+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධ ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීති වෙමු - යෝෂා මනූ
November 24, 2024 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේ පිලිගත් දවසේ ඔබගේ ජීවිතයේ සියලු දම්වැල් කැඩී පව්කාර ස්වභාවයෙන් ඔබ සම්පූර්ණයෙන්ම නිදහස්වේ.

ලැබුවාවූ නිදහස්කම තුළ ඔබ ජීවත්වන්න.
නැවත වාරයක් යක්ෂයාගේ බන්ධන වලට රැවටෙන්න එපා ඔබ මුලා නොවන්න.

දෙව් පුත‍්‍රයාණන් නිදහස් කල ඔබ සැබවින්ම නිදහස්යැයි පවසන්න.
දේව වචනය ස්තීරයි, සත්‍යයි.

සැබවින්ම ගැළවීම ලැබුයැයි කියා ඔබ තුන් ගුණයකින් ප‍්‍රකාශ කරන්න. (මාක් 11:23)

මම ධර්මිෂ්ඨයි, මම සැබවින්ම ගැළවීම ලබා ඇත, මා දේව දරුවෙක්යැයි තුන් ගුණයක් කියා ඔබ විශ්වාස කරන්න.

ගලාති 5:1
ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

ක‍්‍රිස්තුස්වහන්සේ යනු ආලේපලත් තැනැන්වහන්සේය. උන්වහන්සේ ඔබව මුඳවා ගන්නා ලද්දේ නිදහස්කම ඇතුව ජීවත්වීමටය.

මිඳීම ලද දේව දරුවෙක් නැවත බන්දනයේ ජීවත්වීමට අවශ්‍යය නැත.

කලින් කලාවූ දේවල් නැවත නොකර සිටින්න. තීරණය ඔබගේ අතෙහිය.

වචනය තුළ පැවතීම, ස්තීරවීම ඉතා වැදගත්ය.

සියල්ල ලැබෙන්නේ විශ්වාස කරන්නාටය.

නිදහස්කම තුළ පැවතෙමින් නිදහස්කම දුන්නාවු දෙවියන්වහන්සේට නිතර ස්තුති දෙමු.

යුදෙව් නායකයන්ගේ බන්දන වලට, බර වලට අසුවී තැලී පොඩිවී සිටි යේසුස්වහන්සේ අදහාගත් යුදෙව්වරුන්ට යේසුස්වහන්සේ පැවසු දේ ......

යොහන් 8:31-32
[31] එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;
[32] නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයන් විය හැක්කේ උන්වහන්සේ කෙරේ අදහන්නන්ටය.

ගෝලයෙක් වෙනවා යනු යේසුස්වහන්සේව අනුගමනය කිරීමය. යේසුස්වහන්සේගේ වචනයට කීකරුවීමය.

පළමුකොට අප සැබෑවූ වචනය තුළින් සත්‍යය දැනගනු අත. ඉගෙන ගනු ඇත.

එතුලින් අපගේ මනස අප අලුත් කර ගත යුතුය. පව්කරුවෙකුව සිටි මා දැන් ධර්මිෂ්ඨය. අන්ධකාරයේ සිටි මා දැන් ආලෝකයෙහිය.

දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටි මා දැන් යේසුස්වහ්සේ තුළට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහිය. දෙවියන්වහන්සේ දැන් මා තුළෙහිය. යනාදි ලෙසින්.

ඔබ ඉගෙනගත්, දැනගත් සත්‍යය ඔබව නිදහස්කරනු ඇත.

යොහන් 8:36
එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය.

යේසුස්වහන්සේ ඔබව නිදහස් කලා නම් ඔබ සැබවින්ම නිදහස්කම ලබා ඇත.

දැන් අප පාපයේ වහලුන් නොව, ශාපලත් සෙනඟක් නොව, ලෙඩ රෝග වලින්, දිළිදුකමේ ආත්මයෙන් ජය ගැනීමට අපට යේසුස්වහන්සේගේ නාමයේ ආධිපත්‍යය ලැබී ඇත.

අදටත් යුදෙව්වරුන් බන්දනයෙන් ජීවත්වන්නේ ඔවුන් යේසුස්වහන්සේව විශ්වාස නොකරන නිසාය.

ප‍්‍රීතියෙන් ජීවත්වීම අපට ස්වාමීන්වහන්සේ දී ඇති උතුම් දායාදයකි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ජීවිතයට පැමිණි පසු සැනසිලිකරුතුමන් අපගේ හදවතේ වාසය කරයි. සැනසිල්ල අප තුළෙහිය. එය සදාකාල සැනසිල්ලයි.

ඉශ‍්‍රායෙල් සෙනග දැඩි සිත් ඇතිව සිටින ලදි. දෙවියන්වහන්සේ ප‍්‍රොපේතවරුලවා පැවසූ දේ ඔවුන් පිලිගත්තේ නැත.

ඔවුන් සිටියේ බිහිරන් අන්ධයන්සේය. අන්ධකාරයේය.

යෙසායා 29:18-19 [18] ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත. [19] යටහත් අය ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීතිවෙනවා ඇත, මනුෂ්‍යයන් අතරෙන් දිළින්දෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වෙනවා ඇත.

ස්වාමීන්වහන්සේගේ වචනය අප නිකං ඇසුවාට වැඩක් නැත. අප එය හදවතින් ඇහුම්කන් දිය යුතුය. එවිට අපට නිදහස ලැබේ.

යේසුස්වහන්සේගේ වචනය තුළින් ඔවුන්ගේ ඇස් පෑදෙනු ඇත.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ලැබෙනුයේ යටහත් පහත් අයටය.
යටහත් පහත්වන්නේ දේව වචනයට ගෞරවය දක්වමින් එය උතුම් කොට සලකන්නාය.

යටහත් පහත්වන්නන් ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප‍්‍රීතිවෙයි. එය ඔබගේ මුහුණෙහි පෙනෙනු ඇත.

කිසි ආත්මික සම්බන්ධකමක් ගිවිසුමක් නොමැතිව අන්ධකාරයේ, පාපයේ ඇලීගැළී සිටි ආත්මික දිළින්දන්ව සිටි අපව යේසුස්වහන්සේ තුළින් යක්ෂයාගේ සියලු දංවැල් කඩාබිඳ දමා දෙවියන්වහන්සේ වෙතට ගෙනෙන ලදි.

ඒ නිසා අද අප වඩ වඩා දෙවියන්වහන්සේ තුළ ප‍්‍රීතියෙන් සිටියි.

දෙවියන්වහන්සේගේ වචනය සමඟ අප එකඟ වන කළ නිතර දෙවියන්වහන්සේ ප‍්‍රීතිය අප තුළ පවතී.

දෙවියන්වහන්සේගේ ආබ‍්‍රහම්ට උන්වහන්සේගේ මිත‍්‍රයායයි පවසයි.

යෙසායා 41:8
8නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය, 9මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ,

දෙවියන්වහන්සේගේ ආබ‍්‍රහම්ට පවසන්නේ භය නොවන ලෙසය.

යෙසායා 41:10
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේ කථාකල විට ඔහු දෙවියන්වහන්සේගේ හඬ අසමින් නොදන්නා දේශයකට යන්නට ඔහුගේ පවුල සමඟ පිටත්වුණි.

දෙවියන්වහන්සේ කියන වචන අසන කල අප උන්වහන්සේගේ මිත‍්‍රයෙක් වනු ඇත.

ආබ‍්‍රහම්ව මිතුරෙක් ලෙස සැලකූ දෙවියන්වහන්සේ සොදොම හා ගොමෝරා දේශ විනාශ කිරීමට පෙර ආබ‍්‍රහම් සමඟ ඒ ගැන කථාකරන ලදි. (උත්පත්ති 18:17-21)

දෙවියන්වහන්සේ නිතරම අපට පවසන්නේ භය නොවන ලෙසය.

යෙසායා 41:16 [16] නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය. (ප්‍රශංසා කරන්නේය).

පාරට්ටු කරනවා යනු දෙවියන්වහන්සේ වර්ණනා කිරීමය,
උන්වහන්සේට ප‍්‍රශංසා කිරීමය. අප දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන කල උන්වහන්සේ අපට ප‍්‍රීතියෙන් තබනු ඇත.

දෙවියන්වහන්සේ පැවසුවේ කරන සෑම දෙයක්ම නිතරම ප‍්‍රීතියෙන් කරන ලෙසය.

යෙසායා 65:19 මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ දෙස බලා ප‍්‍රීතිවන්නේය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට පොරොන්දු දී ඇත.

දෙවියන්වහන්සේගේ සෙනඟ ප‍්‍රීතිමත් වන විට උන්වහන්සේගේ මැවිල්ලද ප‍්‍රීතිමත් වෙනු ඇත.

යෙසායා 55:12 මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.

ඔබ ප‍්‍රීතියෙන් ගමන් කරන කල ඔබට දෙවියන්වහන්සේගේ සමාදානය ලැබෙයි. එය ඔබෙ මගපෙන්වයි. ඔබ අත ගසන සියල්ලම සඵල වනු ඇත.

සමාදාන දෙවියන්වහන්සේ වාසය කරන්නේ ඔබ තුළය.

දෙවියන්වහන්සේ සෙනඟට පවසන්නේ උන්වහන්සේගේ හඬ අසන ලෙසය.

උන්වහන්සේ පවසන්නේ මාගේ බැටළුවෝ මාගේ හඬ අසති කියාය. (යොහාන් 10:3)

දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන විට ඔබගේ ආත්මයට පුදුමාකාර සමාදානයක් ලැබෙයි.

ඔබගේ අභ්‍යන්තර සමාදානයට මැවිල්ල පවා එක්සත්වනු ඇත.


Watch the Sermon Video

Read 73 times