+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ ඔබට දෙන මුදල් විශ්වාස වන්තව භාවිතා කරන්න - මනූ මැතානි
December 1, 2024 Sunday Sermon Notes

 

අපගේ ප‍්‍රකාශන තුළින් අප දිනපතා ආත්මික ව්‍යායාම කල යුතුය.

අප ප‍්‍රකාශ කරන දේ අපගේ ජීවිතේ ඉතා වැඳගත්ය. හරි දේ ප‍්‍රකාශ කිරීම තෝරා ගනිමු.

අප යහපත ප‍්‍රකාශ කිරීම දෙවියන්වහන්සේට මහත් ප‍්‍රීතියකි.

හැගීම් මට්ටමේ ප‍්‍රකාශන වලට පුරුදු නොවී අප ඇදහිල්ලේ ප‍්‍රකාශන කරමු.

හිතෝපදේශ 23:16-18
[16] එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය. [17] නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා. [18] මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.

අප හරිදේ ප‍්‍රකාශ කරමු. ඔබගේ බලාපොරොත්තුව අත්හැර නොගන්න. ඔබ පතන දේ දෙවියන්වහන්සේ ඉෂ්ට කරන බව විශ්වාස කරන්න.

ගීතාවලිය 106:24
[24] ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.

දෙවියන්වහන්සේ පොරොන්දුවුනා ඉශ‍්‍රායෙල් සෙනඟට කිරි හා පැණියෙන් උතුරායන දේශයකට ඔවුන්ව ගෙනයන බවට නමුත් ඔවුන් එය විශ්වාස නොකරන ලදි.

ඔබ හෙළා දකින දේවල් කවදාවත් ඔබව සොයා එන්නේ නැත. ඔබගේ ජීවිතයේ ඔබ යමක් සුළු කරන්නේනම් කිසිදා එය ඔබගේ අතට පත්වන්නේ නැත.

දින 14 කින් යන්න තිබුනාවූ ගමන වෙනුවට ඔවුන්ට අවුරුදු 40ක් කාන්තාරයෙහි ගතකරන්නට සිදුවුනි.

දෙවියන්වහන්සේ පොරොන්දුවුනාවූ දේශයට යාමට ඔවුන්ට නොහැකිවිය.

ස්වාමීන්වහන්සේ පැවසූ දේවල් උන්වහන්සේ ඉෂ්ට කරන බව ඔබ විශ්වාසයෙන් සිටින්න.

කාටත් පෙනෙන්නෑ කියා ඔබ යටි සිතින් කෙදුරුවත් දෙවියන්වහන්සේට ඔබ කොදුරන දේ පෙනෙයි.

දෙවියන්වහන්සේට රහසින් අපට කිසිවක් කල නොහැක.

ගීතාවලිය 106:25-26
[25] නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය. [26] එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,

ඔබ තනිව සිටින මොහොතේදී සිටින්නේ කෙසේද? කොදුරමින්ද දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින්ද, එය දන්නේ ඔබගේ හදවත පමණි.

ද්වීතීය කථාව 7:17
[17] මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.

මේ දේ ඉටුවෙයිද, මෙය සිදුවන්නේ කෙලෙසද වැනි සිතුවිලි අපගේ සිතට පැමිණිය හැකිය. නමුත් එවා පසෙකලා අප දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කරමු.

ඔබ සථලත්වය විශ්වාස නොකරනවානම් ඔබ කවදාවත් සඵලත්වය අත් දකින්නේ නැත.

දෙවියන්වහන්සේ පැවසුවේ කිරි හා පැණියෙන් උතුරායන දේශයට ගොස් ඒ යෝධයන් පන්නා දමන්න කියාය.

යෝධයන් යනු අපට ලෝකයෙන් එන්නාවු පීඩාය.

හිතෝපදේශ 23:21
[21] මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.

ඔබ බේබද්දෙක්වත්, කෑදරයෙක්වත් නොවේ. එහෙයින් ඔබ දිළිදුවිය යුතු නැත. අයිතිනැති දේ ලංකර නොගන්න.

දෙවියන්වහන්සේගේ වචන විශ්වාස කරමින් පියකරු දේශය හෙලා නොදකින්නාවූ ඔබ එලෙස දිළිදුවිය යුතු නැත.

ඔබ යහපතින් උපයාගත් මුදලින් දෙවියන්වහන්සේගේ කොටස වෙන්කල පසු ඉතිරිය අප අතේ පවිත‍්‍රව තිබේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ සඵලවෙමින්, දියුණුවෙන් ජීවත්වීමයි.

අවිගත් කෙනෙක් මෙන් දිළිදුකම ජීවිතයට පැමිණෙන ආකාරය බලමු.

හිතෝපදේශ 24:30-34
[30] අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; [31] එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. [32] එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. [33] තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි [34] කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

අවිගත් කෙනෙක් මෙන් දිළිදුකම පැමිණෙන්නේ අලසයන්, බේබද්දන්, වෛශ්‍යකම් කරන්නන් වැනි පව්කාර ජීවිත ගතකරන්නන්ටය.

ඔබ එවන්නෙක් නොවන හෙයින් දියුණුවෙන්නට කැමති බව දෙවියන්වහන්සේට පවසන්න.

ඔබගේ දියුණුව තවත් කෙනෙකුට ආශීර්වාදයක් වනු ඇත.

මුදල් පාවිච්චිය හරියාකාරව කරන්නේ කෙසේදැයි බලමු

ලෙවී කථාව 27:30
[30] භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.

ප‍්‍රථමයෙන් අප ස්වාමීන්වහන්සේට අයිති කොටස දුන් පසු ඉතිරිය අපට ආශීර්වාදයක්වනු ඇත.

රෝම 11:16
[16] තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.

මුල ඔබගේ දසයෙන් කොටසය. දෙවියන්වහන්සේට අයිති දේ වෙන්කල පසු ඉතිරි දේ ශුද්ධය.

ශුද්ධ දේ අප අශුද්ධ දේට පාවිච්චි නොකල යුතුය.

වැරදි දේ කරන්නන් හට ඔබගෙන් යැපෙන්නට ඉඩ නොදෙන්න. ඥානවන්තව මුදල් පාවිච්චි කරන්න.

මුදල් පරිපාලනය නිසියාකාරව කරමින් ලැබුනු මුදල් හරි ලෙස පාවිච්චි කරන්න.

හිතෝපදේශ 22:26-27
[26] නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න. [27] ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?

දෙවියන්වහන්සේ දුන්නාවු මුදල තව කෙනෙකුගේ ඇපයට නොතබන්න. එය ඔබගේ පවුල් ජීවිතයට පවා බලපාන්නාවු ප‍්‍රශ්න බවට පත්වනු ඇත.

ආත්මාණන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව වපුරන්න. මාංසය සඳහා වැපුරුවහොත් ඔබට කපන්නට වන්නේ කුණුවීමයි.

ආත්මික කාරණාවකට ඔබ වැපුරුවහොත් එය ඔබට ආශීර්වාදයක් වනු ඇත. එවිට ඔබ ලබා ගන්නේ සදාකාල ජීවනයයි.

අකීකරු ක‍්‍රියාවකට ඔබ වැපුරුවහොත් සිදුවන්න් පසුව දුක්වීමටය.

ගලාති 6:8
[8] ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.

ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව වපුරන කල දෙවියන්වහන්සේගේ ආත්මික තලයේ දේ ඔබට භුක්තිවිදය හැකිය.

ගලාති 6:9
[9] තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

ඔබ හරි දේට මැළි නොවී වපුරන්න. වැපුරුවාට පසු ඔබ කෝ අපිට තවම නැතැයි කියමින් කොදුරමින් ක්ලාන්තභාවයට පත් නොවන්න. නියම කාලයේදී ඔබට ලැබෙනු ඇත.

ගලාති 6:10
[10] එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.

ඔබ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කරන කල ඒවා නැවත සම්භවෙනු ඇත.

දේශනකාරයා 11:4-5
[4] හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය. [5] සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භිණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය.

එකම තැන ආයෝජනය නොකර ඔබ කල්පනාකාරීව නියම තැන්වල ආයෝජනය කරන්න.

දෙවියන්වහන්සේගේ වැඩය අප දන්නේ නැත. එහෙයින් වපුරන විට නියමිත කාලයේ අස්වැන්න ලැබෙන බව විශ්වාස කරන්න.

දේශනකාරයා 11:6
[6] උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.

වැපිරීම කවදාවත් නතර නොකරන්න. වැපිරීම සහ කපා ගැනීම තිබෙන බව විශ්වාස කරන්න.

අනනියස් හා සප්පිරා මෙන් නොවන්න.

ඔවුන් සතු ඉඩමක් විකුණා වැපිරීමට ඔවුන් සූදානම්ව සිටියත්, මුදල් ලැබුනු පසු ඔවුට තෘෂ්ණාවක් හට ගැනුනි.

සතුරා විසින් ඔවුන්ට සිතට පුරවපු විශ හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වලටද බලපෑමක් ඇතිවුනි. (ක‍්‍රියා 5:1-11)

ඔවුන් ශුද්ධාත්මයාණන්වහන්සේට මුදල් සම්භන්ධව කලාවු වංචාව නිසා ඔවුන්ගේ ජීවිතද අහිමිවුණි.

ඔබ උනාවූ පොරොන්දුවක් ඉෂ්ට නොකිරීම ඔබගේ අර්ථීත කඩාවැටීමකට හේතුවක් විය හැකිය. පොරොන්දුවක් වුවානම් ඔබ එය ඉටු කරන්න.

උත්පත්ති 8:22 පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.

පොළොව තිබෙන තුරු වැපිරීම හා කපා ගැනීම තිබේ.

ඔබගේ බීජය දෙවියන්වහන්සේගේ වචනයයි.

ඔබ වපුරන්නේ ඔබගේ දීමනා හා දසයෙන් කොටස්ය. ඔබ එය කරන්නේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවෙමිනි.

එවිට ඔබ වපුරන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි.

අපට දෙවියන්වහන්සේගේ ආත්මික ආහාර ලැබෙනවානම් උන්වහන්සේගේ කොටස උන්වහන්සේට දීම අපගේ යුතුකමයි.

දෙන්නාවූ දේ ඔබ සිතින් නියම කරගත යුතුය. ශුද්ධාත්මයාණන්වහන්සේ එය පවසන්නේ නැත. නමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ මා යහපතක් කල යුතුයි කියා ඔබ තීරණය කරගත යුතුයි.

2 කොරින්ති 9:7 කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ යම් යහපතක් කල යුතුයි කියා සිතින් නියම කරගත් කල ඔබගේ ජීවිතයට යම් අලුත් දෙයක් කිරීමට දෙවියන්වහන්සේට පුළුවන. එවිට ඔබට යහපත කපා ගත හැකිය.

කොරනේලියස්ට දෙවියන්වහන්සේ ගැන යම් විශ්වාසයක් තිබුණි. ඔහු භක්තිවන්ත නිතරම දන් දෙමින් සියල්ලන්ට යහපත කලාවු කෙනෙකි. (ක්‍රියා 10:2)

ඔහු යාච්ඤාවෙන් සිටින මොහොතක දේව දූතයෙක් පැමිණ ප‍්‍රකාශවිය.

ක්‍රියා 10:4
[4] ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.

දේවදූතයා පැවසුවේ ඔහුගේ යාච්ඤාව හා දන්දීම සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණි බවය.

ඔබගේ ක‍්‍රියාවන් කවදාවත් දෙවියන්වහන්සේට අමතක නැත.

කොරනේලියස් කීකරුව පේතෘස්ව ගෙන්වා ගැනීමන් ඔහුත් ඔහුගේ පවුලේ සියල්ලන්ද ගැළවීම ලබා මහත් පිබිදීමක් හැට ගැනුනි. (ක්‍රියා 10:34-48)

ඔහුගේ යාච්ඤාව හා දීම උදෙසා ලැබුණු ඵල විපාකයකි එය.

ඔබගේ සෑම ක‍්‍රියාවක්ම දෙවියන්වහන්සේ දකිනු ඇත.

1 කොරින්ති 9:7-8
[7] කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද? [8] මා මේ කාරණා කියන්නේ මනුෂ්‍ය ප්‍රකාරයෙන්ද? නොහොත් ව්‍යවස්ථාවත් එසේම නොකියාද?

1 කොරින්ති 9:9-10
[9] මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද? [10] නොහොත් එය මුළුමනින්ම අප නිසා කියනසේක්ද? එසේය, අප නිසා එය ලියනලද්දේය. හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ නිසාද, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ නිසාද එසේ ලියනලද්දේය.

ආත්මික දේ වපුරන කල මාංසික දේ කපා ගැනීම මහත් දෙයක් නොවේය.

1 කොරින්ති 9:11
[11] අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ සඵලවී දියුණුවීමයි. දෙවියන්වහන්සේගේ දෙවල් සුළු නොකරන්න.

පිලිප්පි 4:12-13
[12] පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. [13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

පාවුල්ට මුදල් තෘෂ්ණාව තිබුනේ නැත. ඔහුට ඕනෑම දෙයකට මුහුණ දීමේ හැකියාව තිබුණි. ඔහු දේශනා කිරීමට ගියේ ඔහුට මඟ පෙන්වන ආකාරයටය. (ක්‍රියා 13:4)

අවංක සේවකයන් ක‍්‍රියාකරන්නේ ආත්මයාණන්වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන ආකාරයටය.

පාවුල් පැවසුවේ ඔහුට කව්රුන් මොනවත් දෙන තුරු ඔහු බලා නොසිටින බවත්, ඔහු බලවත් කරන්නාවු තැනැන්වහන්සේ තුළ ඔහුට සියල්ල පුළුවන් බවත්ය.

පිලිප්පි 4:14
[14] එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.

පිලිප්පි සභාවේ අය පාවුල්ගේ සේවයට මුදලින් උපකාර කරන ලදි.

දෙවියන්වහන්සේගේ සේවයට අප හවුල්වන විට අනිවාර්යෙන්ම අපට විපාක ලැබේ.

පිලිප්පි 4:15
[15] පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය.

පාවුල් පවසන පරිදි ඔහුට මුදලින් දීමනා වලින් ඔහුගේ සේවයට හවුල්වුනේ පිලිප්පි සභාව පමණය.

සමහරුන් සේවයට කිසිදු පංගුකාරකමක් දරන්නේ නැත.

2 කොරින්ති 11:8
[8] නුඹලාට සේවයකරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභකළෙමි.

පාවුල් පිලිප්පි සභාවෙන් ලැබුනු දීමනා වලින් කොරින්ති සභාවට සේවය කරන ලදි. මන්ද කොරින්ති සභාවෙන් ඔහුට කිසිවක් නොලැබූ නිසාය.

සුභාරංචිය ප‍්‍රචලිත කිරීමේදී යම් වියදම් දැරීමට සිදුවේ.

අපට ලැබෙන සේවය උතුම් කොට සැලකිය යුතුය.

අප සේවාවන් සඳහා වපුරන කල එයින් මහත් දේ කැපිය හැකිය.

දෙවියන්වහන්සේගේ සේවයට කැඳවා ගත් සේවකයන්ට උන්වහන්සේ සපයන සේක.

පාවුල් කිසිදා සෙනඟට බරක්වුනේ නැත.

2 කොරින්ති 11:9
[9] තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය. සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි.

පාවුල් සේවය සඳහා තෙල් පොත් වැනි දේ ගන්නයැයි කියමින් සෙනඟට අනිවාර්ය කරේ නැත.

ඔවුන්ගේ සේවයට මකිදෝනියෙන් උපකාර ලැබුණි.

අද සමහර සභාවල තෙල්, පොත් වැනි දේ මිනිසුන්ට ගන්න කියා අනිවාර්ය කර ඇත. එසේ විය යුතු නැත.

දෙවියන්වහන්සේ තම සේවකයන්ට විශ්වාසවන්තව සපයන සේක.

ඔබට මුදල් ලැබුනු විට ප‍්‍රඥාවන්තව එය පාවිච්චි කරන්න. දෙවියන්වහන්සේයි ඔබට මුදල් දෙන්නේ.

තලෙන්ත යනු මුදල්ය. ලැබුනු දේ වැපිරිය යුතුය.

කිසිවක් ඉපවූ නැති කෙනාගේ තලෙන්තයත් රැගෙන වැඩියෙන් තිබුනු කෙනාට දෙන ලදි. මන්ද ඔහු විශ්වාසවන්තව කටයුතු කල නිසාය. (මතෙව් 24:14-30)

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය කිසිදා අප‍්‍රිය නොකරන්න. සුළු නොකරන්න.

පිලිප්පි 4:15-17
[15] පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය. [16] මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය. [17] මා තෑග්ග සොයනවා නොව, නුඹලාගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි.

පාවුල් තුමා පවසන්නේ ඔහුට පිලිප්පි සභාවෙන් ලැබුනු දේ ඔහු බීජයක් ලෙස සේවයට වැපුරූ බවත්, එහි ඵල ඔවුන්ට ලැබෙන බවත්ය.

ඔබ සේවයට හවුල්කාරයෙක් වන විට කරන දේ සතුටින් කරන්න. සිතින් නියම කර ගෙන ආත්මයාණන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට සියල්ල සතුටු සිතින් කරන්න.

දෙවියන්වහන්සේ කිසිවෙකුට ණය කාරයෙක් නොවේය. ඔබ උන්වහන්සේගේ සේවයට යාච්ඤාවෙන්, දීමනා වලින් හා වෙනත් ආකාරවලින් හවුල්කාරයෙක් වු විට උන්වහන්සේගේ ආශීර්වාදය අනිවාර්යයෙන්ම ඔබට තිබෙන බව විශ්වාස කරන්න.

වැපිරීමක් සහ කපා ගැනීමක් තිබෙන බව විශ්වාස කරන්න.

ඔබ විශ්වාසවන්තව ක‍්‍රියා කරන විට ඔබට උපකාර කරන්නට විශ්වාසවන්ත මනුෂ්‍යයන් එනු ඇත.

එය ඔබගේ ජීවිතයේ අත්දකින්න.

ඔබ තවමත් අස්වැන්නක් ලබා නොමැතිනම් ක්ලාන්ත නොවන්න. නියම කාලයේදී ඔබ එය කපාගනු ඇත.

කව්රුත් කියනවාට, පොළඹනවාට නොදෙන්න. ශුද්ධාත්මයානන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට, ඔබට සමාදානය තිබෙන ආකාරයට ක‍්‍රියා කරන්න.

ඔබගේ මනස සමඟ සෙල්ලම් කරමින් දෙන්නයැයි පෙළඹීමක් ඇති කරන අයට නොදෙන්න. සමාදානය තිබෙන තැනට දෙන්න.

හැඟීම්භරව තෘෂ්ණාවේ ආත්ම වලට අසුනොවන්න.

දෙවියන්වහන්සේට පේ‍්‍රමයේ හදවතින් දෙන්න.

කොරනේලියස් සතුටු සිතින් යාච්ඤාවත්, දන්දීමත් කල හෙයින් එය සිහිකිරීමක් ලෙස උන්වහන්සේ ඉදිරියට යන ලදි.

ඔබගේ යහපත් ක‍්‍රියා අමතක කරන්නට දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨ නැත. (හෙබ්‍රෙව් 6:10)

ඔබ ශුද්ධවන්තයන්ට කරන්නාවූ දේ උන්වහන්සේ කවදාවත් අමතක නොකරයි.


Watch the Sermon Video

Read 55 times