+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
නව මනුෂ්‍යයා ලෙස ජීවත් වන පිණිස මනස අලුත් කරගන්න - මනූ මැතානි
November 17, 2024 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මේ ලෝකයට එව්වේ අප මේ පොළොවේ ස්වර්ගික ජීවිතයක් ගත කරන පිණිසයි.
විශ්වාස නොකලාවු ඉශ්රායෙල් සෙනඟට පොරොන්දු දේශයට ඇතුල්වීමට නොහැකිවුණි. පොරොන්දු දේශයට යාමට දෙවියන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය හිමිවූයේ ඔවුන්ගෙන් අවුරුදු 20 අඩුවෙන් සිටි පරම්පරාවට පමණි.
ඔවුන්ගේ පියවරුන්ගේ නොඇදහිලිකාරකම, ස්තුතිවන්ත නොවීමේ හදවත ඔවුන් තුළ නොතිබුණි.
ඔබගේ ඇදහිල්ල ක්‍රියාත්මක වීමටනම් ඔබ පළමුකොට දෙවියන්වහන්සේට ස්තූති කරන්න ඔබට දී තිබෙන ගැළවීම සම්භන්ධව.
ඔබගේ නාමය ස්වර්ගයේ ජීවන පොතේ ලියා තිබීම ගැන දෙවියන්වහන්සේට ස්තූති කරන්න.
ඔබගේ මහත්වූ ගැළවීම නොසලකා නොහරින්න.
උපතින්ම අප සිටියේ පාපය හා මරණයේ ව්‍යවස්ථාව යටතේය.
සුභාරංචි වචනය අප අසා පිළිගත් නිසා අපට දෙවියන්වහන්සේගේ දිව්‍යමය ඇදහිල්ල ලැබුණි.
රෝම 8:2
[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
ක්‍රිස්තුස්වහන්සේගේ ජීවන ව්‍යවස්ථාවෙන් පාපය හා මරණයේ ව්‍යවස්ථාවේ සිටි අපව උන්වහන්සේ මුඳවා ගන්නා ලදි.
පාපයේ කුළිය මරණයයි. (රෝම 6:23)
මරණය යනු සඳහටම දෙවියන්වහන්සේගෙන් විසන්දිවීමයි
යේසුස්වහන්සේ කිසිවෙකුට කිසි අයුරින් කරන්නට නොහැකිවූ දෙයක් කරන ලදි. උන්වහන්සේ කුරුසියේදී මිය යන ලදි.
දෙවියන්වහන්සේගේ අග්‍ර දේවදූතයෙක්ව සිටි ලුසිෆර් දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කල විට දෙවියන්වහන්සේ ඔහුව ස්වර්ගයෙන් පන්නා දමන ලදි. (යෙසායා 14:12-15)
ආරම්භයේ පොළොව පාලුව හිස්ව තිබෙද්දිත් ඒ පිට යක්ෂයා සිටින ලදි.
පාලුව හිස්ව තිබූ පොළොව ස්වාමීන්වහන්සේ අලංකාර ස්ථානයක් කරන ලදි.
දින 5ක් ඇතුලත දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට අවශ්‍ය දේ සාදන ලදි.
6 වෙනි දවසේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයට මනුෂ්‍යයා සාදන ලදි.
දෙවියන්වහන්සේ සෑදූ මනුෂ්‍යයා හට උන්වහන්සේ ආධිපත්‍යය දෙන ලදි.
උත්පත්ති 1:26
[26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
දෙවියන්වහන්සේ පොළොව භාරදුන්නේ උන්වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට සෑදු මනුෂ්‍යයා හටය.
උත්පත්ති 1:27-28
[27] දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. [28] දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ යක්ෂයා මනුෂ්‍යයාව පාපයට වට්ටවා දෙවියන්වහන්සේ අලංකාරව සෑදූ පොළොව ඔහුට අත්පත් කර ගන්නා ලදි.
පාපය තුළින් මරණය හටගන්නා ලදි.
ආදම් සහ ඒව එපා කී ගසෙන් කෑ මොහොතේම දෙවියන්වහන්සේගේ ආත්මික භාවයෙන් ඈත්වූ අතර පාපය නිසා මරණය ඇතිවුණි.
මරණය තුළ රෝගය, දිළිදුකම, හිඟතාවය යන සියල්ල ඇතුල්වුණි.
මේ සියල්ල නිවැරදි කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවට පැමිණ උන්වහන්සේ අවරුදු තිස්තුනහාමාරක් ගතකර අවසානයේදී උන්වහන්සේගේ මරණය තුළින් මරණයේ බලය තුළ සිටි යක්ෂයාව විනාශ කර මනුෂ්‍යයන්ව නැවත දෙවියන්වහන්සේගේ ස්වරූපයටත්, සමානත්වයටත් ගෙනෙන ලදි.
දෙවියන්වහන්සේ අපව මවා තිබෙන්නේ උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයටයි.
එපීස 4:22
[22] [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,
පරණ මනුෂ්‍යයාව පහකර දැමිය යුතුයි. මන්ද අපගේ විශාලම පරික්ෂාව පරණ මනුෂ්‍යයාය.
පරණ මනුෂ්‍යය වැටුණු කෙනෙකි. ඔහු තුළ ජීවනය නැත. ඇත්තේ මරණයයි. දෙවියන්වහන්සේ අපව පාපය හා මරණය ව්‍යවස්ථාවෙන් නිදහස් කර ඇත.
දෙවියන්වහන්සේගේ වචනය තුළින් අප ආත්මික උපතක් ලබා ඇත.
ආත්මික උපත ලබා ගත් සියලු දෙනාවම උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයට සමාන කර තිබෙන්නේ.
එපීස 4:23
[23] නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ,
අපගේ මනස අලුත් කරගත යුතුයි. දකින දේ, අසන දේ, හැගෙන දේ සියල්ල ක්‍රියා කරන්නේ මනස තුළය.
ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරුවී ගමන් කරනවාද? ශරීරයට කීකරුව ගමන් කරනවාද කියා මැදිහත්කාරකම් කරන්නේ මනසයි.
දිනපතා අපගේ සිත, මනස අලුත් කර ගනිමු.
මනස වෙනස් නොකර කිසිදා කිරි සහ පැණියෙන් උතුරන දේශය භුක්කි විදීමට ඔබට නොහැකිය. මනස අලුත්වීම කෙතරම්ද අපගේ ජයග්‍රහණයත් එතරම්ය.
අලුත් මනුෂ්‍යයාව පැළඳ ගන්නේ ඔබගේ දිවෙන්.
යක්ෂයා කථා කරන සියල්ලම ඔබගේ ඇදහිල්ලේ පලිහෙන් විනාශ කර දැමිය යුතුය.
යක්ෂයාගේ එකම අරමුණ ඔබ නව මනුෂ්‍යයා තුළ ජීවත්නොවී පරාජයේ ජීවත්වීමය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට නම් වචනයේ ප්‍රකාරයට ඔබගේ සිත වෙනස්කර ගත යුතුය.
රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. [2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
ඔබ ශුද්ධව ඔබගේ ශරීර පූජාවක් කොට දෙවියන්වහන්සේට භාර කරන්න.
දෙවියන්වහන්ගේ ආශාව ඔබ ශුද්ධව, නොකැළැල්ව, දියුණුවෙමින්, දෙවියන්වහන්සේගේ නාමය වරණනා කරමින් ජීවත්වීමය.
ඔබ දෙවියන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යන්නාවූ දෙවියන්වහන්සේගේ මාළිගාවයි.
දෙවියන්වහන්සේ ඔබව පුදුමයක් කර ඇත. ඔබ අලුත් මැවිල්ලක්ය.
1 පේතෘස් 2:8-9
[8] තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය. [9] නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
අප දෙවියන්වහන්ගේ සන්තක සෙනඟක්, උන්වහන්සේගේ රාජකීය පූජකයන්, තෝරාගත් වංශයක්.
දෙවියන්වහන්සේ ඔබව තෝරාගත්තේ ඔබ ඉපදුනාට පසුව නොව, ඔබගේ වත්කම් හැකියාවන් නිසා නොව, ඔබ ඉපදීමටත් පෙර ලෝකයේ අත්තිවාරම් දමපු දවසේ උන්වහන්සේ ඔබගේ ඉපදීමත්, ප්‍රතිචාරත් දැන සුභාරංචි වචනයට ඔබව තෝරා ගන්නා ලදි.
එපීස 1:3-4
[3] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස, [4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.
එපීස 1:5-6
[5] උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා, [6] තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.
ස්වාමීන්වහන්සේ අපගේ ජීවිතය ගැළවීමට පෙර නියම කර තිබේ. එය අහම්ඹයක් නොවෙයි.
සමහර අය ගැළවීම ලැබීමට ප්‍රමාදවන්නේ මේ ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ මනස් අන්ධ කර ඇති නිසාය.
යක්ෂයා ලෝකයේ දෙවියා බවට පත්වුනේ මනුෂ්‍යයාව රවටාය. මනුෂ්‍යයාට තිබූ උතුම්කම, ස්වරූපය සම්පූර්ණයෙන්ම නැතිකර දමා මනුෂ්‍යයාව ලැජ්ජාවට පත් කරන ලදි.
උත්පත්ති 3වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය දක්වා මනුෂ්‍යයා තුළ ලැජ්ජාව නොතිබෙන ලදි. මන්ද දෙවියන්වහන්සේගේ මහිමය ඒ අයගේ වස්ත්රයව තිබුණි.
නමුත් එපා කී ගසෙන් කෑ මොහොතේම ඒ මහිමය නැතිවුණි. ඒ අය භයවුනි. ඒ අය නග්නව සිටින බව ඔවුන්ට පෙනුනි. ඒ අය අත්තික්කා කොල වලින් තම ශරීරය වසා ගැනීමට උත්සහා කරන ලදි. ලැජ්ජාව ඔවුන් තුළට අතුල්වුණි. (උත්පත්ති 3:7-10)
යේසුස්වහනසේ පොළොවට ඇවිත් උන්වහන්සේ ඔබව ගළවා, මුඳවා නව මැවිල්ලක් කරන ලදි.
යේසුස්වහනසේ ඔබව සරසා ඇති ආකාරය, ඔබගේ වටිනාකම ඔබ තේරුම් ගත යුතුය.
යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
අපගේ ගැළවීම ගැන අප බොහෝ ප්රීතිවිය යුතුය. ඒ තුළ අපට සීමාවක් නැති ප්‍රීතියක් ඇත.
දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ කල දේ සම්භන්ධව අපගේ ආත්මය මහත් සේ ප්රීතිවෙයි.
අපගේ නග්න භාවය උන්වහන්සේ නැතිකරදමා උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර පළදා, ධර්මිෂ්ඨකම නැමති සළුවද අපට පොරවනලදි.
පළවෙනි මනුෂ්‍යයා තුළ ඇතිවූ ලැජ්ජාව අප තුළින් සම්පූර්ණයෙන්ම නැතිකර දමා දැන් ස්වාමීන්වහන්සේගේ මහිමයෙන් අප වටකර තිබේ. අප දැන් නිතරම ධර්මිෂ්ඨයි.
අපගේ පරණ මනුෂ්‍යයාව වතුර බව්තිස්මය නැමැති සුසාන භූමියේ වලලා දමා ස්වාමීන්වහන්සේ ඉදිරියේ මහිමවත් ජීවිතයක් ගත කිරීමට අපගේ නව මනුෂ්‍යයා නැවත නැඟිටුණි.
යේසුස්වහන්සේට සිදුවුනා අප වෙනුවෙන් පාපය වී විශාල මිලයක් ගෙවන්නට.
දෙවියන්වහන්සේ සියල්ල සිදුකලේ ක්රමානුකූලවය. යේසුස්වහන්සේව මේ පොළොවට එවනු ලැබුවේ ස්ත්‍රියක් තුළින්ය.
දෙවියන්වහන්සේගේ දූතයා එය මරියාට සැලකරන ලදි. (ලූක් 1:26-33)
මරියාට ප්‍රශ්නයක් වූයේ ඇය විවාහ නොවී කෙලෙස දරුවෙකු ලබනවාද කියාය. දේවදූතයා ඇයට පැවසුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ ඇයව වටකරන බවත්. ඇය තුළින් බිහිවන්නේ ශුද්ධවන්තයෙක් බවත්ය. (ලූක් 1:34-37)
පසුව මරියා දෙවියන්වහන්සේගේ දාසිය ඔබගේ කැමැත්ත වේවායැයි පවසමින් තම කැමැත්ත පලකරන ලදි. (ලූක් 1:38)
දෙවියන්වහන්සේ සියල්ල කරනු ලබන්නේ නීත්‍යානුකූලවය. ඔබට මේ පොළොවේ ස්වර්ගික ජීවිතයක් ගත කිරීමට හැකි බව උන්වහන්සේ හොඳාකාරවම දන්නා සේක.
ඒ සඳහා දෙවියන්වහන්සේ අපට පවසන්නේ අපගේ ඇදහිල්ල දිනෙන් දින වර්ධනයකර ගන්නා ලෙසය.
දෙවියන්වහන්සේට සිදුවුනා උන්වහන්සේගේ පුත්‍රයාව තලන්නට, පොඩිකරන්නට, ලේ වැගිරීමක් කරන්නට.
ලේ වැගිරීමක් නැතිව පාපයට කමාවක් නොමැත.
යේසුස්වහන්සේ මනුෂ්‍යයෙක් ආකාරයට මේ පොළොවට පැමිණ දෙවියන්වහන්සේගේ ලේ දරා සිටින ලදි.
උන්වහන්සේගේ රුධිරයෙන් උන්වහන්සේ සභාව මිලදී ගත්තායැයි පවසන්නේ ඒ නිසාය.
සභාවේ වටිනාකම ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයයි. උන්වහන්සේගේ රුධිරයෙන් මිලයක් ගෙවා උන්වහන්සේ අපගේ ශරීර මිලදී ගන්නා ලදි.
ක්‍රියා 20:28
[28] දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.
පාපයක් නොදැන සිටි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වන ලදි.
2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වුනේ අපව ධර්මිෂ්ඨ කිරීටය. එතුලින් උන්වහන්සේ අප වෙනුවෙන් හුවමාරුවක් කරන ලදි. දෙවියන්වහන්සේගේ සැලැස්ම එයයි.
දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කිරීම තුළින් අපට උන්වහන්සේගේ පුත්‍රකම ලැබුණි. අපට භයක් නොමැතිව උන්වහන්සේ ඉදිරියට යාමට හැකිය.
දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මෙළොවට එව්වේ පළමු ආදම් හා සමානව.
පළමු ආදම් කලාවු පාපයට කුළිය මරණය වීය. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවතුණි.
යේසුස්වහන්සේව ආදම් කලාවු පාපය කලේ නැත.
සියල්ල සම්පූර්ණව තිබු අවස්ථාවේ ඒදන් උයනේදී ආදම්ට පරික්ෂා 3ක් පැමිණෙන ලදි.
යේසුස්වහන්සේට වසය 30දී වනාන්තරයේදී මෙම පරික්ෂා පැමිණෙණ ලදි.
කුසගින්නේ සිටි වේලාවේදී 40 වෙනි දවසේ යක්ෂයා පැමිණ කීවා ඔබ දෙවියන්වහන්සේගේ පුත්රයානම් (සැකයක් ඇති කරමින්) මේ ගල් රොටී කරන්න.
දෙවැනි පරික්ෂාව දේව මාළිගාව මුදුනෙන් පහලට පණින්න කියා යේසුස්වහන්සේ මේ පරික්ෂා දෙකෙන්ම ජය ගන්නා ලදි.
තුන්වෙනි පරික්ෂාව ලෙස යක්ෂයා ආදම්ගෙන් සොරාගත් සියලු පෙන්වා ඔහුට නමස්කාර කලහොත් ඒ සියල්ල දෙන බව පැවසීය. යේසුස්වහන්සේ ගේ පිළිතුරවූයේ දෙවියන්වහන්සේට පමණක් නමස්කාර කලයුතුබව, සේවය කලයුතුබව ලියා තිබේ කියාය. (මතෙව් 4:1-11)
යේසුස්වහන්සේ මේ පරික්ෂා තුනෙන්ම ජය ගන්නා ලදි. පසුව උන්වහන්සේට කුරුසියේදී මැරුම්කන්නට සිදුවුනි.
මනුෂ්‍යයාගේ පාපය දරාගෙන යේසුස්වහන්සේ ඒ තුළින් මනුෂ්‍යයා නිදහස් කරන ලදි.
ධර්ම්ෂ්ඨ යන වචනයෙන් ප්රකාශවන්නේ ඔබට කිසිදු දෝශාරෝපණයක් නොමැතිව දෙවියන්වහන්සේ ඉදිරියට යා හැකි බවය.
ඔබ සැම මොහොතකම මම පව්කාරයෙක්, පව්කාරයෙක් කියා පැවසිය යුතු නැත.
උදෑසන අවධිවූ විට ඔබ දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන්න ඔබගේ ගැළවීම ගැන, දෙවියන්වහන්සේගේ සමානාත්වයට හා ස්වරූපයට ඔබව මවා තිබීම ගැන, ඔබ දෙවියන්වහන්සේට නමස්කාර කරන්න.
පරණ ගිවිසුමේ පූජාවන් තුළින් පාපය හැඟීම නැතිකිරීමට බැරිවිය.
ඔවුන් වසරක් පාසා වසරක් පාපය මතක් කරන ලදි.
වස්සන්ගේ, බැටළුවන්ගේ, පරවියන්ගේ ලේ වලින් කවදාවක් කිරීමට නොහැකිවූ දේ යේසුස්වහන්සේගේ ලේ කරන ලදි.
හෙබ්‍රෙව් 10:1-4 SROV
[1] මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන. [2] පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? [3] නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. [4] මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.
යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් අපගේ පාපිෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන්ම පහකර දමා උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය අපට දී ඇත.
අප මේ පොළොවේ ජීවත්වන්නේ ස්වාමීන්වහන්සේ අපට දී ඇති උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයෙන්ය.
2 පේතෘස් 1:4
4ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.
දෙවියන්වහන්සේ අපට පොරොන්දු දී ඇත්තේ දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය.
දෝශාරෝපනයෙන් ජීවත්නොවන්න. ඔබව නොවටිනා කෙනෙක් කිරීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.
ඔබ වටිනා කෙනෙකි. යේසුස්වහන්සේගේ ලේ වලින් ඔබව ඔසවා තිබේ.
සඵලත්වය, දිව්‍යමය සුවය, ස්වාමීන්වහන්සේගේ සියලු පොරොන්දු ලබා ගැනීමට උන්වහන්සේ ඔබ සුදුසුකාරයෙක් කර ඇත. ඒ ඔබ ධර්ම්ෂ්ඨ නිසාය.
පාපයේ හැඟීම නිතරම ඔබට වරදක්වේයැයි පවසයි. ඒ මාංසයයි. මාංසයේ ඇල්ම මරණයයි.
රෝම 8:6
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.
මාංසයට ඇලී ගැලී ජීවත්වීම දෙවියන්වහන්සේ ඉදිරියේ සතුරුකමක්.
රෝම 8:7
[7] කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය.
මාංසයට ඇලී ගැලී ජීවත්වීමෙන් ඔබ දෙවියන්වහන්සේට ඇති මිත්‍රත්වය නැතිකර ගනී.
ඔබ මාංසයේ ඇල්මෙන් මරණයට නොගොස් ජීවනය තුළ ජීවත්වන්න.
ඔබගේ මාංසය මැඩපවත්වා ගන්න. සිතුවිලි පැමිණියාට පව් කිරීමක් සිදුවන්නේ නැත. ඒවා දෙවියන්වහන්සේගේ වචනයෙන් සෝදා හරින්න. නමුත් ඔබගේ මනසේ බලකොටු සෑදීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.
භයංකාර සිතුවිලි ප්‍රතික්ෂේප කරමු.
සතුරා ඔබව වරදට පත්කිරීමට තැත්කරත්, ඔබට වරදට පත්කිරීමක් නොමැතිව දෙවියන්වහන්සේ ඉදිරියට යා හැකිය.
හෙබ්‍රෙව් 4:16
[16] එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
භයෙන් වෙව්ලමින් නොව නිසැකකමින් දෙවියන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ළගාවෙමු අපි.
කාමමිත්‍යාචාරය කරමින් සිටි ස්ත්‍රිය යේසුස්වහන්සේ වෙතට ගෙනා විට නායකයන් සියල්ලම යේසුස්වහන්සේ දෙස බලා සිටින ලදි. යේසුස්වහන්සේ නැමී බිම ලියු විට දොස්පැවරූ සියල්ලන් ඉවත්ව ගොස් තිබුණි. යේසුස්වහන්සේ ඇයගෙත් අසුවේ කිසිවෙක් ඔබව වරදට පත්කලේ නැද්ද කියාය. ඇය නැතැයි කී විට යේසුස්වහන්සේ පැවසුවේ මමත් නුඹ වරදට පත් නොකරමි. තවත් පව් නොකරන්න කියාය. (යොහන් 8:1-11)
ඇය පැමිණියේ කරුණාවේ සිංහාසනය වෙතටය. ඇයට දයාව ලැබුණි.
වෙනත් ආගමික පූජකයෙක් ළඟට ගියා නම් ඇයට ගල්ගසා මරන්නට අණ කරන්න තිබුණි.
ඔබගේ වැරදි සොයන්නට යක්ෂයාට අයිතියක් නොමැත. ඔබ දෙවියන්වහන්සේ ඉදිරියට ගොස් ඒවා කියාදී අත්හරින්න.
ඔබ ආලෝකයේ ගමන් කරන්නේ නම් ඔබ දන්නෙත් නැති පව් වලටත් ඔබට සමාව ලැබේ.
1 යොහන් 1:7
[7] නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.
අප දැන දැන පාපයක් කලානම් අප අපගේ පාප කියාදී සමාව ඉල්ලා ගත යුතුය.
1 යොහන් 1:9
[9] අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,
දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි, උන්වහන්සේ ධර්ම්ෂ්ඨයි උන්වහන්සේ නැවත නැවත ඔබගේ පාපය මතක් කරදෙන්නේ නැත. ඔබ දෙවියන්වහන්සේට වරද කියාදී එය අමතක කර දමන්න.
හිතෝපදේශ 28:13
[13] තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
පාපය සඟවාගෙන දෝශාරෝපනයෙන් ජීවත්වන්නා දියුණුවන්නේ නැත.
පාපය තියා නොගෙන ඒවා කියාදී අත්හරින්න.
යක්ෂයා වාසය කරන්නේ කුණු තැන්වලය. ඔබගේ හදවතේ තිත්තකමක්, වෛරයක් තිබේනම් යක්ෂයාගේ පහර ලැබේ. එයින් අසනීප, අසමාදානය, වියවුල ඇතිවේ. ඔබගේ ස්වරූපය, සිත වෙනස්කරගත යුතුය.
හෙබ්‍රෙව් 12:15
[15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
තිත්තකමේ මුලටම කථාකර එය වෙන් කර දමන්න. මුල් වලින් ඔබ ඉවත් කරන්නේ නම් ඔබ ආත්මිකව වර්ධනයවූ කෙනෙකි.
තිත්තකමේ මුලක් තිබීමෙන් ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය නොවේ. එය ඔබටත් ඔබ අවට සිටින්නන්ටත් ප්‍රශ්ණයකි. එමනිසා ඒවා මුල් වලින්ම උදුරා දමන්න.
රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. [2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
ඔබගේ ශරීරය දෙවියන්වහන්සේට භාරකිරීම තුළින් ඔබට ඔබගේ සිත වෙනස් කරගත හැකිය.
ඔබ යන තැන් ඇසුරුකරන්නන්ගෙන් වෙන්වන්න.
බයිබලය කියවමින්, මෙනෙහිකරමින්, යාච්ඤාකරමින්, ප්‍රශංසා කරමින්, වචනයට අදාල ගීතිතා ගායනා කරමින් සිත අලුත් කර ගනිමු.
එපීස 4:24
[24] සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.
ඔබගේ මනස වෙනස්කර ගනිමින් මම ධර්මිෂ්ඨයෙක්, ශුද්ධවන්තයෙක්, දේව දරුවෙක්, මම නොවටිනා කෙනෙක් නොවෙමි, මා දූවිල්ලක් නොවෙමි, මා පනුවෙක් නොවෙමි, කියා මුඛයෙන් පවසමින් අලුත් මනුෂ්‍යයා පැළදගන්න.
දෙවියන්වහන්සේට ගෞරව පුදකරමින්, නමස්කාරකරමින් උන්වහන්සේව ඔබගේ ජීවිතයෙන් පිළිබිඹුවන ආකාරයට ජීවත්වෙමින් අපගේ ජීවිත ගමන ගෙනියමු.
Watch the Sermon Video