+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ දැනගැන්ම නැතිව ඔබට වාල්භාවයේ සිටිය හැකිය - මනූ මැතානි
December 8, 2024 Sunday Sermon Notes

 

අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් නිදහස ලැබූ, දිනපතා උන්වහන්සේගේ යහපත අත්දකින්නාවු සෙනඟක්ය.

ලියවිල්ලෙහි සඳහන් ප‍්‍රකාරයට එක් අයෙක්වත් විනාශවීම, නිරයට යාම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය.

ශුද්ධාත්ම බව්තිස්මය ලැබූ පසු අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන්ය.

අපට සාක්ෂියක් ඇත. අප ජයගන්නේ අපගේ සාක්ෂියේ වචනයෙන්ය.

ඕනෑම ප‍්‍රශ්නයකට, කුණාටුවකට අප මුහුන දෙන කළ අප ජයගන්නේ උන්වහන්සේගේ බලයෙනි.

පැමිණෙන කුණාටු තාවකාලිකය. දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් අපව මුදවා උන්වහන්සේගේ රාජ්‍යයට අපව කැදවා ඇත. එම නිසා සතුරාට කිසිවක් කල නොහැක.

අප ලබා ගත් මිදීම අප සැමරිය යුතුය.

ස්වාමීන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර ඇත, ශුද්ධවන්තයෙක් කර ඇත, අපගේ පරණ පව්වලින් අපව මුදවා, ගළවා ඇත. ඒවා නැවත නැවත මතක් නොකරයි.

ඔබගේ පරණ ජීවිතය ගැන සිතමින් නොයිද යේසුස්වහන්සේ අපගේ ජීවිතයට අප උදෙසා කලාවූ දේ සිතා අපද අන් අය අපට කලාවු දේවලට ඔවුන්ට සමාව දෙමු. දේව කැමැත්ත එයයි.

දෙවියන්වහන්සේ අපගේ මැවුම්කරුය. උන්වහන්සේගේ ස්වරූපයට හා සමානාත්වයට මනුෂ්‍යයෙකු සාදා ඔහුට සහකාරියක් ලෙස ඒවව සාදා දෙදෙනා එක් කරමින් උන්වහන්සේ පළවෙනි විවහා මංගල්‍යය කරන ලදි.

දෙවියන්වහන්සේ ඔවුන්ගේ විවහායේදී ආශීර්වාදකරමින් පැවසුවේ. ඔවුන්ට බෝවෙමින් වර්ධනය වන ලෙසය. පොළොවේ සියල්ල මැඩපැවැත්වීමට ආධිපත්‍යය උන්වහන්සේ ඔවුන්ට දෙන ලදි. (උත්පත්ති 1:26-30)

නමුත් සර්පයා ඔවුන්ව රවටා පාපයට වට්ටන ලදි. එයින් පසු මේ ලෝකය විනාශකාරී ලෝකයක්විය.

දෙවියන්වහන්සේ මැව්වේ ඉතා අලංකාර ලෝකයක්ය. නමුත් පළමු මනුෂ්‍යයා වරද්දවා ගත් හෙයින් දෙවියන්වහන්සේට තවත් මනුෂ්‍යයෙක්ව සාදන්නට සිදුවුනි.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ කන්‍යාවියක් තුළින් සාදා උන්වහන්සේ පැවසුවේ පළමු මනුෂ්‍යයා කල වරද නිවැරදි කරන පිණිස ශුද්ධවන්තයෙක් ලෙස පොළොවට ගොස් ඔබගේ ශුද්ධ ජීවිතය කුරුසිය මත පූජාකරන ලෙසය.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඒ දේ කල නිසයි අද අපට අපගේ මිදීම සමරන්නට පුළුවන් කමක් තිබෙන්නේ.

දේව පුත‍්‍රයාවූ යේසුස්වහන්සේ මනුෂ්‍යය පුත‍්‍රයෙක් ලෙස තම දිවි පුද කලේ අපව ගැළවීමටය.

එලෙස උන්වහන්සේ අපගේ ජීවිතයේ කලාවු සියලු යහපත් දේ නිසා අප උන්වහන්සේට ප‍්‍රශංසාවේ පූජාවන් ගෙන එමු.

අප දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ලෙන්, මහිමෙන් වර්ධනය වෙමු.

ලෝකයා කියන්නාවු දේ වලට අසුනොවී සිටිමු. ශුද්ධ ලියවිල්ලේ තිබෙන දේවල් විශ්වාස කරමු.

යෙසායා 5:13
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.

නොදැනුවත්කම නිසා මනුෂ්‍යයා විනාශයට යති. ඔවුන් මනුෂ්‍යයන් කියන දේ වලින්, මාධ්‍ය කියන දේවලින්, අපටම එන සිතුවිලි වලින් ජීවත්වන්නට පටන් ගතහොත්, ඒවා විශ්වාස කලහොත් එයින් අප බන්ධනයකට අසුවී සිටී.

නමුත් යමෙක් සත්‍ය දැනගත්විට ඒ සත්‍ය මනුෂ්‍යාව නිදහස් කරනු ඇත. වෙන කිසි දේකට අපව නිදහස් කිරීමට නොහැකිය.

අසම්පූර්ණ අප යේසුස්වහන්සේ වෙතට පැමිණි කළ උන්වහන්සේ තුළින් සම්පූර්ණවේ.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ස්වාමීන්වහන්සේට ගෞරව, මහිමය පුදකරමින් මේ පොළොවේ ඉතා අලංකාර, අනර්ඝ උතුම් ජීවිතයක් අපට ගත කිරීමට පුළුවන.

කොලොස්සි 2:9-10
9මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය. 10සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.

අප සම්පූර්ණව සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ අපගේ හිසව සිටින නිසාය.

දෙවියන්වහන්සේගේ වචනය අපගේ සිතට දමාගෙන අප ජීවත්වන කල උන්වහන්සේ දකින ආකාරයෙන් ජීවිතය දකින්නට අපට පුළුවන් කමක් ඇත.

අප සිටින ආකාරයෙන්ම ස්වාමීන්වහන්සේ අප පිලිගන්නේය.

අපට තනියෙම අපව ගැළවාගැනීමට නොහැක. ඒ සඳහා ලේ වැඟිරීමක් කිරීමට යේසුස්වහන්සේට සිදුවුනි.

යේසුස්වහන්සේගේ ලේ වැඟිරීම තුළින් අපව සම්පූර්ණකමට ගෙනවිත් නිදහස් කරන ලදි.

ප‍්‍රීතියේ ජීවිතයක් හා ඇදහිල්ලේ ගමනක් අපට උන්වහන්සේ තුළින් ලැබුණි.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණකම නිසාවෙන් අපට අපගේ දුර්වලකම් සම්පූර්ණයෙන් මිදී ශක්තිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන.

සභාවට පීිඩා ඇති කරමින් ප‍්‍රශ්න කරදර ඇති කරමින් සාවුල් ලෙසින් සිටි පාවල්ට දිනක් යේසුස්වහන්සේ දර්ශනයවී එතුළින් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පරිවර්ථනය වුණි. ඔහුගේ ජීවිතය වෙනස්වුණි. පසුව යේසුස්වහන්සේගේ ගෝලයෙක් බවට පත්වුණි. (ක‍්‍රියා 9:1-31)

පාවුල් යන යන සැම තැන්හී ඔහුට ප‍්‍රශ්න ඇති වුණි. ඔහු යේසුස්වහන්සේ ගැන අන්‍යයන්ට ප‍්‍රකාශ කරන හෙයින් යක්ෂයා ඔහුට බොහෝ පීඩා ගෙන එන ලදි.

අප අතින් අත්වැරැද්දක් සිදුවූ විට අප එය ස්වාමීන්වහන්සේට කියාදී සමාව ගෙන නැවත නොකිරීමට වගබලා ගත යුතුය. උන්වහන්සේගේ උපකාරය ඇතිව අප ජය ගනිමු.

පාවුල් තම පීඩාව ගැන ස්වාමීන්වහන්සේට කන්නලව් කල විට උන්වහන්සේ පැවසුවේ මාගේ කරුණාව නුඹට සෑහේ කියාය.

උන්වහන්සේ පැවසුවේ ඔබගේ දූර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ ලෙස ක‍්‍රියා කරන්නට යන බවය.

2 කොරින්ති 12:9
[9] උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ බලය තුළින් අපගේ දුර්වලතාවයන්ගෙන් සම්පූර්ණයෙන් මිදී නිදහස්විය හැකිය.

ඔබ දුර්වලයි, දුර්වලයි කියා නොපවසමින් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ශක්තිමත්යැයි පවසන්න.

ධනාත්මක වචන හා දේව වචනය අතර විශාල වෙනසක් ඇත.

දේව වචනය යනු දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මුනු වචනය. උන්වහන්සේගේ මුඛයෙන් නික්මුනු වචනයක් උන්වහන්සේ ආපසු හරවා ගන්නේ නැත.

උන්වහන්සේ පැවසූ යමක් ඇද්ද එය ඉෂ්ඨ කිරීමට උන්වහන්සේ ඒ පසුපස සිටී.

ඔබ යම් රෝගයකින් පෙලෙයි නම් ඔබව එයින් මුඳවාලීමට ශුද්ධාත්මයාණන් වහන්සේට හැකිය. ඒ උන්වහන්සේගේ ශක්තිය, බලය, උපකාරය නිසාවෙනි.

ඔබ කලාවු යමක් නිසා ඔබට මේ විපත පැමිණියායි නොසිතන්න. ඔබ කලාවු සියල්ලට ස්වාමීන්වහන්සේ ඔබට කමාව දී හමාරය. උන්වහන්සේගේ අනුග‍්‍රහය මත ඔබගේ විශ්වාසය තබන්න. මන්ද උන්වහන්සේගේ අනුග‍්‍රහය අපට සෑහේය.

අපගේ දුර්වලතාවයට වඩා ස්වාමීන්වහන්සේගේ බලය ශක්තිමත්ය. අපට ගමන් කිරීමට එය අපට සවියක් වේ.

ස්වාමීන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ සැමදා අප සමග බවය. අප ජල මැදින් ගියත්, ගිණි මැදින් ගියත් උන්වහන්සේ අප සමඟය. කිසිදා අපව අත් නොහරියි.

ස්වාමීන්වහන්සේ මා සමඟයි මා භිය නොවන්නෙමි කියා ස්තීර මනසකින් අප සිටිමු.

එක් අවස්ථාවකදී යේසුස්වහන්සේගේ වචන තදවැඩියයි කියා උන්වහන්සේ සමඟ සිටි අය උන්වහන්සේ අතහැර යන ලදි.

යේසුස්වහන්සේ 5000 කට කන්ට දීපු අවස්ථාවේ මේ අයත් එතැන සිටින ලදි. නමුත් උන්වහන්සේ තවත් ගැඹුරට උගන්වන්නට පටන්ගත් කල ඒ අය පසුබටවී හැරී යන ලදි. එහෙත් උන්වහන්සේ කිසිදා උන්වහන්සේගේ වචන වෙනස් නොකරන ලදි. එය සදාකාලයටම එකාකාරව පවතී.

ශු. යොහන් 6:66
[66] මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.

යේසුස්වහන්සේ ගෝලයන්ගෙන් නුඹලාත් මා දමා යනවාදැයි ඇසූ විට පේතෘස්ගේ පිලිතුර වූයේ අපි කා ලගට යමුද, සාදාකාල ජීවනයේ වචන ඔබ තුළ ඇති බවය. (ශු. යොහන් 6:68)

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ ස්වර්ගයෙන් බැස ආ බවය. උන්වහන්සේ අපගේ ජීවන රොටියයි.

ශු. යොහන් 6:51
[51] ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක.

යේසුස්වහන්සේ පැවසු කීම් සමුහයා පිලිගන්නට අකමැතිවුණි. ඔවුන් එය දුටුවේ තද කීම් ලෙසය.

යුදෙව්වරුන් තුළ මෝසෙස්ගේ ඉගැනිවීම් ගැන විශ්වාසයක් තිබුණි. මෝසෙස්ගේ ඉගැන්වීම් හොඳය. නමුත් ඵරිසිවරුන් ඒවා තමුන්ගේ වාසිය හරවාගෙන තිබුණි.

ශු. මතෙව් 23:1-2
[1] එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට: [2] ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.

ඔවුන් මෝසෙස්ගේ ඉගැන්වීම් කලත් එය කලේ තමුන්ගේ පරිවර්ථනයට අනුවය.

ශු. මතෙව් 23:3
[3] එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.

යේසුස්වහන්සේ පැවසුවේ ඵරිසිවරුන්ගේ ක‍්‍රියාවන් නොකරන ලෙසය.

මෝසෙස්ගේ ඉගැන්වීම් වල වරදක් නොමැත. නමුත් ඒ තුළ ගැළවීම නොතිබුණි. ගැළවීම තිබුනේ යේසුස්වහන්සේ තුළ පමණි.

ශු. මතෙව් 23:4
[4] එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.

ඔවුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සියලු බර මනුෂ්‍යයන් පිට තැබුවත් ඔවුන් ඒ කිසිවක් ඔවුන් පිටට නොගන්නා ලදි.

යේසුස්වහන්සේ පැමිණ කලාවූ ක‍්‍රියාවන්ට මනුෂ්‍යයන් කැමතිවුණි. මන්ද උන්වහන්සේ රෝගීන් සුවකරන ලදි, යක්ෂයන් දුරු කරන ලදි. වැරදි කලාවු අය ඉන් මුදවන ලදි. කාමමිත්‍යාචාර කලාවු අයට සමාව දෙන ලදි. නමුත් යුදෙව් නායකයන් එයට කැමති නොවීය.

එනිසයි යේසුස්වහන්සේ පැවසුවේ ඔවුන් කරන්නේත් නැත කරන කෙනාට ඉඩ දෙන්නෙත් නැත කියා.

ඵරිසිවරුන්ගේ මතය වූයේ ඇතුලත කුමක් සිදුවුවත් පිටස්තරින් පවිත‍්‍රවුවහොත් ඇති කියාය.

ඵරිසියා යේසුස්වහන්සේට කෑමට ආරාධනා කලේ ඔහුගේ වාසියටය.

ශු. ලූක් 11:37-38
[37] උන්වහන්සේ කථාකරද්දී ඵරිසියෙක් තමා සමඟ කෑම කන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඇතුල්ව කෑමට වැඩහුන්සේක. [38] ඵරිසියා ඒ දැක උන්වහන්සේ කෑමට පළමුවෙන් අත් නොසේදූ නිසා පුදුමවුණේය.

යේසුස්වහන්සේට කෑමට පෙර අත නොසේදීම ගැන ඵරිසියා පුදුම වුණි. මන්ද එය ඔවුන්ගේ චාරිත‍්‍රයකි.

යේසුස්වහන්සේ චාරිත‍්‍රයට වඩා බැලුවේ මනුෂ්‍යයන්ගේ හදවතය.

ශු. ලූක් 11:39-40
[39] ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඵරිසිවරුවූ නුඹලා කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් නුඹලාගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ. [40] අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද?

ඵරිසිවරුන් සිතුවේ පිටස්තරින් හොඳට සිටීමෙන් ඔවුන්ගේ ආගමිකභාවය පෙන්විය හැකි බවය. නමුත් දෙවියන්වහන්සේ බලන්නේ අපගේ ඇතුල් පැත්තය.

යේසුස්වහන්සේ වෙතට පව්කාරයෙක් පැමිණි විට උන්වහන්සේ සමාව දෙන ලදි.

ඵරිසිවරුන් බලා සිටියේ යේසුස්වහන්සේගේ වැරදක් සෙවීමටය. ඔවුන් කාමමිත්‍යාචාරය කරද්දී අසුවූ ස්ත‍්‍රියක් උන්වහන්සේ වෙතට ගෙනවිත් බැලුවේ උන්වහන්සේ කුමක් කියයිද කියාය.

උන්වහන්සේ කිසිවක් නොකියා කලේ බිම ලියු එක පමණි. උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා, නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක. එතුලින් ඔවුන්ගේ ජීවිත එලිදරව්වෙන්නට ඇත. ඔහුන් කිසිවෙක් ඉතුරුනොවී සියල්ලන්ම නික්ම යන ලදි.

ශු. යොහන් 8:7-10
[7] ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා, [8] නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක. [9] ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය. [10] යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක.

යේසුස්වහන්සේ ස්ත‍්‍රියගෙන් ඇසුවේ කිසිවෙක් ඔබ වරදට පත්කලේ නැද්ද කියාය.

මේ කාන්තාව ගෙන ආවේ කරුණාවේ සිංහාසනයටය.

කරුණාවේ සිංහාසනය යේසුස්වහන්සේය. ඔබට උන්වහන්සේගේ දයාව ලබාගන්නා පිණිස උන්වහන්සේ වෙතට පැමිණෙන්න.

හෙබ්‍රෙව් 4:16
[16] එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

නිසැකකමින් ඔබ කරුණාවේ සිංහාසනයට පැමිණෙන්න.

යේසුස්වහන්සේගේ කුරුස පත්වීම තුළින් අප තවත් දෝෂාරෝපණයේ ජීවත්වන්නේ නැත.

අප ශුද්ධවන්තයන්, දේවදරුවන් ලෙසින් නිර්භීතකමින් උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත ගොස් දයාව ලබා ගනිමු.

යේසුස්වහන්සේගේ දයාව තුළින් අපගේ අවශ්‍යතාවය, මිදීම, සුවය, යහපත, සඵලත්වය, අපගේ සියල්ල ලබා ගනිමු.

ශු. යොහන් 8:10-11
[10] යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක. [11] ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.]

යේසුස්වහන්සේට පමණයි පුළුවන්කමක් තිබුනේ ඇයව වරදට පත් කරන්න. නමුත් යේසුස්වහන්සේ එසේ කලේ නැත. උන්වහන්සේ පැවසුවෙ මමත් නුඹ වරදට පත් නොකරමි කියාය.

මන්ද යේසුස්වහන්සේගේ නාමය තුළින් දයාව, කරුණාව, අනුග‍්‍රහය, මිදීම උන්වහන්සේ ගෙනහැර පාන ලදි. එයයි ගැළවීමේ පණිවිඩය.

යේසුස්වහන්සේ පැවසුවේ යන්න තවත් පව් නොකරන්න කියාය.

අපට අනුග‍්‍රහය තුළින් කවදාවත් පව් කරන්නට අනුබල දෙන්නේ නැත.
නමුත් අනුග‍්‍රහය තුළින් අපට පාපයෙන් ජයගැනීමට ශක්තිය, බලය, උපකාරය ලැබේ.

රෝම 6:12
[12] එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.

රෝම 6:13
[13] නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.

අපගේ ශරීරයේ අවයවයන්, අප යන එන තැන්, දකින දේවල්, කරන දේවල් අප සිතන දේවල් පවා දෙවියන්වහන්සේට භාර කිරීමෙන් අපට ශුද්ධවන්තයෙක් ලෙස ජීවත්වෙන්නට උන්වහන්සේගේ උපකාරය ලැබෙයි.

රෝම 6:14
[14] කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

ඔබ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ වචනය ඉගෙන ගතහොත් කවදාවත් පාපයට වහලෙක් වෙන්න යන්නේ නැත. නිශ්ප‍්‍රයෝජණ වචන කථා කරන්නේ නැත.

දේව වචනයේ පැහැදිලිව පවසන්නේ දැන් අප සිටින්නේ ව්‍යවස්ථාව යටතේ නොවේය කියාය.

ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ජයග‍්‍රහණය කිරීමට ශක්තියක් තිබුනේ නැත. එහෙත් අනුග‍්‍රහය තුළ සිටින්නාවු අපට ජයග‍්‍රහණය ලබා ගැනීමට පුළුවන.

උන්වහන්සේ පවසන්නේ මාගේ අනුග‍්‍රහය ඔබට සෑහේ කියාය.

ඔබ නිතර පවසන්න ස්වාමීනි ඔබගේ අනුග‍්‍රහයෙන් මා සියල්ල ජයගන්න නිසා ඔබට ස්තූතියි, මා දුර්වල කෙනෙක් නොව ශක්තිමත් කෙනෙක්. මාගේ අවයවයන් ඔබට භාරදී තිබෙන්නේ. ඔබවහන්සේගේ උපකාරය ඇතිව මම ජීවත්වෙමි ස්වමිනි ඔබට ස්තූතිවේවා කියා.

ඔබට නරක සිතුවිලි පැමිණියාට එය පාපයක් නොව, එහෙත් එය බලකොටුවක් වීමට ඉඩ නොදෙන්න. අපගේ යුතුකම බළකොටු බිඳහෙලා දැමීමය. අපගේ මනස පාලනය කිරීමේ හැකියාව තිබෙන්නේ අපටමය. ඔබගේ මුුඛයෙන් ඔබගේ මනස පාලනය කල හැකිය.

2 කොරින්ති 10:3-4
[3] මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. [4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

අපගේ මාංසය තුළ අපට මනසක් තිබේ. අපගේ යුධ භූමිය ඇත්තේ අපගේ මනසේය.

සතුරා ඔබගේ මනසට දමන්නාවු දේවල්, එකිනෙක්කෙනා පවසන දේවල් අපගේ මනසින් අප ප‍්‍රතික්ෂේප කල යුතුය. මාංසික සිතුවිලි පාලනය කිරීමට අපට පුළුවන.

ඔබට ඔබගේ සිත පාලනය කිරීමට පුළුවන්නම් මුළු ජීවිතේම ඔබට උන්වහන්සේගේ කැමැත්ත අනුව ගත කළ හැකිය.

රෝම 12:2
[2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

ඔබගේ මනස වචනය තුළට ඇතුල් කර මනස අලුත් කර ගත්විට ඔබගේ සිත නිතරම සුදානම්ව සිටින්නේ යහපත්වූ, සම්පූර්ණවූ දේව කැමැත්ත කිරීමටය.

වචනය මෙනෙහි කිරීමෙන් ඔබගේ සිත පාලනය කරගත හැකිය.

අපගේ ස්වාමින් යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේ අපට අණ කරන්නේ උන්වහන්සේගේ වචනය රෑ දාවල් මෙනෙහි කරන ලෙසය. (යෝෂුවා 1:8)

2 කොරින්ති 10:4
[4] (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

වෙනත් කෙනෙකු නිසා මේ දේ සිදුවුනායයි කියමින් ඔබ අන්‍යයන් පිට වරද නොතබන්න.

අපගේ සිතේ ශෝකය, බිය, අසමාදානය, සමාව නොදී සිටීම, කාමයට බර වැනි විවිධ බළකොටු තිබිය හැකිය. අප එම බළකොටු බිඳ හෙළා දැමිය යුතුය. විනාශකර දැමිය යුතුය.

ස්වාමීන්වහන්සේගේ වචනය ගින්නක් මෙන්ය, කුළුගෙඩියක් හා සමානය අපට එයින් මෙම බලකොටු බිඳ දැමිය හැකිය.

යෙරෙමියා 23:29
[29] මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේගේ වචනය බලවත්ය.

උන්වහන්සේ සියල්ල දන්නා බව අප තේරුම් ගත යුතුය.

1 යොහන් 3:20
[20] මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.

අප බයෙන් වියවුලෙන් ශෝකයෙන් සිටිය යුතු නැත. මන්ද සම්පූර්ණ ප‍්‍රේමය භය දුරුකරයි. සම්පූර්ණ සමාදානය වියවුල දුරු කරයි. සම්පූර්ණ ප‍්‍රීතිය ඔබගේ ශෝකය ඉවත් කරයි.

දෙවියන්වහන්සේ සම්පූර්ණ දෙවියන්වහන්සේය.

මනුෂ්‍යයන් කලාවු වැරදි දේවල් බයිබලයේ සඳහන්ව ඇත්තේ අපට ඒවා නොකර සිටීමටය.

ඔබගේ ජීවිතේට එන්නාවු කුණාටු වලට ඔබ යේසුස්වහන්සේගේ නාමයනේ අණ කරන්න. ඔබගේ ජීවිතයේ ආරක්ෂාව ඔබ බලාගත යුතුය. මනසට ඇතුල් වන දේ ඔබගේ ජීවිතයෙන් ඉවත්කර නොගතහොත් කවුරුන් ඔබ වෙනුවෙන් යාච්ඤා කලත් වැඩක් නැත.

ඔබ කොතැන ගියත් ඔබගේ මනස ඔබ සමඟය. ස්ථාන වෙනස්කර වැඩක් නැත අවශ්‍ය වන්නේ මනස අලුත් කර ගැනීමය.

දේව වචනය නැමැති වතුරෙන් මනස සෝදා පවිත‍්‍රකර ගත යුතුය. (එපීස 5:27)

රෝග භිය, මරණීය සිතුවිලි එන කල එම බළකොටු බිඳ දමන්න.

ගීතාවලිය 91:16
[16] දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ සදාකාල ජීවනයයි. මරණයට ඔබගේ ජීවිතයට ඉඩ නොදෙන්න. මරණීය වචන කථා නොකරන්න.

ආදම් සහ ඒවට දෙවියන්වහන්සේ පැවසුවේ එපා කියු ගසෙන් කෑ දවදේම ඔවුන් මරණයට පත්වන බවයි. (උත්පත්ති 2:17)

නමුත් ඔවුන් එම ගහෙන් කෑ දවසේම මිය ගියේ නැත. ආදම් අවුරුදු 930 ජීවත්වුනි. (උත්පත්ති 5:5)

සිදුවූයේ ඔවුන් ශරීරයෙන් ජීවත්වුවත් දිනපතා මරණිය ජීවිතයක් ගත කිරීමය.

මරණයෙන් මරණයට ජීවත්වීමය. ඒතුළ අසනීප, රෝග, පවුල් ප‍්‍රශ්න, සහෝදරයන් අතර භේද, දිළිදුකම යනාදී සියල්ලම අයත්ය.

ආදම්ට අයත්වූ එම මරණය තුළ මුළු මිනිස් සංහතියම ජීවත්වේ.

මරණීය වචන කථාකල සැනකින් මරණය ඇතිනොවේ. දෙවියන්වහන්සේ ඔබගේ හුස්ම ගන්නේ නැත. උන්වහන්සේ මිනිමරුවෙකු නොවේය.

යේසුස්වහන්සේ පැහැදිලිව පැවසුවේ ආරම්භයේ සිටම මිනිමරුවා යක්ෂයා කියාය.

ශු. යොහන් 8:44
[44] නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

ආබෙල් තම පූජාව ගෙනාවේ සතුටින් ප‍්‍රීතියෙන් ඔහුගේ ජීවිතේ හරි ආකල්පයෙන්ය.

නමුත් කායින් ගෙනාවේ දෙන්නම් වාලේය.

දෙවියන්වහන්සේ කායින්ගේ පූජාව පිළිනොගත් විට යක්ෂයා කායින් තුළින් තම සහෝදරයා ආබෙල් මරා දැමීමට පෙළඹවිය.

උත්පත්ති 4:4
[4] ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක; (ගරු කළ සේක).

ආබෙල් දෙවියන්වහන්සේ සමඟ ගමන් කරයි යන සිතුවිල්ලෙන් යක්ෂයාට අවශ්‍ය වූයේ ආබෙල්ව මරා දැමීමටය.

යක්ෂයා කායින්ගේ මනසට මිනිමැරීමේ සිතුවිලි ගෙන එන ලදි.

උත්පත්ති 4:5
[5] එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය.

කායින් තම සහෝදරයා මැරීමට පෙර දෙවියන්වහන්සේ කායින්ට කථා කරන ලදි. (උත්පත්ති 4:6-7)

කායින්ට තම මුහුණ වෙනස් නොකර උතුම්ම කොටසින් දෙවියන්වහන්සේට පූජාවක් ගෙනෙන්නට තිබුණි.

අප දෙවියන්වහන්සේට අපගේ ජීවිතේ උතුම්ම දේ දිය යුතුය.

ඔබගේ තරණ වයස දෙවියන්වහන්සේ උදෙසා දෙන්න. එවිට ඔබට දෙවියන්වහන්සේගේ යහපත අත්දැකිය හැකිය. උන්වහන්සේ ඔබගේ සවිය අලුත් කරනු ඇත. ඔබ සිටින්ට යන්නේ රාජාලීන් සේ ඉහළ තැන්වලය.

යෙසායා 40:30-31
[30] තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. [31] නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

දෙවියන්වහන්සේ ඔබව සිංහයන්ට සමාන කර ඇත. (හිතෝපදේශ 28:1)

දෙවියන්වහන්සේ අපව දිනපතා ශක්තිමත් කරන බව විශ්වාස කල යුතුය.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රඥාවන්ත දිවක් දී ඇත. කථා කරන්නට වචන දෙනු ඇත.

යෙසායා 50:4
[4] විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

ඔබ ක්ලාන්ත නොවී දෙවියන්වහන්සේගේ වචනය සමඟ එකග වන්න.

ස්වර්ගික ජීවිතයක් මේ පොළොවේ ගත කිරීමට දෙවියන්වහන්සේ අපට ජීවනය දී ඇත.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රතිපත්ති දී ඇත. ඒ අනුව අපට ස්වර්ගික දේ කථා කල හැකිය. අප ස්වර්ගය ගැන කථා කරන්නාවු ස්වර්ගයේ තානාපතියන්ය.

අපේ දෙවියන්වහන්සේ යහපත්, අපේ යේසුස්වහන්සේ යහපත්, උන්වහන්සේ ඕනෑම කෙනෙකුව නොමිලේ පිලිගන්නවා ඇත කියා ඔබට පැවසිය හැකිය.

ශු. ලූක් 17:20
[20] දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.

යේසුස්වහන්සේ පිලිගත් පසු දෙවියන්වහන්සේගේ රාජ්‍ය අප තුළට ඇවිත් වාසය කරනු ඇත. රාජ්‍ය ඔබ තුළ නම් රජ තුමන් සිටින්නේ ඔබ තුළෙහිය.

ශු. ලූක් 17:21
[21] බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද
දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොවේය

රෝම 14:17
[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨය - පියාණන්වහන්සේ ධර්මිෂ්ඨය උන්වහන්සේ අප තුළ වාසය කරයි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාදානයයි - යේසුස්වහන්සේ සාමයේ කුමරුය උන්වහන්සේ අප තුළ වාසය කරයි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප‍්‍රීතියයි - ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප‍්‍රීතිය අප තුළ වාසයකරයි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ තුළ වාසය කරන බව විශ්වාස කරන්න. ඔබ ධර්මිෂ්ඨයි, දෙවියන්වහන්සේගේ සමාදානය ඔබ තුළ ඇත. ඔබ ප‍්‍රීතිමත් මනුෂ්‍යයෙක්ය.

දෙවියන්වහන්සේගේ සමාදානය ලෝකයේ සමාදානය මෙන් නොවේය.

ශු. යොහන් 14:27
[27] නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

දෙවියන්වහන්සේගේ සමාදානය තුළ සඵලත්වය ඇත. ඔබට කල නොහැකියයි සිතන දේ කල හැකිය.

දෙවියන්වහන්සේගේ පවසන්නේ උන්වහන්සේව අනුගමනය කරන ලෙසය. උන්වහන්සේව අනුගමනය කරන්නන් කිසිසේත් ලැජ්ජාවට පත්වන්නේ නැත.

රෝම 10:10-11
[10] මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය. [11] උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

ඔබගේ සිතින් ඔබ අදහාගත්තේ ධර්මිෂ්ඨ කෙනෙක් වීමටය. ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කලේ ඔබගේ ගැළවීමය.

ගැළවීම යනු සුවය සහ මිදීමය.

ස්වාමීන්වහන්සේ පිළිගන්නාට උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සළුවක්ද, ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍රයක් දී ඇත. කිසිසේත් ඔබ ලැජ්ජාවට පත්වන්නේ නැත.

ස්වාමීන්වහන්සේ අපගේ සැපයුම්කරුය, මිදුම්කරුය. අප උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම ඉටුවනු ඇත.

ඔබගේ නොහැදිලිකාරකම නිසා හෝ නොසැලකිලිමත්කම නිසා ඔබගේ ජීවිතයේ නාස්තියට පත්වී ඇද්ද උන්වහන්සේ ඒ අවුරුදු නැවත අපට පිහිටුවනු ඇත.

යෝවෙල් 2:25-26
[25] මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. [26] නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ සෙනඟ කිසි කලකත් ලැජ්ජාවට පත් නොවන බවය.

අප කල යුත්තේ දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගැනීම හා විශ්වාස කිරීමය.

යෙහෝෂාපාට් රජතුමා දෙවියන්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරමින් පැවසුවේ ඔවුන්ට විරුද්ධව එන සතුරන් ඉදිරියේ ඔවුන්ට ශක්තියක් නැත කියාය.

2 ලේකම් 20:12
[12] අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.

යෙහෝෂාපාට් රජතුමා යහපත් කෙනෙකි. ඔහුට ධනය, බලය සම්පත් සියල්ල තිබුණි. (2 ලේකම් 17:1-14)

එතරම් බලවත් රජතුමා පවසන්නේ ඔවුන්ට කිසිවක් කල නොහැකි බවයි.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබට කරන්නට බැරි යමක් ඇද්ද එය මට කරන්ට පුළුවන් කියාය.

ශු. ලූක් 11:52
[52] ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.

දැනගැන්ම ඇතිව සිටියත් මනුෂ්‍යයන්ට ඇතුල්වෙන්න ඉඩ නොදීම ගැන යේසුස්වහන්සේ ආගමික නායකයන්ට තරවටු කරන ලදි.

ඔබවද සමහර ආගමික නායකයින් වැරදි මාවතට හරවන්නට උත්සහා කරනු ඇත. ඔබ එයට ඉඩ නොදෙන්න.

ශු. යොහන් 8:44
[44] නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

යක්ෂයා බොරු කාරයෙක්ය, මුළාකරන්නෙක්, මනුෂ්‍යය ජීවිත නාස්තිකරන්නෙක්ය.

යක්ෂයාගේ බොරුවට අසුවී මුළා නොවන්න.

දෙවියන්වහන්සේ කායින්ට පැවසුවේ පාපය නුඹේ දොරකොඩ සිටිනවා නමුත් එය වලක්වන්න නුඹට ආධිපත්‍ය තිබෙනවා කියාය.

උත්පත්ති 4:6-7
[6] ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? [7] නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහියයි කීසේක.

යක්ෂයා ඔබගේ සිතට ගෙනෙනා සිතුවිලි පාලනය කිරීමට ඔබට පුළුවන. යක්ෂයාගෙන් ජය ගැනීමට ඔබට පුළුවන. ඔබ ජයග‍්‍රාහී කෙනෙක්ය.

2 කොරින්ති 10:5
[5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අපගේ සියලු සිතුවිලි ක‍්‍රිස්තුස්වහන්සේගේ කීකරුකමේ වහල්කමට අප භාරදිය යුතුය.

දෙවියන්වහන්සේගේ දැන ගැන්මට විරුද්ධ දෙයක් ඔබගේ මනසේ තිබේනම් ඒවා ඔබ පහතට හෙළා දමමින් එය බිඳ දමන්න.

දෙවියන්වහන්සේගේ දේ පමණක් පිළිගන්න.

බොරුවේ පියා යක්ෂයාගේ දේ පිළිනොගන්න. යක්ෂයා බලා සිටින්නේ ඔබව විනාශ කිරීමටය.

ඔබගේ ජීවිත කාලයේදී දෙවියන්වහන්සේ පටන් ගත් යහපත් වැඩය අවසානය දක්වා ඉටු කිරීමට දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනු ඇත.

අන්තිම දක්වා ඔබ දෙවියන්වහන්සේ දෙස බලා සිටින්න.

ඔබට විරුද්ධව සතුරු හමුදාවක් පැමිණියත් අන්තිම දක්වා ඔබ දෙවියන්වහන්සේ දෙස බලා සිටින්න.

යක්ෂයා දැමූ සිතුවිලි ඔබගේ මනසේ තිබිය හැකිය. එම සිතුවිලි කඩා බිඳ දමමු.


Watch the Sermon Video

Read 84 times