දෙස බලමින් නොවේ.

පැමිණෙන කරදර ප‍්‍රශ්න වලදී නොවැටී ඔබ නැගිටීමට තීරණයක් ගත කරගත යුතුය.

අපි මේ දිවීම දුවමින් ඉදිරියට යමු.


Watch the Sermon Video

Read 94 times