+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බොරු සේවාවන්ගෙන් ප‍්‍රවේසම් වන්න - මනූ මැතානි
October 20, 2024 Sunday Sermon Notes

 

 කුඩා කුඩා දේවලින් අප දුක්වී, කලකිරීමට පත්වී වැරදි තීරණ ගන්නට පුළුවන.

ඔබව කලකිරීමට පත් කිරීමට කුඩා සිතුවිල්ලකට වුවද පුළුවන. එම නිසා ඔබගේ ජීවිතය විනාශ කිරීමට කුඩා දෙයකටවත් ඉඩ නොදෙන්න.

අපගේ ජීවිතයට මහත්වූ දේ කරාවූ යේසුස්වහන්සේව සුළු නොකර අප උන්වහන්සේ අනුව ගමන් කරමු.

ඔබව පාලනය කිරීමට සිතුවිලිවලට ඉඩ නොදෙන්න.
දිනපතා බොහෝ සිතුවිලි අපට පැමිණිය හැකිය. නමුත් ඒ සිතුවිලි වලට අනුව තීරණ ගැනීමට ඉක්මන් නොවන්න.

බොරුවේ පියා උත්සාහ කරන්නේ අපව වියවුලට පත්කරමින් සිතුවිලි වලින් නොමඟ යැවීමටය.

ඔබ තීරණයක් ගැනීමට පෙර ඔබ තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට තීරණ ගත යුතුය.

කුඩා සිතුවිල්ලකින් ඔබ ගන්නාවු තීරණයක් නිසා ඔබත්, ඔබගේ පවුලේ අයත් විශාල විනාශයකට පත්විය හැකිය.

1 පේතෘස් 1:13
ඉන්නිසා නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

අපගේ මනස ගර්භාශයක් හා සමානය. කුඩා සිතුවිල්ලක් ඇතුල්වූ විට දිනෙන් දින එය වර්ධනයවීමට පටන් ගනී.

එයට විරුද්ධ වීමට ඔබට කළ හැකි වන්නේ ඔබගේ සිත ස්වාමීන්වහන්සේගේ වචනයෙන් සම්පූර්ණයෙන්ම අලුත් කර ගැනීමය.

ඔබගේ සිතට වැරදි බීජයක් ඇතුල්වූ සැනින් වර්ධනය වීමට පෙර, එය මරා දැමිය යුතුය. එම සිතුවිල්ලේ සත්‍ය අසත්‍යභාවය හා එය ඔබගේ ජීවිතයට පැමිණියේ කුමක් සඳහාද කියා ඔබ සොයා බැලිය යුතුය.

ඔබට වැරදි සිතුවිලි පැමිණෙන විට ඒවා පහකළ හැකි වන්නේ දේව වචනයෙන් ඔබගේ මනස අලුත්වැඩියා කර ගැනීමෙනි. එවිට එය බොරුවක්ද ඇත්තක්ද කියා ඔබට දැනගත හැකිය.

ඔබ තුළ සිටින ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට කථා කරනු ඇත. අපගේ කරදර ශුද්ධාත්මයාණන් වහන්සේට භාර දෙන කල උන්වහන්සේ අප ගැන සලකන සේක.

අපගේ මැවුම්කරුන් අප ගැන සෝදිසියෙන් සිටින බව, අපගේ සිත ගැන දන්නා බව අප මනසේ තබා ගත යුතුය.

තීරණ ගැනීමට ඉක්මන් නොවන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් හිඟකමට නැතහොත් විශාල විනාශයකට පත්විය හැකිය.

අප හරි දේ තෝරා බේරා දේව වචනය අනුව යහපත් දේ වටහා ගෙන හොඳ තීරණ ගත යුතුය.

සමහර අය සුභාරංචි වචනය ප‍්‍රචාරය කිරීමේ අදහස, චේතනාව වෙනත් දෙයක් විය හැකිය.

මීකා 3:11
එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.

අල්ලස්, දීමනා උදෙසා විනිශ්චය කරන අයද, මුදලට ඉගැන්වීම් කරන්නාවු අයද සිටිති. එය ඔවුන් ජීවත්වෙන්නට සොයාගෙන ඇති ජීවන රටාවයි. ඒ අයට නොරැවටෙමු.

මුදලට අනාගතවාක්‍යය කියන අයද සිටිති. ඔයුන් අනාගතවාක්‍යය පවසන්නේ ඔබ දෙන්නාවූ මුදලේ වටිනාකම හැටියටය.

ඔබට එයින් කෙටි කාලීන සහනයක් ලැබිය හැකිය. නමුත් ඔවුන් එය කරන්නේ මුදල් මුල්කරගෙනය.

මෙවැනි අය ඉදිරියේ අප අවදිව සිටිය යුතු බවට බයිබලයේ සඳහන්ව ඇත. (මතෙව් 24:4-5, 11)

ඔවුන් පවසන්නේ ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටිනවා කියාය.

ඔවුන් සිතන්නේ මුදලට සියල්ල කළ හැකි බවය.

එවැනි කරණු එදා අතීතියෙත්, අද වර්තමානයෙත්, හෙට අනාගතයෙත් තිබෙනු ඇත.

හරි දේ තේරුම් ගැනීමට ඔබ ආත්මිකව වර්ධනයවී සිටිය යුතුය.

දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය එතැනයි මෙතැනයි ඔවුන් කියනු ඇත. (මතෙව් 24:23-24)

ඔවුන් පවසන්නේ, ඔබට විපත්ති පැමිණෙන්නේ නැත කියාය.

නමුත් කලකදී ඔවුන් අයාලයේ යති.

ඔබ දෙවියන්වහන්සේගේ වචනයෙහි ස්ථීරව පවතින්නේ නම් ඔබ සිටිz බොරු අනාගතවක්තෘන් ඔවුන් ගැන විශාල ලෙස කථා කරති. නමුත් ඔවුන්ට අවාසිවන බයිබල් පද උපුටා නොදක්වයි. මන්ද එවිට ඔවුන්ට ලැබෙන මුදල් අඩුවන නිසාවෙනි.

අප මෝඩ ලෙස ජීවත්වෙමින්, පවතින රැල්ල අනුව ගමන් නොකර, හැමෝම කියන පරිදි විශාල සෙනඟක්, ප‍්‍රසිද්ධ පුද්ගලයන් පැමිණෙන ස්ථාන වලට නොව, හරි දේ ඉගෙන ගෙන ඒ අනුව ගමන් කළ යුතුය.

අද බොහෝ දෙනා හඹා යන්නේ මුදල් පසුපසය. විනිශ්චයකාරයන්, පූජකයන්, අනාගතවක්තෘන් යන සියල්ලන්ම ක‍්‍රියා කරනුයේ දේව බලයට අනුව නොව, මුදල්වල තිබෙන බලය අනුවයි.

ඔවුන්ට රැවටී ඔබගේ පවුල් ජීවිතයට, දූ දරුවන්ගේ අනාගතයට එය බලපෑමක් කර නොගන්න.

යේසුස්වහන්සේව අපගේ උදාහරණය කරගනිමින් අප වචනය සමඟ ගමන් කරමු.

පාවුල් සහ පේතෘස් තමුන්ගේ ජීවිතවලින් අපට හොඳ ආදර්ශ පෙන්වා දුන්හ. ඔවුන් මනුෂ්‍යයන්ගේ වැඳ නමස්කාර ප‍්‍රතික්ෂේප කරන ලදි.

සෙනඟ පාවුල් හා බර්ණබස්ට දෙවිවරු සේ සලකා නමස්කාර කරන්ට ගිය විට ඔවුන් එය ප‍්‍රතික්ෂේප කරමින් පැවසුවේ “අපද නුඹලා සමාන ගතිඇති මනුෂ්‍යයෝය” කියාය. (ක‍්‍රියා 14:11-15)

අද සිටින බොරු අනාගතවක්තෘන් තමුන්ට ප‍්‍රශංසාව, නමස්කාරය ලබා ගැනීමට කැමතිය.

ඒ තුළින් ඔවුන් මිනිසුන්ව තමන්ටම වෙන්කර තබා ගනිති.

එළිදරව් පොතේ පර්ගමම් සභාවේද මෙයාකාර නිකලොයිතියන්ගේ ඉගැන්වීම් දරන්නන් සිටින ලදි. (එළිදරව් 2:15)

ඔහු පූජකයන් උසස්, සෙනඟ පහත් මට්ටමක අය ලෙසින් පූජකයන් හා ඇදහිලිවන්තයන් වෙන් කිරීමේ ඉගැන්වීමක් කරන ලදි.

අප සියල්ලන්ම දෙවියන් වහන්සේගේ බැටළුවන්ය. කිසිවෙක් විශේෂිත නැත.

මේ බැටළුවන් අතරින් දෙවියන්වහන්සේ පස් ආකාර සේවයක් තෝරා ඇත. (එපීස 4:12)

ඒ නායකත්වය උන්වහන්සේ පිහිටුවා ඇත්තේ තමන්ගේ සෙනඟට පෝෂණය ගෙන දෙන පිණිසයි.

ඔවුන් කළ යුත්තේ සෙනඟ වින්දනයට පත් කිරීම නොව, පෝෂණය ලබා දීමයි.

උතුම්ම අනාගතවක්තෘ කෙනෙකු ලෙස බයිබලයේ පරණ ගිවිසුමේ අන්තිමට ඉපදුනේ යොහන් බව්තිස්තය. ඔහු යේසුස්වහන්සේගේ ඊම ගැන මනුෂ්‍යයන්ට පැහැදිලිකර දුන් කෙනාය.

ශු. මතෙව් 11:11
[11] සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.

යොහන් බව්තීස්තට යේසුස්වහන්සේට නෑකමක්ද තිබුණි. නමුත් ඊට වැඩියෙන් ඔහුට යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ඊම ගැන මනුෂ්‍යයන්ට කථා කිරීමට කැඳවීමක් තිබුණි.

යොහන් බව්තීස්ත පැවසුවේ, ඔහු වතුරෙන් බව්තීස්ත කරන බවත් ඔහුට පසුව එන තැනැන්වහන්සේ ශුද්ධාත්මෙන්ද ගින්නෙන්ද බව්තීස්ම කරන බවත්ය. (මතෙව් 3:11)

එයින් වතුර බව්තීස්මය අවලංගු වන බවක් පවසන්නේ නැත.

සමහරෙක් යොහන් බව්තීස්තගේ මෙම ප‍්‍රකාශය අල්ලාගෙන වතුර බව්තීස්මය අවශ්‍ය නැත අපට ශුද්ධාත්ම බව්තීස්මය්ස් පමණක් සෑහේයැයි පවසති.

එසේ නොවෙයි පේතෘස්, යොහන්, පාවුල් දේශනා කළ සෑම අවස්ථාවක ඒ අය වතුර බව්තීස්මය කළ බව බයිබලයේ ක‍්‍රියා පොතේ පැහැදිලිව පෙන්වා ඇත. (ක‍්‍රියා 2:38, 8:16, 36-38, 9:19, 10:47-48, 16:33, 18:8)

යේසුස්වහන්සේගේ ලේ වලින් ගැළවීම ලබා සිටින්නා මේ උතුම්වූ අනාගතවක්තෘ යොහන් බව්තීස්තට වඩා උතුම්ය. මන්ද ඔහුන් දෙවියන්වහන්සේගේ වචනයෙන් නැවත ඉපදී සිටින අයය. ඔවුන් ශුද්ධාත්මෙන් බව්තීස්මය ලබා ඇත.

ආබ‍්‍රහම්, එලියා, එලීෂා, යෙසායා, යෙරමියා, දාවිත් වැනි පරණ ගිවිසුමේ සිටි සියලු අනාගතවක්තෘන් අතරින් අන්තිම අනාගතවක්තෘවූ යොහන් බව්තීස්ත උතුම්මවූ අනාගතවක්තෘ විය.

ඊටත් වඩා ඔබ උතුම්ය. මන්ද ඔබ තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ වාසය කරන්නේය.

ඔබට යමෙක් අනාගතවාක්‍යයක් කියු විට ඔබ ඊට නොරැවටී ශුද්ධාත්මයාණන්වහන්සේ එය අනුමත කරනවාද කියා විමසා බැලිය යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ඔබට හරි දේ දැන ගත හැකිය. එමනිසා බොරු අනාගතවාක්‍යයය වලට නොරැවටෙන්න වග බලා ගමු.

විශාල සතුටක් ගෙන දෙන අනාගතවාක්‍ය පැමිණියත් හදවතට සමාදානයක් ගෙන නොදෙන්නේ නම් එය පිළි නොගන්න.

පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අනාගතවක්තෘන්, පූජකයන් තුළින් කථා කළත් රජවරුන් තුළින් පාලනය කළත්, නව ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අපට පුත‍්‍රකමේ ආත්මය දී ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරයි. දේව වචනය අපට දී තිබේ. ඉන් අපට බොහෝ දේ වටහා ගැනීමටත් සොයාගැනීමටත් පුළුවන්කම ඇත.

සෑම ආත්මයක්ම විශ්වාස නොකරන ලෙස බයිබලයේ පවසයි. (1යොහන් 4:1)

බොරු අනාගතවක්තෘන් බොහෝමයක් ලෝකයේ සිටිති. මේ අය හරි ඉගැන්වීම් දෙන්නට පුළුවන. මන්ද වචනයේ පිටපතක් ගෙන ඔවුන්ට දේශනාකිරීමට පුළුවන. නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඒ තුළ නැත.ඔවුන් තුළ ඇත්තේ බොරු ආත්මය‍යි.

අප හරියාකාරව වටහාගෙන ජීවිත ගමන ගොඩනගාගෙන නොරැවටී සිටිමු.

මේ අයගේ වචන අසන්නන් කාලයක් යෑමේදී ඔවුන් පැවසූ දේ ඉටු නොවු නිසා කලකිරීමට පත්වේ. ආත්මයාණන්වහන්සේට දුක් දෙමින් ඔබ ඒ බොරු වචන පිළිගෙන ජීවත්වූ නිසා අවසානයේ ඔබට කිසිදු දෙයක් නොමැත. අවසානයේදී ඔබට වැටහෙයි එය වංචා සහිත දෙයක් බව. එවැනි තත්වයකට ඔබ පත් නොවන්න.

බොහෝ අය රැවටී සිටියත් ඔබ, ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් හරි දේ තේරුම් ගෙන මේ අයගෙන් ගැළවී සිටින්න.

පේතෘස් මේ ගැන සඳහන් කර ඇත.

2 පේත්‍රැස් 2:1
නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.

අපව ගළවාගත් තැනැන්වහන්සේ ගැන කථා නොකර තමාව ඔසවා ගන්නාවු බොරු ගුරුවරුන්ද සිටිති.

මාර්ගය සකස්කරන්නාත්, හාස්කම් කරන්නාත්, සුවකරන්නාත්, අපගේ ආලෝකයත් යේසුස්වහන්සේ බව පැවසීම ඔවුන් ප‍්‍රතික්ෂේප කරයි.

ඔවුන් පවසන්නේ, මාර්ගය සාදන්නේ ඔවුන්, එමෙන්ම ඔවුන් ආලෝකය බවද, හාස්කම් කරන්නේද ඔවුන් යැයි කියා සිටී. මේ නිසා ඔවුන් මූලාශ‍්‍රයෙන් වෙන්වී කටයුතු කරයි.

නමුත් යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ නොමැතිව අපට කිසිවක් කළ නොහැකි බවය.

ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් වෙන්ව අපට කිසිවක් කළ නොහැකිය.

යොහන් 15:5
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

අප දෙවියන්වහන්සේගෙන් වෙන්ව ඔසවා කටයුතු නොකළ යුතුය.

යේසුස්වහන්සේගේ මූලාශ‍්‍රයෙන් වෙන්ව, “අප තමයි හාස්කම් කරන්නේ, අපටයි ගෞරවය ලැබිය යුත්තේ, අප විශේෂ දීමනා තිබෙන්නාවු අයයි” කියන්නන්ගෙන් ඵලක් නැත.

යේසුස්වහන්සේගේ දාසයන් එලෙස කළේ නැත.

දෙවියන්වහන්සේ කොර්නේලියස්ට දේව දූතයෙක් තුළින් මඟපෙන්වා පේතෘස්ව ඔහුගේ නිවසට ගෙන්වා ගන්නා ලෙසත්, පේතෘස් ඔහුට සියල්ල පහදා දෙයි කියාත් පැවසීය. (ක‍්‍රියා 10:1-8, 30-33)

කොර්නේලියස්ගේ නිවසට පැමිණි පේතෘස් කොරනේලියස් ඉදිරියේ උතුම් වීමට ගියේ නැත.

ක්‍රියා 10:25-26
තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාරකෙළේය. නුමුත් පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය.

පේතෘස් කොර්නේලියස්ට පැවසුවේ “මමත් මනුෂ්‍යයෙක්” කියාය. ඔහු කොර්නේලියස්ගේ නමස්කාරය වලක්වනු ලැබුවේය.

අද සේවයේ යෙදෙන්නන් නමස්කාරය ලබා ගැනීමට ඉතා කැමතිය. මනුෂ්‍යයන්ද ඔවුන්ට මුළාවී ඔවුන් උතුම් කොට සලකති. ඔවුන් පෑගූ පස් පවා මහා භාග්‍යයක් කොට සලකා නිවෙස්වලට ගෙන යති.

අද හාස්කමක් සිදුවූ සැනෙකින් මාධ්‍යය මගින් එය විශාල කර මනුෂ්‍යයන් අතරට යවයි. මනුෂ්‍යයන්ද කිසිදු සොයා බැලීමක් නොමැතිව ඒවා පිළිගෙන මුළාවෙයි.

පාවුල් මනුෂ්‍යයෙක් සුවකෙරූ පසු ඒ නුවර වැසියෝ පාවුල් හා බර්ණබස්ට දෙවිවරුට සේ යාග කරන්නට ගිය විට ඔවුන් තරයේ එය ප‍්‍රතික්ෂේප කරන ලදි.

ක්‍රියා 14:11-15
[11] එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය. [12] ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ. [13] නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය. [14] එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා: [15] මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුබාරංචිය නුඹලාට ගෙනෙමුව.

ඔවුන් පැවසුවේ, ගෞරවය මහිමය හිමිවිය යුත්තේ ජීවමාන දෙවියන්වහන්සේට බවය.

යමෙක් ඔබට ගෞරවය නමස්කාරය පුදකරන්නේනම් එය ප‍්‍රතික්ෂේප කළ යුතුය.

දෙවියන්වහන්සේට හිමිවිය යුතු ගෞරවය මහිමය මනුෂ්‍යයන්ට දෙන විට අනිවාර්යයෙන්ම එතැන යක්ෂාකාර දේ සිදුවිය හැකිය.

යොහන්ද තමාට එළිදරව්වේ පණිවිඩය ගෙනා දේවදූතයාට නමක්කාර කිරීමට යන විට දෙවියන්වහන්සේගේ දූතයා එය වලක්වන ලදි.

එළිදරව් 19:10
[10] මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

දේවදූතයා යොහන්ට පැවසුවේ ඔහු ගැළවීම ලැබූවන්ගේ මෙහෙකාර දූතයෙක් බවත් දෙවියන්වහන්සේට නමස්කාර කරන ලෙසත්ය.

අප නමස්කාර කළ යුත්තේ දෙවියන්වහන්සේට පමණි.

අප දේවදූතයන්ට නමස්කාර කිරීම යුතු නැත. අවංක දේවදූතයන් නමස්කාරය භාර ගන්නේ නැත.

කොලොස්සි 2:18-19
[18] පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී, [19] මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

උඩඟු මනස් වලින් යුතුව, තමාගේ තත්වයන් උසස් කොට පවසමින් තමා උතුම් වෙන්නට තැත්කරන්නන්ට නමස්කාර නොකර අප නමස්කාර කළ යුත්තේ දෙවියන්වහන්සේට පමණි.

පාවුල් කොරින්ති සභාවට අවවාද කරන දේ බලමු.

2 කොරින්ති 11:2-5
[2] මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි. [3] නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි. [4] මක්නිසාද එන්නාවූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනාකෙරේ නම්, නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන ශුබාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම්, ඔහු ගැන ඉවසීම හොඳය.

සර්පයා ඒව රැවටූ ආකාරයට සිතුවිලි වලින් ඔබව රැවටීමට එන්නට පුළුවන. අපි සිතුවිලි ගැන ප‍්‍රවේසම් වෙමු.

මනුෂ්‍යයා රැවටීමට යේසුස්වහන්සේගේ නාමය වුවත් වෙන යේසුස් කෙනෙක් ගැනද, වෙන ආත්මයක් ගැනද, වෙන සුභාරංචියන් ගැනද පැවසිය හැකිය.

ඔබ අසා ඇති යේසුස්වහන්සේගේ සුභාරංචිය කෙරෙහි ඔබගේ ඇදහිල්ල පිහිටුවන්න. වෙන අලුත් අලුත් ඉගැන්වීම් වලට සිත යොමු නොකරන්න.

නොයෙක් බයිබල් පද ඔවුන් උපුටා ගෙන තමාගේ පරිවර්ථනයන් එයට දිය හැකිය.

එහෙත් අප ඒවාට අසුනොවී යේසුස්වහන්සේගේ කුරුසපත්වීම, නැවත නැගිටීම, අපගේ ගැළවීම, උන්වහන්සේගේ ලේ බලය ගැන විශ්වාස කරමින් එය අදහමින් සිටිය යුතුය.

යේසුස්වහන්සේගේ ලේ ගැන, කුරුසියේ බලය ගැන, උන්වහන්සේ කළ ක‍්‍රියාව ගැන සඳහන් ගීතිකා ගායනා කරමු. එවැනි දේශනා වලට කන්දෙමු.

වෙනත් නාමයක් ගැන, වෙනත් ඉගැන්වීමක් ගැන, සැබෑ සුභාරංචියට පටහැනි වෙනත් දේ වලට, ඔබ විරුද්ධ විය යුතුය. ඒවා ප‍්‍රතික්ෂේප කළ යුතුය.

2 කොරින්ති 11:13
[13] එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ;
[14] මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.

මෙවැනි බොරුකාර අය ක‍්‍රිස්තුස්වහන්සේගේ ප‍්‍රේරිතයන්ගේ වෙස් ගත් වංචාකාර මනුෂ්‍යයන්ය. අප ඒවාට පුදුමවිය යුතු නැත. මන්ද සාතන්ටද ආලෝකයේ දූතයෙකු සේ එවැනි වෙස්ගෙන පැමිණිය හැකිය.

මෙවැනි අයට කිතුනුවන්ගේ මනස් වෙනස් කරමින් ඔවුන්ගේ අත්තිවාරම් පවා සෙලවිය හැකයි. ඔවුන් දර්ශන දකිමින් සාතන් ආලෝකයේ දූතයෙක් මෙන් ඔවුන් ඉදිරියේ පෙනී සිටියි.

සමහ‍රවිට ඔබත් මෙවැනි ඉගැන්වීම් හරියයි කියා පිළිගත හැකි තත්ත්වයකට වුවද පත්වන්නට පුළුවන.

ඉගැන්වීමක් සෑදීමට නම්, දෙවියන්වහන්සේගේ එළිදරව්වක් දෙදෙනෙක් හෝ තිදෙනෙක්ගේ සාක්ෂියක් මත සනාථ විය යුතුය.

2 කොරින්ති 13:1
[1] මේක මා නුඹලා ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.

එක පදයකින් ඉගැන්වීමක් සෑදිය නොහැකිය. කොහේවත් අසා නොමැති ඉගැන්වීම් කියා කියන්නාවු දේ පිළිගත නොහැක. සමහරවිට අප අසා තිබෙන ඉගැන්වීම ඔවුන් වෙනස් කර උගන්වති. එවැනි දේ වලින් ප‍්‍රවේසම් විය යුතුය.

අපගේ උත්තම පූජකයාණෝ, ප‍්‍රේරිතයාණෝ, අනාගතවක්තෘ වරයාණෝ සහ සභා නායකයා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේමය. අප උන්වහන්සේ දෙසම බලමින් මේ දිවීම දුවමු.

හෙබ්‍රෙව් 3:1
[1] එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.

අප කල්පනා කළ යුත්තේ, විශ්වාසය තැබිය යුතු වන්නේ යේසුස්වහන්සේ කෙරෙහි පමණි.

මේවා අලුත් ඉගැන්වීමක්, පුදුම ඉගැන්වීමක්, කිසිදා නෑසූ ඉගැන්වීමක්, මේක මාව දියුණුකරයි කියා පවසන දේවල් ඔබ පිළිනොගන්න.

එයින් ඔබ දියුණුවෙන්නට යන්නේ නැත, ඒ ආකාරයෙන් ඔබ ගමන් කළහොත් ඔබ බංකොලොත් තත්වයට පත්වනු ඇත.

ඔවුන් ඔබට මුදල් උපයන නොයෙකුක් ක‍්‍රම සහ විධි ඉගැන්වීමට පුළුවන. එහෙත් ඒවා දෙවියන්වහන්සේගේ ප්‍රතිපත්ති වලට පටහැනිය.

දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධව එන ඉගැන්වීම් වලට අප එකඟ නොවිය යුතුය. ඒ තුළ පෙන්වන සඵලත්වය දෙවියන් වහන්සේගෙන් නොවේය.

යූද් හා යාකොබ් යනු යෝසෙප්ට දාව මරියාගෙන් උපන් යේසුස්වහන්සේගේ මෙළොව සහෝදරයන්ගෙන් දෙදෙනෙකි.

අප යූද් පවසන දේ බලමු....

යූදස් (යූද්) 1:3
[3] ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට බාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් උන්වහන්සේගේ ලේ බලයෙන් කුරුසියේ පණිවිඩය විශ්වාස කරමින් ඔබ ලබාගත් ගැළවීම් කිසිදා අමතක නොකර ඇදහිල්ල ස්ථීරව තබා ගත යුතුය.

යූදස් (යූද්) 1:4
[4] මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.

අපගේ මුල් ඇදහිල්ලට විරුද්ධව, ඇදහිල්ල නැතිකිරීමට රහසින් ඇතුල්වී ඇති අයට විරුද්ධව අප අවදි විය යුතුය.

අපගේ ජීවිතයේ අපගේ ඇදහිල්ල රක්ෂා කිරීමට අපට යම් පොරබැදීමක් තිබිය යුතුය. අපගේ ඇදහිල්ලේ ගමන අප විසින්ම රක්ෂා කරගත යුතුය.

පාවුල් පැවසුවේ, ඔහුගේ ජීවිතයේ ඔහු අන්තිම දක්වා ඇදහිල්ල රක්ෂා කළ බවයි. (2 තිමෝති 4:7)

ඔබ ඉගනගත්තාවු අය ගැන සිහිකරමින් ඒ ඉගැන්වීම් රක්ෂා කරගන්න.

ඔබට දන්න සත්‍යය ගැන එළිදරව්වීම් ලැබිය හැකිය. නමුත් ඔබ නොදන්නාවු ඉගැන්වීමක් පැමිණියහොත් එය මුළාවකි.

යූදස් (යූද්) 1:9
[9] නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය.

යක්ෂයාට අවශ්‍ය වූයේ ඉශ‍්‍රායෙල් සෙනඟ අතර ප‍්‍රසිද්ධව, බලවත්ව සිටි මෝසෙස්ගේ මිනිය ගෙන, එය නමස්කාරයට මනුෂ්‍යයන් පොළඹවා, මෙතැනයි දෙවියන්වහන්සේ ඉන්නේ කියා මනුෂ්‍යයන් මුළා කිරීමටය. එහෙත් එයට ඉඩක් නොලැබුණි.

අද පවා බලවත් දේවල් කළ ප‍්‍රසිද්ධ දේශකයන් මිය ගයාට පසු මනුෂ්‍යයන් ඔහු වැළලූ ස්ථානයේ මිනී වලවල් සකසා එතැන ඔහුගේ බලය ක‍්‍රියත්මක වන බව පවසමින්, එතැන දේශනා කූඩුව තබා, එතැනම නමස්කාර ස්ථානයක් බවට පත්කරගෙන සිටී.

යක්ෂයා මෝසෙස්ගේ මිනිය ගන්නට තැත් කලේද එලෙස ක‍්‍රියා කරන්නටය.

යූදස් (යූද්) 1:10-11
[10] නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය. [11] ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.

කායින්ගේ මාර්ගය නම්, ඔහුට තිබුණේ මිනීමරන ස්වභාවයකි. කව්රු මිය ගියත් කමක් නැත. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ ස්ථානයයි. ඔහුගේ සහෝදරයාගෙන් ඔහුට ඵලක් නොවීය. (උත්පත්ති 4:6-11)

බොරු අනාගතවක්තෘන්ද සිතන්නේ තමන් ගැන පමණි. ඔහුගේ මතය, තමා ප‍්‍රධානියාය අන් සියල්ලන් ඔහුගේ යටතේ සිටිය යුතුය යන්නය. මගේ ඉගැන්වීම් වලට සියල්ලන් යටත් විය යුතුයැයි ඔහු කියයි. එය කායින්ගේ මිනී මරන ස්වභාවයයි. එය යක්ෂයාගේ ස්වභාවයක්ය.

බාලාම් දෙවියන්වහන්සේගේ සෙනඟට ශාප කළ නොහැකි බව දැන සිටියත් කුලී පිණිස ඒ සඳහා යන ලදි. (ගණන් කථාව 22:6-19)

බොරු ප්‍රොපේතවරුන්ද තමන්ට පක්ෂ නැති අයට ශාප කරති. ඔවුන්ද මුදලට වැඩ කරති.

මුදලට ප‍්‍රේම කිරීම සියලු නපුරේ මුලක්ය. එයින් ඇදහිල්ල පවා නැතිවී යා හැකිය.

1 තිමෝති 6:10
[10] මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.

වස්තු තෘෂ්ණාවේ පහර එන්නේ ඔබගේ ඇදහිල්ලටය.

ඔබ ගමන් කරමින් සිටියේ ඇදහිල්ලේ ගමනක්ය. ඇදහිල්ලේ වචනය ඔබ දැන සිටින ලදි. ඔබගේ මුඛයේ තිබෙන්නේ ඇදහිල්ලේ වාක්‍යය. එබැවින් ප‍්‍රහාරය පැමිණෙන්නේ ඔබගේ ඇදහිල්ලටය.

වස්තු තෘෂ්ණාවේ අවසානය විනාශය විය හැකිය. මේ පිළිබඳව තරුණ තරුණියන්ද හරි ආකාරව දැනුවත්විය යුතුය. දේව වචනය කාටත් එක හා සමානය.

තරුණ අයට වෙන විධියකට කියා දිය යුතු නැත. තරුණ අයටත් දේව වචනය අවශ්‍යයි. ඒ අයටද වචනය හරි ලෙස ඉගැන්විය යුතුය.

තරුණයෙක් තමාගේ මාර්ගය පවිත‍්‍රකර ගන්නේ දේව වචනය ප‍්‍රකාර පැවතීමෙනි. (ගීතාවලිය 119:9)

තරුණ මහලු කියා වෙනසක් නොකර සියල්ලන්ටම හරිදේ එකසේ කියා දිය යුතුය.

දේව වචනය තුළ වර්ධනය වන්නා තුළම යටත්කම මිස උඩඟුකම ඇතිවන්නේ නැත.

සමහර තරුණ අය ඔවුන්ට විශේෂ එළිදරව්වීමක් ලැබුණේ යයි කියමින් උඩඟුකමෙන් හැසිරෙති. ඔවුන් තමාගේ ජීවිතෙන් හැම දේම පාලනය කිරීමට උත්සාහ දරයි. අප එවැන්නන්ගෙන් ප‍්‍රවේසම් විය යුතුය.

මොවුන් කායින් හා බාලාම් මෙන් අයය.

යූදස් (යූද්) 1:11
ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය.

කෝරා යනු මෝසෙස්ට විරුද්ධව කැරළි ගැසූ අයෙකි.

මෝසෙස් ඉශ‍්‍රායෙල් සෙනඟව යටහත් පහත්ව ගෙන ගියා.

කෝරා මනුෂ්‍යයන් ඒකරාශීකරගෙන විත් පැවසුවේ “අපටත් දෙවියන්වහන්සේ කථා කරනවා. ආපටත් ආධිපත්‍යය තිබෙනවා” කියාය. ඔහු දෙවියන්වහන්සේ පත්කළ සැබෑ ආධිපත්‍යයට විරුද්ධව කථාකර විනාශවී යන ලදි. (ගණන් කථාව 16:1-40)

බොරු අනාගතවක්තෘන්ද දෙවියන්වහන්සේ පත්කළ සැබෑ දේව දාසයන්ට විරුද්ධව කටයුතු කරයි. ඔවුන් මුදල ඉස්සර කර සිටින්නේ, මම ඇර වෙන අය උතුම් නැත යන මිනිමැරීමේ ස්වභාවයද ඔවුන් තුළ ඇත.

කායින්ගේ කථාව - උත්පත්ති 4 පර්ච්ඡේදයේ සඳහන්ව ඇත.
බාලෙම්ගේ කථාව - ගණන් කථාව ගණන් කථාව 22:6-19 සඳහන්ව ඇත.
කෝරාගේ කාථාව - ගණන් කථාවේ 16:1-40 සඳහන්ව ඇත.

කායින්, බාලාම්, කෝරා පරණ ගිවිසුමේ චරිතය ඔවුන්ව නව ගිවිසුමෙන් උදාහරණ ලෙස දක්වා ඇත්තේ තනි පුද්ගලයෙක් තමාගේ තිබෙන උඩඟුකම හේතුවෙන් තමාට ප‍්‍රසිද්ධත්වය ලබා ගැනීමට තම ජීවිතයෙන් මෙවැනි ස්වභාවයක් ඇති කරගන්නා හෙයිනි. ඔවුන් සෑම දෙයක්ම ඔවුන්ගේ පාලනයට නතුකර ගැනීමට උත්සාහ දරයි. දෙවියන්වහන්සේ කිසිදා එය අනුමත කළේ නැත. නමුත් මනුෂ්‍යයන් ඒවාට රැවටෙති.

යූදස් (යූද්) 1:12
මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම-මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්ව-තයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.

මෙවැනි අය අප අතරද සිටිති. අපගේ ප‍්‍රේමයේ සහභාගිකම්වල ඒ අය සිටිය හැකිය. ඔවුන් තමුන්ම පෝෂණය කරගනිමින් හුළඟින් ගෙන යන වළාකුල් මෙන්ය. ඒ අයගේ ජීවිත වල දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් නොමැත. සමහර අය ගැළවීමද ලබා නොමැත. ඔවුන් මුළාව ගොස් සිටින්නන්ය. ඔවුන්ට අවශ්‍ය නායකත්වයක් දැරීමටය.

ඔබ පළමුකොට සිතන්න ඔබ දෙවියන්වහන්සේ තෝරාගත් ජයග‍්‍රාහී නායකයෙක් කියා.

අප අතීශයෙන් ජයගන්නා පිණිස දෙවියන්වහන්සේ අපට හැකියාව බලය දී ඇත. අප අපගේ කැඳවීම තුළ සිටිය යුතුය. කැඳවීමෙන් පිට යන්නා ආධිපත්‍යය වැරදි ලෙස පාවිච්චි කරමින් මිනිසුන්වද නොමඟ යවයි.

යූදස් (යූද්) 1:13
ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.

ඔවුන් මුළාවේ යන අයය.

2 පේතෘස් 2:2-3
[2] ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත; ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය. [3] තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.

ඔවුන් සත්‍ය වචනයට අපහාස කරන්නන්ය. එය ඔවුන්ගේ ස්වභාවයයි. ඔවුන් පවසන්නේ ඔවුන් සත්‍යය කියාත් ඔවුන්ට විශාල එළිදරව්වක්, කැඳවීමක් තිබෙන බවත් ය.

මුදලට ප‍්‍රේම කරන නිසා වචන හරිගස්වා ඔවුන්ගේ වංචා වචන වලින් දේශනා කූඩුවල සිට අපව වෙළඳාමක් බවට පත්කර ගනි.

ප‍්‍රමාද නොවී ඔවුන්ට විනිශ්චය පැමිණේ.

2 පේතෘස් 2:10-15
[10] දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති. [11] එහෙත් දේවදූතයෝ පරාක්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති. [12] නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය; [13] ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති; [14] ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය; [15] ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;

මෙවැනි අයට අසුවන්නේ අස්ථීර මනුෂ්‍යයන්ය.

නව ගිවිසුමේ ඉගැන්වීම් ස්වාමීන්වහන්සේ දී ඇත්තේ අපටය. අප ඒවා කියවමින්, මේ දේවලට අසුනොවී අප අපගේ ආත්මික ජීවිතය රක්ෂාකරගෙන අපගේ ඇදහිල්ල තුළ පවතිමු.

2 පේතෘස් 2:16-17
[16] නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය. [17] ඔව්හු වතුර නැති උල්පත්ය, තද සුළඟින් ගසාගනයන මීදුම්ය; ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම ඉතුරුකර තබා තිබේ.

ඔබගේ ආරක්ෂාව සඳාහා මෙම බයිබල් පද කියවා දැනුවත් වන්න.

කොටළුවෙකුට කථාකරන්නට සලස්වා බාලාම්ගේ මාර්ගය දෙවියන්වහන්සේ හරස් කලාසේ මෙවැනි බොරු අනාගතවක්තෘන්ට බූරුවන්ගෙන් වුවද තරටවටු ලැබීමට පුළුවන.

අවුරුදු ගණනාවකට පෙර සිදුවූ දේවල් අදත් සිදුවෙමින් පවතී.

යක්ෂයා තැත් කරන්නේ අවංක මිනිසුන් නොමඟ යැවීමට කුමන් හෝ දෙයක් ඇත්තක් සේ හඟවා තමාගේ බොරුව ගෙන යාමටය. අප ඒවා පසුපස තිබෙන ආත්ම ගැන ප‍්‍රවේසම් වෙමු.

අපට අස්ථීර මනස් තිබුණහොත් අප මුළාවට ලක්විය හැකිය.

ඒ තුළින් කිතුනුවෙකු ලෙස අපට නිදහස් ජීවත්වීමට නොහැකිවේ. මන්ද සත්‍යය මනුෂ්‍යයෙකුව නිදහස් කරනවා සේම අසත්‍ය මනුෂ්‍යයෙකුව බන්ධනයකට අසුකරයි.

ඔබ මෙම බයිබල් පද නැවත නැවත කියවන විට ඔබගේ සිතේ ඇති අවුල් ගතිය නැතිවී යාමට ඔබට දෙවියන්වහන්සේ කථා කරනු ඇත.

මෙවැනි ඉගැන්වීම් අසන විට ඔබගේ මනස වියවුල් වී ඒ තුළින් ඔබ වියළි තත්ත්වයට හැරෙයි. වියළි තත්ත්වය තුළ ඔබ ජීවත්වන විට ඔබ කිසිදු දෙයක් පිළිනොගන්නා තත්ත්වයකට පත්විය හැක.

හොඳම දේ ඔබ පවසන්න, “ස්වාමිනි, මම මේ බයිබලෙත් සමඟ ඉන්නවා. මට නැවත නැවත මෙය කියවන්න ආශාවක් ඇතිවී තිබෙනවා.”

“කාන්ගේ, බාලෙම්ගේ, කෝරාගේ ජීවිතේ තිබුණේ මොනවද? ඔවුන් මනුෂ්‍යයන්ව පාලනයට ගෙන ජීවිත විනාශ කළා සේ මාත් එවැනි තත්වයකට පත්වද සිටින්නේ. මගේ ජීවිතෙත් එවැනි දේ වලට භාරවී ඇද්ද? බොරු දේ අසමින් මගේ මනස මා අවුල් කරගෙන සිටීද? මගේ රසවත් කිතුනු ජීවිතේ මා සුළු කර තිබෙනවාද? මා තවත් වෙන යම් මාර්ගයකින් යන කෙනෙක්ද? මා ඒ සියල්ලෙන් නිදහස් වෙමි.” මෙසේ කියා ඔබ නිදහස් වන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ප‍්‍රේමකරන බැවින් වියවුල් මනසක් ඇතිව ඔබ සිටීම උන්වහන්සේගේ කැමැත්ත නොවේය.

අස්ථීර මනසකින් ඔබ සිටියහොත් අනිවාර්යයෙන්ම ඔබ මුළාවට ලක්වෙනු ඇත.

මේ නපුරු පුද්ගලයින්ගේ නම් බයිබලයේ සඳහන් වී ඇත. ඒ අය කායින්, බාලාම් සහ කෝරා ය.

කෝරා කවදාවත් ආධිපත්‍යයට යටත් නොවුණි.

කෝරා තමන්ට ප‍්‍රසිද්ධ මනුෂ්‍යයන්, ධනවත් මනුෂ්‍යයන් එකතු කරගෙන මෝසෙස් ලඟට ගොස් පැවසුවේ, “අපටත් දෙවියන්වහන්සේ කථා කරනවා. අපටත් පුළුවන්” කියාය. ඔහු වටා සිටියේ ප‍්‍රසිද්ධ මනුෂ්‍යයන්ය. (ගණන් කථාව 16:1-3)

ප‍්‍රසිද්ධ මනුෂ්‍යන් යම් තැන්වලට යන්නේ නම්, ඔබ සමහරවිට සිතන්නට පුළුවන් එහෙනම් එම ස්ථානය හරියයි කියා.

ගණන් කථාව 16:3
[3] මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය.

ඔවුන් මෝසෙස් ඉදිරියේ කාරණා පෙරළා උඩඟුව කථා කරත් මෝසෙස් ඔවුන්ට පිළිතුරු දුන්නේ ඉතා යටහත්වය.

ගණන් කථාව 16:5
[5] ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.

ස්වාමීන්වහන්සේ සෙනඟව ගෙනියන්නේ කැඳවූයේ මොසෙස්වය.

නමුත් කෝරා ඔවුන් අතර සිටි ප‍්‍රසිද්ධ, ධනවත් මනුෂ්‍යයන් එකතුකර ගත්තත් දෙවියන්වහන්සේ ඔවුන්ව විනිශ්චය කරන ලදි. (ගණන් කථාව 16:32-34)

මෝසෙස්ට සිටියේ දෙවියන්වහන්සේ පමණි. ඔහු දෙවියන්වහන්සේ අනුව ගමන් කළේය.

දේව වචනයේ තිබෙන රසවත් දේ, අවවාද රැගෙන ඔබ නිදහසේ ජීවත්වෙන්න. තවත් වියවුලෙහි නොසිටින්න. සත්‍ය වචනයට ඇහුම්කන් දෙන්න.


Watch the Sermon Video

Read 97 times