+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
මාංසයේ ක්රියා ප්රකාශව තිබේ - මනූ මැතානි
December 15, 2024 Sunday Sermon Notes
ප‍්‍රීතිවීම තෝරාගැනීමකි. දෙවියන්වහන්සේ තුළ පවතිමින් ප‍්‍රීතිවීම ඔබ තෝරාගන්න.
ස්වාමීන්වහන්සේ අපගේ බලකොටුවයි, ආරක්ෂා ස්ථානයයි. දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය අපගේ ශක්තියයි. ප‍්‍රීතිය තුළ අපට සුවය හා සවිය ඇත.
ඒ ප‍්‍රීතිය තුළ අපගේ ජීවන ගමන ගෙනයමින් අපගේ ජීවිතයේ වෙනස අත්දකිමු. ප‍්‍රීතිය නොමැතිනම් අප ජීවිතයේ වටිනා දෙයක් අහිමිව තිබේ.
කිතුනු ජීවිතයක් වර්ධනය වන විට එම තැනැත්තා ආත්මික ඵල වලින්ද වර්ධනයවෙයි.
පරණ මනුෂ්‍යයාගේ ජීවිතයේ ප්රකාශව තිබුණේ මාංසයේ ඵලය.
ගලාති 5:19-20
[19] ඉදින් මාංසයේ ක්රියා ප්රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; [20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;
අප මාංසයේ පැත්තට බරවුවහොත් අපගේ ජීවිතයේද මෙවැනි ක‍්‍රියාවන් දැකිය හැකිය.
රූප වන්දනාව යනු තෘෂ්ණාවයි.
කොලොස්සි 3:5
[5] එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.
මුරණ්ඩුකමත් රූප වන්දනාවට සමානය.
1 සාමුවෙල් 15:23
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය.
මේ පොළොවේ ජීවත්වන කාලයේ අප මේවායින් ඉවත් විය යුතුය. අපගේ ජීවිතයෙන් ඒවා මැඩපැවැත්විය යුතුය.
හිතෝපදේශය කියවීමෙන් ප‍්‍රඥාව, දැනගැන්ම ලබාගත හැකිය.
බයිබලය අපගේ සිත පෙන්වන කැඩපතයි.
පොළොවේ ජීවත්වන අපට පරීක්ෂා, පැකිලීමට පත්වන කාරණා පැමිණිය හැකිය.
අන් භාෂාවෙන් යාච්ඤා කරමින්, දේව වචනය කියවමින් හොඳ මිතුරන් සමඟ සහභාගිකම් පවත්වමින් යහපත් වචන කථාකරමින් ආත්මිකව ගමන් කරන කල අපට මේ දේ වලින් වැලකිය හැකිය.
අප ජීවත්ව සිටියේ ප‍්‍රාණය හා ශරීරය තුළ පමණය. ආත්මය තිබුණේ මරණයට පත්වය. අප ජීවත්වූයේ මළාවු ආත්මයත් සමඟය.
දෙවියන්වහන්සේ ආදම්ට පැවසුවේ හොඳ නරක දැනගැනීමේ ගසෙන් කෑ දවසේම ඔවුන් මරණයට පත්වන බවය.
උත්පත්ති 2:16-17
[16] ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; [17] එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
මෙම ගසෙන් දෙවියන්වහන්සේට මනුෂ්‍යයාගේ ඇති සැබෑ ප‍්‍රේමය විදහා දැක්වීමට පුළුවන.
යේසුස්වහන්සේ පැවසුවේ යමෙක් මට ප‍්‍රේමකරන්නේ නම් ඔහු මාගේ ආඥා රක්ෂා කරන බවය.
ශු. යොහන් 14:21
[21] යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.
සර්පයා සමඟ කථාවට ගිය ඒව සර්පයාට පැවසුවේ දෙවියන්වහන්සේ පැවසූ දේ නොවේය.
උත්පත්ති 3:3
[3] එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය.
ඒව සර්පයාට පැවසුවේ දෙවියන්වහන්සේ එයට අත ගසන්ටත් එපා කීවේය කියාය. එය ඇය එක්කළ කරුණකි.
වැරදි පුද්ගලයින් සමඟ කථාවට යන විට නැති දේත් කියවීමට පෙළඹේ.
ඔවුන් තමුන්ගේ වාසියට බයිබල් පද උපුටා දක්වමින් කථා කරයි.
යේසුස්වහන්සේත් මුද්‍රික පානය සෑදුවා, පාවුල් තිමෝතිට මුද්‍රිකපානය ටිකක් බොන්ට කීවා නේද යනාදී ලෙසින් කථා කරයි.
ඔබ ගැළවීම ලැබූ පුද්ගලයෙක් වුවත් ඔවුන්ගේ කථා අසා වැරදි දේට යොමුවීමට පුළුවන. බොරු අදහස් ඔබගේ සිතට ඇතුල්වීමට පුළුවන.
දෙවියන්වහන්සේ පැවසුවේ එම ගසෙන් කෑ දවසේම ඔවුන් මරණයට පත්වන බවය.
උත්පත්ති 2:17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
දෙවියන්වහන්සේ පවසන දේ අප නිසැකවම ඉටුකරන්නේ නම් අපට යහපත අත්දකින්ට පුළුවන.
දෙවියන්වහන්සේ පවසන්නේ බියෙන් ගැහෙමින් ජීවත්වන්න කියා නොවේය. උන්වහන්සේ පවසන්නේ ආත්මයෙන් ගමන් කරන්න, එවිට ඔබ මාංසයේ තෘෂ්ණාවන් සම්පූර්ණ කරන්නේ නැත කියාය.
වචනය හරියට පිළිගෙන ජීවත්වන්නේ නම් එය අපහසු නැත.
ආදම් සහ ඒව එපා කිවූ ගසෙන් කෑ පමණින් ඔවුන් මිය ගියේ නැත. නමුත් ඔවුන්ට වස්ත‍්‍රයක් මෙන් තිබුණු දෙවියන්වහන්සේගේ මහිමය එකෙනෙහිම ඔවුන්ගෙන් ඉවත්වුණි. ඔවුන්ගේ නග්නභාවය දැක ඔවුන් තුළ ලැජ්ජාවක් හටගැනුනි.
ආදම් අවුරුදු 930ක් ජීවත්වුවත් ඔහුගෙන් සියල්ලන් ඉපදුනේ මරණීය ස්වභාවයක් ඇතිවය.
ඔවුන් ජීවත්වන්නේ පෙනීමේ, දැනීමේ හැටියට ප‍්‍රාණිය වශයෙන්ය. ඔවුන්ට හෘද සාක්ෂියක් තිබුණත් ඇත්තේ මරණීය ස්වභාවයක්ය.
රෝම 1:18
[18] මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ;
සත්‍යය දැනගෙනත් ඔබ තවමත් මාංසයේ ක්‍රියාවල ජීවත්වන්නේ නම් ඒවායේ ඵල විපාක ලැබෙනු ඇත.
එයට වඩා අපගේ ජීවිතයෙන් අප දෙවියන්වන්සේට අගෞරවයක් ගෙන දෙන්නෙක් වනු ඇත.
අවංකව ගැළවීම ලැබුවෙක්නම් ඔබ අතින් අත්වැරැද්දක් වූවා කියා දෙවියන්වහන්සේ ඔබව අත්හරින්නේ නැත. නමුත් අපට ශුද්ධකමින් ජිවත්විය හැකිය.
මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි. (1 කොරින්ති 5:6 /ගලාති 5:9)
එසේම ඔබ කුඩාවට සිතන දේවලින් විශාල විනාශ සිදුවිය හැකිය.
සාලමොන්ගේ ගීතිකාව 2:15
මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.
යේසුස්වහන්සේ අපගේ ගැළවුම්කරුය, මිදුම්කරුය. අපගේ ජීවිතය උන්වහන්සේගේය. අපගේ වටිනා ජීවිතය නැතිකර නොගනිමු.
දෙවියන්වහන්සේට අගෞරව නොකර උන්වහන්සේට මහිමය ගෙන දෙමින් ජීවත්වීමට තෝරගනිමු.
රෝම 1:18-20
[18] මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ;
අප තුළ දේව භයක් තිබිය යුතුය. දෙවියන්වහන්සේගේ විනිශ්චය තිබෙන බව දැන සිටිය යුතුය.
[19] මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක.
දෙවියන්වහන්සේ ගැන දැන ගැනීමට මනුෂ්‍යයාට අවස්ථාව ලැබෙයි. ඔවුන්ට ඇත්ත නැත්ත තේරුම් ගැනීමට හැකිය.
[20] මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.
කිසිවෙකුට නිදහසට කරුණු කිව නොහැකිය. අලංකාර ලෝකයේ මැවීම පිටුපස කෙනෙක් ඇත. එය මනුෂ්‍යයෙකුට කළ හැකි දෙයක් නොවේය.
රෝම 1:21
[21] මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.
අද මනුෂ්‍යයන් මැවුම්කරුට වඩා මැවිල්ලට ගරුකරමින් නමස්කාරය දෙති.
රෝම 1:22-25
[22] තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව, [23] ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය. [24] එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක. [25] එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්.
අද මනුෂ්‍යයා සත්‍යය දැන ගෙනත් සත්‍යය වෙනස්කර බොරුවට හරවා ඇත.
අද සෑම ප‍්‍රශංසාවක්ම, ගෞරවයක්ම මනුෂ්‍යයා දෙන්නේ මැවිල්ලටය.
ලෝකයේ සිංදු මැවිල්ල ගැන ගායනා කරයි.
අප දෙවියන්වහන්සේට නමස්කාර කරන්නාවු ගීතිකා මෙන්ම එකිනෙකා ශක්තිමත් කරන්නාවු ගීතිකාද ගායනා කරන්නෙමු.
ලෝකයේ සිංදු හා දෙවියන්වහන්සේගේ යහපත් ගීතිකා අතර වෙනස එයයි.
දේව දරුවෙක් වීමට පෙර අපි ආත්මික උපතක් නොමැකිව ප‍්‍රාණය මට්ටමින් ජීවත්ව සිටියත් අප පාපයේ මැරී සිටි මනුෂ්‍යයන්ය.
එපීස 2:1
[1] නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක.
අපට තිබුණේ මළාවු ස්වභාවයක්ය. ප‍්‍රාණය, ශරීරය තිබුණත් ආත්මය මරිලාය.
අප ගැළවීම ලැබුවේ අපගේ කැමැත්තෙන්ය. දෙවියන්වහන්සේ ගැළවීම බලෙන් දෙන්නේ නැත.
2 කොරින්ති 4:4
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ මනස් අන්ධ කර ඇත.
මනුෂ්‍යයාගේ නියම තත්වය දැන සිටියේ දෙවියන්වහන්සේය. මනුෂ්‍යයා සිටියේ පාපයට හා ව්‍යවස්ථාව යටතේය.
පළමු ආදම්ගේ වරද නිවැරදි කරන්නට දෙවියන්වහන්සේ මේ ලෝකයට යේසුස්වහන්සේව එවන ලදි.
අන්තිම ආදම් ලෙස මෙළොවට පැමිණි යේසුස්වහන්සේ අපට ආත්මික උපතක් දෙන ලදි.
1 කොරින්ති 15:45
[45] එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.
ආදම් යන නමෙහි අර්ථය - මනුෂ්‍යයා යන්නය.
ඒව යනු - ස්ත‍්‍රියයි.
පළමු ආදම් සිටියේ ජීවමාන ප්‍රාණයක් ලෙසය.
අන්තිම ආදම් යේසුස්වහන්සේ සිටියේ ජීවනය දෙන ආත්මයක් ලෙසින්ය.
අප දැන් සිටින්නේ පළමු ආදම් තුළ නොව අන්තිම ආදම්වූ යේසුස්වහන්සේ තුළය. උන්වහන්සේ අපව තබා තිබෙන්නේ ඉතා උසස් තැනකය.
අන්තිම ආදම්වූ යේසුස්වහන්සේගේ ජීවනය ගෙන දෙන්නාවු වචන අප කථා කරන කල උන්වහන්සේ ඒ තුළින් මනුෂ්‍යයන් ගැළවීමට ගෙනෙනු ඇත.
දෙවියන්වහන්සේ තුළ ඔබගේ මුඛයෙන් නික්මෙන වචන හිස්ව හැරී නෑවිත් කවදා හෝ එම කාරණා ඉටුවෙනු ඇත.
ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ කව්රුන්දෝයි කියා ඔබ දැන සිටියහොත් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේය.
රෝම 8:1-2
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. [2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සිටින්නෙක් නම් ඔබට වරදට පත්කිරීමක්, දෝෂාරෝපණයක්, දඬුවමට පත් කිරීමක් නැත. ඒ මන්ද ඔබ නව මැවිල්ලක් නිසාය.
ක්රිස්තුස්වහන්සේ තුළ පරණ පව් මතක් කිරීමක් නොමැත. අපට පරණ පව් මතක් වන්නේ නම් එයට හේතුව අපගේ ආත්මික චරිතය ගොඩනඟා නොමැතිවීමය.
යේසුස්වහන්සෙ පිළිගත් පසු ඔබගේ ජීවිතයේ වර්ධනයක් තිබිය යුතුය. ක‍්‍රිස්තුස්වහන්සේගේ දේ තේරුම්ගෙන අප ජීවත්විය යුතුය.
2 පේතෘස් 1:5-7
[5] එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, [6] දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, [7] දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.
මේ දේවල් අපගේ ජීවිතේ තිබිය යුතු වර්ධනය විය යුතු දේවල්ය.
2 පේතෘස් 1:8-9
[8] මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. [9] නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.
මේ දේවල් ඔබගේ ජීවිතයේ තිබෙන කල ඔබ කාලය ගත කරන්නේ ඒසමඟය. ඔබ අසන දේවල් කරන දේවල්, යන එන තැන් වෙනස්වෙයි.
මේ කාරණා සමඟ ඔබ ගොඩනැගෙන්නේ නැතිනම් ඔබ සිටින්නේ අන්ධව, උඩගු මනසක් ඇතිවයි.
අනවශ්‍යය වචන කථා නොකරන්න. එයින් ඔහුගේ අඥානකම විදහාපායි.
ආත්මිකව වර්ධනය වූ කෙනා කිසිදා පුරසාරම් දොඩවන්නේ නැත. ඒ කෙනා පරණ පව් වලින් නිදහස්වූ කෙනෙක්ය.
රෝම 8:1
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.
ආත්මිකව වර්ධනය බාධාවක් තිබේනම් ශුද්ධාත්මයාණන්වහන්සේ එය ඔබට පෙන්වා දෙනු ඇත.
එළියා වැන්දඹු කාන්තාවගේ නිවසට ගොස් ඇයට ආශීර්වාදයක්වුණි.
(1 රාජාවලිය 17:10-16)
එම කාන්තාවගේ පුත‍්‍රයා රෝගාතුරවී හුස්ම නැතිවූ විට ඇය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේ නුඹ පැමිණියේ මාගේ පාපය සිහිකරවන්ටත්, මා හට දඬුවම් පමුණුවන්නටද කියාය.
1 රාජාවලිය 17:17-18
[17] ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය. [18] එවිට ඈ එළියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එළියාට කීවාය.
මෙය දෙවියන්වහන්සේගේ දඬුවමක් නොවේය. උන්වහන්සේ ඇයගේ පරණ පව් සිහිකලේ නැත. උන්වහන්සේ ඇයට සාගතයේදී පිහිට වෙමින් කරුණාව දැක්විය.
මෙම කාන්තාවගේ දෑස් ඇරුනේ එළියා ඇගේ දරුවාව මරණයෙන් නැඟිටෙව් පසුවය.
පළමුව දෙවියන්වහන්සේගේ දාසයාට දොස් කිව් ඇය, දැන් දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යය පිළිගන්නා ලදි.
1 රාජාවලිය 17:24
[24] ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එළියාට කීවාය.
දෙවියන්වහන්සේ අපව පරණ පව්වලින් නිදහස් කර ස්වර්ගික ජීවිතයක් ලබා දුන්නාට නිතර උන්වහන්සේට ස්තූතිවන්ත වන්න.
රෝම 8:2
[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
ක‍්‍රිස්තුස්වහන්සේ අපව නිදහස් කර ඇත.
එපීස 2:1-2
[1] නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක. [2] පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
යක්ෂයාට ඇහුම්කන් දෙමින් මාංසයේ ජීවත්වූ අපි දැන් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් නිදහස්ව ආත්මයාණන්වහන්සේට ඇහුම්කන්දෙන්නන් ලෙස සිටිමු.
අපට දෙවියන්වහන්සේගේ හඬ අසන්නට පුළුවන්කමක් තිබෙන්නේ උන්වහන්සේ අප තුළ වාසය කරන නිසාය.
එපීස 2:3
[3] ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
අප සිටියේ අපගේ මාංසයටත්, සිතටත් කැමති දේ කරමින්ය.
ගැළවීම ලැබූ පසු උන්වහන්සේගේ ස්වභාවය අප තුළට පැමිණ තිබෙන නිසා අප සිටින්නේ නව මැවිල්ලක්වය.
එපීස 2:4-5
[4] නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, [5] අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා,
එපීස 2:6
[6] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.
අපගේ පාපයට වඩා දෙවියන්වහන්සේගේ දයාව පොහොසත්ය. අපගේ ගැළවීම තුළ උන්වහන්සේගේ කරුණාව හා අනුග‍්‍රහය උතුරා යන තරමට අපට ලැබී ඇත.
ස්වර්ගීයවූ ස්ථානවල ස්වාමීන්වහන්සේ අපව හිඳුවා තිබෙන්නේ. අප දැන් නව මැවිල්ලක්ය. අප ගමන් කරන්නේ මාංසයෙන් නොව ආත්මයෙන්ය.
අප ජයග‍්‍රාහිකව දෙවියන්වහන්සේගේ මහිමය සඳහා ජීවත්වෙමු.
Watch the Sermon Video