+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ වාතාවරණයන්ට ඉහළින් ජීවත්වීම දේව කැමැත්තයි - මනූ මැතානි
November 3, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ අපට නියම කර තිබෙන්නේ සියලු ආශීර්වාදයන් සහ උන්වහන්සේගේ වචන විශ්වාස කරමින් අප ඒවා ලබා ජීවත්වන්නයි.

දෙවියන්වහන්සේ මේ සියලු පොරොන්දු දෙන ලද්දේ යේසුස්වහන්සේටය.

අප යේසුස්වහන්සේ තුළ සිටින නිසා උන්වහන්සේගේ නාමයෙන් සියලු පොරොන්දු හිමිකරගෙන ජීවිත කාලයම අපට සතුටින් ප‍්‍රීතියෙන් ගත කිරීමට පුළුවන.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය තුළ එකසේ ජීවත්වෙන්නටය. දෙව් ප‍්‍රීතිය ඔබගේ ශක්තියයි.

අප විශ්වාස කළ යුත්තේ සදාකාලයටම පවතින දේවල් ගැනය.

ලෝකයේ දේවල් තිබෙන්නේ අපගේ පාවිච්චිය සඳහා පමණි. ඒවා තාවකාලිකය. ඊට වඩා උතුම් දේ උරුමකරගෙන ජීවත්වීමට දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කර ඇත.

අප මේ පොළොවේ ජීවත්වන්නේ ස්වර්ගික ආශීර්වාදය භුක්තිවිදිමින්ය.

ලෝකයේ දේවල් තිබෙන්නේ අපගේ පාවිච්චිය සඳහා පමණි. ඒවා තාවකාලිකය. ඊට වඩා උතුම් දේ අපට උරුමකරගෙන ජීවත්වීමට දෙවියන්වහන්සේ උරුම කර ඇත.

අප මේ පොළොවේ ජීවත්වන්නේ ස්වර්ගික ආශීර්වාදය භුක්තිවිදිමින්ය.

අපට සෑහීමකට පත්විය හැක්කේ දෙවියන්වහන්සේගේ මෙම වචනය මත අප තබා ඇති විශ්වාසය මතය.

උන්වහන්සේගේ වචනය මත අප විශ්වාසය තබා ජීවත්වුවහොත් අපට නොසෙල්වී ජීවත්වීමට පුළුවන්කම ලැබෙනු ඇත.

දේව වචනය තුළ ඔබගේ ප‍්‍රකාශය තදින් අල්ලා සිටීමෙන් ඔබට උස්පහත් මට්ටමකින් තොරව, එක සිතින්, එක මනසින්, භියෙන් වියවුලෙන්ද නොව සමාදානයෙන් ජීවත්වීමට හැකිය.

අප කථාකරන්නේ ධනාත්මක වචන නොව දේව වචනයයි. දෙවියන්වහන්සේ දුන් පොරොන්දු ඉෂ්ටකිරීමට නිතරම දේව වචනය පිටුපස දෙවියන්වහන්සේම සිටින්නේය.

දෙවියන්වහන්සේ අපට පොරොන්දු රාශියක් දී ඇත. බයිබලයේ උත්පත්ති පොත පටන්ම මෙම පොරොන්දු සඳහන්ව ඇත. පටන්ගැන්මේ සිට සියලු කාරණා සටහනක් ලෙස බයිබලයේ සඳහන්ව ඇත.

මේ වචනයෙහි ඔබට අවශ්‍යදේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය තුළින් ඔබගේ ජීවිතයට ඔබ අදාල කරගත යුතුය. නොකල යුතු දෙයින් ඈත්වන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උගන්වනු ඇත.

පරණ ගිවිසුමේ සිටින සෑම කෙනෙකුම අපට උදාහරණයට ගත නොහැක. ඒ අය කල වැරැද්ද අප නොකළ යුතුය. එවිට අපට දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කළ හැකිය.

අප දෙවියන්වහන්සේගේ වචනය රක්ෂා කරන විට ස්වාමීන්වහන්සේ අපව පරීක්ෂා කාලවල්වලින් ආරක්ෂා කරන බවට පොරොන්දු වී තිබේ.

එළිදරව් 3:10 මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.

නොයෙක් රෝග, වසංගත, උපද්‍රව ලොවට පැමිණේ. එය අපට වැලැක්විය නොහැක. මන්ද ඒවා පමුණුවන්නේ මේ ලෝකයේ දෙවියාවූ යක්ෂයාය. ඔහුට අවශ්‍ය මනුෂ්‍යයා වියවුල්තාවයට පත්කිරීමටය.

“බැබිලෝන්” යන්නෙන් අර්ථවන්නේ ලෝකාකාරව තිබෙන ක්‍රම සහ විධිය.

අපි ලෝකයේ ක‍්‍රම හා විධි වලින් ඈත්ව වියවුලෙන් තොරව සමාදානයෙන් ගමන් කරමු.

අද හොඳින් සිටින මනුෂ්‍යයා හෙට නොසිතන තත්වයකට පත්විය හැකිය. මන්ද යක්ෂයා කෲරය. ඔහු තුළ කිසිවෙකුට අනුකම්පාවක් නොමැත.

අනුකම්පා කරන්නේ දෙවියන්වහන්සේ පමණි.

දෙවියන්වහන්සේ මෙළොවට යේසුස්වහන්සේ එව්වේ ඒ නිසාය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකු සමානව මේ පොළොවේ ක‍්‍රියාකරමින් නියම කාලයේදී කුරුස පත්වෙමින්, උන්වහන්සේගේ ජීවිතය අප උදෙසා මිදීමේ මිලයක් ලෙසින් ගෙවා නිමකරන ලදි.

එහෙයින් දැන් අප ගමන් කරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහිය.

යේසුස්වහන්සේ ස්වාමීන් ලෙස පිළිගෙන අප ඇදහිල්ලෙන් ගමන් කරන කල එය දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් වන්නේය.

අප ගමන් කරන්නේ පෙනීමේ හැටියට නොවේය. පෙනෙන දේ තාවකාලිකය. අප සෙවිය යුත්තේ සදාකාලික දේය.

පළමුකොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, ධර්මිෂ්ඨකමත් සෙවිය යුතුය. එවිට මේ සියල්ලක්ම ඔබ පසුපස පැමිණෙනු ඇත. (මතෙව් 6:33)

දෙවියන්වහන්සේත්, උන්වහන්සේගේ යහපත්කමත් කිසිදා අමතක නොකරන්න.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ හා ධර්මිෂ්ඨකමේ ප‍්‍රතිපත්ති අනුව අප ජීවත්වන කල, අප භියට පත්නොවෙයි, ලැජ්ජාවට පත්නොවෙයි. එය දෙවියන්වහන්සේගේ පොරොන්දුවක්ය.

යෝවෙල් 2:26-27
26 නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය. 27 මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.

ඔබ ජීවත්වන්නේ නිතර දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමිනී. පීඩා කාලයේත්, කරදර කාලයේත් ඔබ භයවන්නේ නැත.

ස්වාමීන්වහන්සේගේ ඉවසීමේ වචනය ඔබ රක්ෂා කරමින් සිටින නිසා මුළු ලෝකයාටම පැමිණෙන ඒ පීඩා කාලයේදී දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරන බව විශ්වාස කරන්න.

ඔබ ඉදිරියේ දහසක්ද, දස දහසක්ද වැටුණත් දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරන බවට පොරොන්දුවක් ඇත. දෙවියන්වහන්සේගේ වචනය කලටත් අකලටත් එකාකාරය.

ඔබ අසන්නාවු දේවල් දෙවියන්වහන්සේගේ වචනයට ප‍්‍රයෝජනවත් නොවන්නේ නම් ඒවා ඉවතලන්න.

දෙවියන්වහන්සේට කැමති සෑම කෙනෙක්ම ආරක්ෂා කිරීමටය. දෙවියන්වහන්සේ තරාතිරම් බලනා දෙවිකෙනෙක් නොවේය.

ගීතාවලිය 91:5-7
[5] රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, [6] අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය. [7] නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ යක්ෂයාට සේවය කරමින් භියට පත්වී සිටිනවානම් උන්වහන්සේ ඔබව ගළවන්නේ කෙසේද කියාය. බිය සිද්ධියක් නොව, බිය යනු යක්ෂයාය.

ඔබ නිතර භියෙන් ජීවත්ව සිටීනම් ඔබ නමස්කාර කරන්නේ භිය නැමැති දෙවියාටය. එනම් යක්ෂයාටය. ඔබ දෙවියන්වහන්සේගේ පොරොන්දු නොසලකා හරිමින් බියට ජීවිතයේ මුල් තැන දෙයි.

ඔබට දරාගන්න බැරි වේදනාවක් පැමිණියත් ඔබ ඒ මොහොතෙත් ප‍්‍රශ්නය කථා නොකර දෙවියන්වහන්සේගේ පොරොන්දු ප‍්‍රකාශ කරන්න. ප‍්‍රශ්නය උත්සාහ කරන්නේ ඔබ තුළින් සතුරාගේ ක‍්‍රියාව ප‍්‍රකාශ කරවන්නටය.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කරන්න. ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට කිසි හිඟයක් නොවන්නේය. දසදහසක් සෙනඟ අතරේ දෙවියන්වහන්සේ මා ආරක්ෂා කරන බව මම විශ්වාස කරමි.

දෙවියන්වහන්සේ මෙලෙස කරන්නේ ඔබ දෙවියන්වහන්සේට ඇලුම්ව සිටින නිසාය. උන්වහන්සේට ප‍්‍රේම කරන නිසාය.

දෙවියන්වහන්සේට ප‍්‍රේම කරනවා යනු, දෙවිපියාණන්වහන්සේට ඇලුම්ව සිටීමය. වටා පිටාව නොව දෙවියන්වහන්සේ කියනා දේ පමණක් විශ්වාස කිරීමය.

ගීතාවලිය 91:14
[14] ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

දෙවියන්වහන්සේට පවසන්නේ ඔබ ඉහළට යා යුතු බවය. ඔබගේ ජීවිතයේ උසස්වීම්, දියුණුවක් තිබිය යුතුය.

දෙවියන්වහන්සේ විශ්වාස කරපු සෑම කෙනෙක්ම ඉහළට යමින් දියුණු වෙමින් දෙවියන්වහන්සේගේ දේවල් සෙවීමට පටන් ගත්හ.

එයින් අදහස් කරන්නේ ඔබ උඩඟුවනවා කියා නොව, දෙවියන්වහන්සේගේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන බවය.

ගීතාවලිය 113:3-8
[3] නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය. [4] ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. [5] උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ [6] බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද? [7] අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස [8] උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.

ඔබ පහත් මට්ටමක සිටීම කාටත් ප‍්‍රයෝජනයක් නොමැත. නමුත් ඔබ උසස් තැනකට පැමිණි අවස්ථාවේදී ඔබ හදවතින් යටහත් පහත් කෙනෙක් නම්, ඔබගේ අත දිගුකර තව කෙනෙකු නැඟිටුවීමේ හැකියාව තිබෙන්නේය.

පහත් මට්ටමේ ජීවිත ගතකරන්නන් උඩඟුය. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ තත්වයට අනිත් අයවත් ඇදගැනීමටය.

බේබදුකමේ ජීවත්වන්නන්, වෛශ්‍යකමේ ජීවත්වන්නන්, උඩඟුව සිටින්නන් හට කොතරම් මුදල් තිබුනත් ඔවුන් ගත කරන්නේ පහත් මට්ටමේ ජීවිතය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත සෑම අතින්ම අප ඉහළට යාමය. දෙවියන්වහන්සේ අපව ඔසවා අධිපතීන් සමඟ හිඳුවා ඇත.

අධිපතීන් සමඟ යනු, නිදහසේ නිතරම මනුෂ්‍යයන්ට උපකාර කරන, මනුෂ්‍යයන් අතරට දෙවියන්වහන්සේ ඔබ ගෙනයන බවය.

දෙවියන්වහන්සේ අපව ඔසවා තිබෙන්නේ තවත් කෙනෙකුට උපකාරයක් ගෙනෙන්නටය.

දෙවියන්වහන්සේට කිසි අඩුවක්, හිඟකමක් නැත. ස්වර්ගයේ වීදි පවා තනවා ඇත්තේ රන්වලින්ය. දෙවියන්වහන්සේ කුඩාවට සිතන්නේ නැත. උන්වහන්සේ සිතන්නේ ඉතා විශාලවයි. අපගේ මනස් දුර්වල තත්වයට හරවා, අප කුඩා විදියට සිතන්නට සලස්වන්නේ යක්ෂයාය.

මිසරයේ වහල්කමින් සිටි ඉශ‍්‍රායෙල් සෙනඟව දෙවියන්වහන්සේ ගෙන ආවේ කිරි හා පැණියෙන් උතුරා යන දේශයකටය.

යේසුස්වහන්සේ පිළිගත් ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේ වහල්කමින් නිදහස් කර කිරි හා පැණියෙන් පිරි දේශයක්ය.

ඔබට දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුවක් ඇත. උන්වහන්සේට අමාරු කිසිවක් නොමැත. උන්වහන්සේට සියල්ල කළ හැකිය.

සෑම පොරොන්දුවක්ම ඉෂ්ට කිරීමට දෙවියන්වහන්සේ එහි පිටුපස සිටී. අපට තිබෙන්නේ “ආමෙන්” කියා එය විශ්වාස කර පොරොන්දු ලබාගැනීමය.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට ගෙන යන අතර තුරදී ඔවුන් කොඳුරන ලදි. ඔවුන්ට කිසි ඇදහිල්ලක් නොතිබුණි. එය ඔවුන්ගේ දුර්වලකම විය.

අප සැම විටම “එය මගේ දුර්වලකම” කියා නොපැවසිය යුතුය. එසේ කීම පාපයයි. මන්ද දෙවියන්වහන්සේ අපගේ දුර්වලකමේදී ශක්තියයි.

එය පාපයක් නම්, අපගේ පාපයට අප කමාව ලබා ගෙන පසුතැවිලි විය යුතුය. අප දුර්වලයියැයි පැවසුවට දෙවියන්වහන්සේ අපට ශක්තියක්ව සිටී.

ද්වීතීය කථාව 32:20 උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.

දෙවියන්වහන්සේ පැවසුවේ, උන්වහන්සේගේ මුහුණ මේ සෙනඟගෙන් අහකට ගන්නා බවයි. දෙවියන්වහන්සේට ඔවුන්ව එතරම්ම එපා වී තිබුණි.

හිතුවක්කාරකම දෙවියන්වහන්සේගෙන් විසන්ධි වන කාරණාවකි.

මේ සෙනඟ හිතුවක්කාර වංශයක් කිසිම ඇදහිල්ලක් නොමැතිව සිටිය දරුවෝ ලෙසයි උන්වහන්සේ පැවසුවේ.

දෙවියන්වහන්සේට කිසි ප‍්‍රසන්නතාවයක් ඔවුන් කෙරෙහී නොවීය.

යේසුස්වහන්සේ කුරුසියේදී පාපය වූ අවස්ථාවේදී දෙවියන්වහන්සේ තම මුහුණ හරවා ගන්නා ලදි. එනිසයි යේසුස්වහන්සේ පැවසුවේ, “මාගේ දෙවියනී මාගේ දෙවියනී ඔබ මා අත්හැරියේ මන්ද” කියා. (මතෙව් 27:46)

දෙවියන්වහන්සේට පාපය හෝ කිසිදු අශුද්ධ දෙයක් දකින්ට නොහැකිය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට ශාපලද්දෙක් වෙන්නට ඉඩදුනි. එයට හේතුව ඒ තුළින් සෙනඟට ගැළවීම හා ආශීර්වාදය ගෙන දෙන්නටය.

මුල පටන්ම යේසුස්වහන්සේ සමඟ සිටි දෙවියන්වහන්සේට යේසුස්වහන්සේගේ කුරුසපත් වීමේදී උන්වහන්සේ සමඟ සිටීමට නොහැකි විය.

එදා යේසුස්වහන්සේ කුරුසියේ තනිවූ නිසා අද අප තනිවන්නේ නැත. පියාණන්වහන්සේ අප සමඟය. යේසුස්වහන්සේ දරාගත් ශාපය නිසා අප ආශීර්වාදලද්දන් වී ඇත. උන්වහන්සේ කවදාවත්, කිසිසේත්ම අපව දාලායන්නේ නැත.

දෙවියන්වහන්සේ විශාල සෙනඟක් පොරොන්දු දේශයට රැගෙන යාමට මිසරයෙන් මුදවා ගත්තේය. එහෙත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මුහුණ ඔවුන් කෙරෙන් හරවාගන්නා ලදි. ඔවුන්ට පොරොන්දු දේශයට යාමට නොහැකිවිය.

විශාල සෙනඟක් අද යේසුස්වහන්සේගේ වචනය අසන්නට පැමිණියත් ඔවුන් ආපසු හැරී විනාශය කරා යති.

යේසුස්වහන්සේව සැබෑ ලෙස පිළිගත් කෙනෙක් යේසුස්වහන්සේට ප‍්‍රේමකරයි. උන්වහන්සේගේ වචනයට බොහෝසේ ආශාකරයි.

දෙවියන්වහන්සේගේ වචනය මීපැණි වලටත් වඩා මිහිරිය.

දෙවියන්වහන්සේගේ වචනයෙන් කථාකිරීම උන්වහන්සේ ප‍්‍රකාශවීම හා සමානය.

දෙවියන්වහන්සේත්, උන්වහන්සේගේ වවනයත් වෙන්කළ නොහැක.

දෙවියන්වහන්සේ යමක් ප‍්‍රකාශකළහොත් එය ඉෂ්ට වූවා හා සමානව විශ්වාස කර ඇදහිල්ලෙන් ක‍්‍රියා කරන්න. යේසුස්වහන්සේ පිළිගත් දවසේ අපද උන්වහන්සේ සමඟ කුරුසියේ මැරී වතුර බවිතීස්මයෙන් අපගේ පරණ මනුෂ්‍යයා වළලා දමන ලදි.

මා තුළ දැන් පරණ මනුෂ්‍යයෙක් නොමැත. මා තුළ ස්වභාවයන් දෙකක් නැත.

මට සිතුවිලි අදහස් ඒමට පුළුවන නමුත් ඒවා බලකොටු මෙන් සෑදෙන්නට ඉඩ නොදිය යුතුය. බලකොටු සෑදෙන්නේ සිතුවිල්ලෙන් සිතුවිල්ලටය.

ඔබ තුළ ඇති බලකොටු කඩා විනාශකර දැමිය යුතුය.

ඉශ‍්‍රායෙල් සෙනඟ හිතුවක්කාර සෙනඟක් වූවෝය. ඔවුන් දෙවියන්වහන්සේට යටත්ව සිටියේ නැත. ඔවුන් සිටියේ කිසිම ඇදහිල්ලක් නොමැතිවය.

ඔවුන් ශුද්ධ තැනැන්වහන්සේව සීමා කළෝය.

ගීතාවලිය 78:41
[41] ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය [සීමා කළෝය].

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟගේ සිත් සෝදිසිකරමින් සිටියේය.

ඔවුන් වනාන්තරයේ ගමන්කරන අවස්ථාවේ දෙවියන්වහන්සේ ඔවුන්ට කන්ට දුන් විට ඔවුන් දෙවියන්වහන්සේව සුළු කරන ලදි. මන්නා සැමදා කෑමට නොහැකි බව පැවසීය. (ගණන් කථාව 11:5)

අප කවදාවත් හිතුවක්කාර නොවී, දෙවියන්වහන්සේ සීමා නොකර, ඇදහිල්ල නැත්තන් මෙන් ජීවත් නොවී, නොකොඳුරමින් ජීවත්වෙමු.

දෙවියන්වහන්සේ ප‍්‍රේමයයි, උන්වහන්සේ කවදාවත් අපගේ ගැළවීම නැති කරන්නේ නැත. උන්වහන්සේගේ කැමැත්ත වන්නේ අප උන්වහන්සේ ප‍්‍රසන්න කරන ජීවිතයක් ගත කිරීමයි

ද්වීතීය කථාව 8:1-2
[1] නුඹලා ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න. [2] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.

දෙවියන්වහන්සේ අවුරුදු 40ක් පුරාවට උන්වහන්සේගේ වචනය ඉගැන්වුවත් ඉශ‍්‍රායෙල් සෙනඟ ඉගෙන ගත්තේ නැත.

ද්වීතීය කථාව 8:3-4
[3] උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක. [4] මේ සතළිස් අවුරුද්දේ නුඹේ වස්ත්‍ර නුඹ පිට පරණ නොවීය, නුඹේ පාද ඉදිමුණේ නැත.

ඉශ‍්‍රායෙල්වරුන්ට පරීක්ෂා කාලයේදී දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන්නට නොහැකි විය.

ඔබේ සිතේ තිබෙන්නාවු දේ පරීක්ෂා කාලයේදී ඔබට බලාගත හැක. ඔබගේ කටින් පිටවන්නේ ඔබේ සිතේ තිබෙන දෙයයි.

දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහිකරමින් සිටියානම් පරීක්ෂා කාලයේදී ඔබ සිහිකරන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි.

සිතේ පූර්ණකමිනුයි මුඛය කථා කරන්නේ මුඛය කථා කරයි. දෙවියන්වහන්සේගේ වචනය සමඟ කාලය ගත කරන්න.

අපි දැන් පොරොන්දු දේශයට ඇතුල්වී සිටින්නෙමු. දෙවියන්වහන්සේ අපට සතුරන් ඉදිරියේ කෑම මේසයන් පිළියෙළ කර ඇත.

ගීතාවලිය 23:5
[5] මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.

අපි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු. උන්වහන්සේ අපගේ හොඳම මිතුරාය.

අප ඉහළට යන්න යන්න ඇදහිල්ලෙන් ජීවත්වෙමු. ඇදහිල්ලෙන් අපට සියල්ලක්ම සම්පූර්ණ කරගත හැකිය.

හිතෝපදේශ 8:13
[13] ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

දෙවියන්වහන්සේට දෙන උසස්තම ගෞරවය ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමයි.

ඇදහිල්ලත් ඉවසීමත් එකට ගමන් කළහොත් එයින් ඔබට ජයග‍්‍රහණය ගෙනදෙයි.

අපි අලස නොවී, ඇදහිල්ලත් ඉවසීමත් සමඟ ගමන් කළ අයගේ අඩිපාරේ ගමන් කරමු.

ලෝකයේ පීඩා තිබේ, නමුත් යේසුස්වහන්සේ සියල්ල ජයගත් නිසා අපටද සියල්ල ජය ගත හැකිය. මන්ද උන්වහන්සේ අප සමඟ සිටී.

හිතෝපදේශ 8:14
[14] මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ. මම නුවණය, මට පරාක්‍රමය තිබේ.

හිතෝපදේශ 8:15-16
[15] මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති. [16] මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.

දෙවියන්වහන්සේට කීකරුවී ගමන් කරන විට උන්වහන්සේගේ ප‍්‍රඥාවෙන් ඔබගේ ජීවිතය සම්පූර්ණවෙනු ඇත. මනුෂ්‍යයන් ඔබගේ ජීවිතය ගැන පුදුමයට පත්වනු ඇත.

හිතෝපදේශ 8:17
[17] මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේට ප‍්‍රේමකරනවානම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන ලෙසයි.

ශු. යොහන් 14:21
[21] යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

දෙවියන්වහන්සේ සමඟ ඔබට තිබෙන ප‍්‍රේමයේ සම්බන්ධය තුළ උන්වහන්සේගේ වචන එකතු කර ගන්න.

දෙවියන්වහන්සේගේ වචනයේ හුස්මෙන් ඔබගේ ජීවිතය ගෙනයන්න.

දෙවියන්වහන්සේගේ දේ පසුපස ඔබ යනවිට ඔබට අවශ්‍ය දේ ඔබ පසුපස එනු ඇත.

මලාකී 3:13
[13] නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.

මලාකී 3:14
[14] නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීමම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?

මලාකී 3:15
[15] එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.

මෙවැනි වචනවලට දෙවියන්වහන්සේ විරුද්ධය. අප පවසන වචන වලින්ම දෙවින්වහන්සේට සැබවින්ම සේවය කරන්නේ කව්ද, එසේම නාමිකව සේවය කරන්නේ කව්ද කියා උන්වහන්සේ දැන සිටී.

දෙවින්වහන්සේට කරන්නාවු පළමු නම්, සේවය උන්වහන්සේට නමස්කාර කිරීමය. යේසුස්වහන්සේව පිළිගත් පසු ඔබ නව මැවිල්ලක් වන්නේය. දෙවියන්වහන්සේගේ සමාදානය ඇත්තේ උන්වහන්සේගේ වචනය තුළය. එමනිසා ඔබ වචනය තුළ ජීවත්වන්න.

ශු. යොහන් 16:33
[33] මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

ප‍්‍රීතිය ඇත්තේ දෙවියන්වහන්සේගේ වචනය තුළය. (යෙරෙමියා 15:16)

ශු. යොහන් 14:21
[21] යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

ගෝලයන් යේසුස්වහන්සේගෙන් ඇසුවේ ලෝකයාට ප‍්‍රකාශ නොවී ඔබ අපට ප‍්‍රකාශවන්නේ ඇයිද කියාය.

ශු. යොහන් 14:22-23
[22] ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනී, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය. [23] යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ වචනය රක්ෂා කරන්නා සමඟ උන්වහන්සේත්, පියාණන්වහන්සේත් වාසය කරන බවයි.

ශු. යොහන් 14:17
[17] ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

ලෝකයා යේසුස්වහන්සේගේ පාප පූජාව විශ්වාස නොකරන බැවින් සත්‍යතාවේ ආත්මය ඔවුන් තුළ නැත.

හිතෝපදේශ 8:17-18
[17] මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි; [18] වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.

ඔබ දෙවිපියාණන්වහන්සේ සමඟ මූලාශ‍්‍රයට සම්බන්ධ වී ගමන් කරන්න.

ගීතාවලිය 91:14
[14] ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

උන්වහන්සේගේ නාමය දැන සිටීම උන්වහන්සේගේ චරිතය දැන සිටීමයි.

ගීතාවලිය 91:15
[15] ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

ඔබ යාච්ඤා කරන විට ඔබට පිළිතුරු දෙන්නේ දෙවියන්වහන්සේය.

පීඩාවෙදි, ප‍්‍රශ්න කරදර තුළදී දෙවියන්වහන්සේ අපව අතහැර දාලා යන්නේ නැත.

ගීතාවලිය 91:16
[16] දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

දීර්ඝකාලයක් ජීවත් වන පිණිස දෙවියන්වහන්සේ ඔබව තෘප්තියට පමුණුවනු ඇත. අපගේ අන්තිම හුස්ම තිබෙන තුරු උන්වහන්සේ අප සමඟ සිටියි.


Watch the Sermon Video

Read 72 times