+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ආත්මික චරිතය ගොඩනැගීම- මනූ මැතානි
February 2, 2025 Sunday Sermon Notes
දේව වචනය තුළ ජීවත්වන සියලු දෙනාට තිබෙන්නේ ජයග‍්‍රහණය පමනය.
දේව වචනය විශ්වාස කරන්නට අප පුරුදුවෙමු.
දේව වචනයට අදාල නොවන දේ තාවකාලිකය. එයින් ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා වර්ධනය නොවෙයි.
කිතුනු භක්තිකයන් මෙළොව ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ දූ පුතුන් හැටියටය.
අප ඇත්ත කථාකරමින්, සමාව දී එකිනෙකා සමඟ ප‍්‍රේමයෙන් සිටින්නේ නම් අප අන්ධකාරයේ ගමන් කරන්නේ නැත.
1 යොහන් 2:9-11
9ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. 10තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. 11නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපගේ පාපවලට සමාව ලැබී ඇත.
1 යොහන් 2:9-12
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.
යේසුස්වහන්සේ අපගේ සියලු බර, පාපය උසුලා ගන්නා ලදි. ඒ නිසා අද අපගේ පාප වලට සමාව ඇත. අප නිතරම එය සිහියේ තබා ගත යුතුය.
දෙවියන්වහන්සේ අපගේ පරණ පව් මතක් කරන්නේ නැත.
1 කොරින්ති 6:9-11
[9] නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, [10] සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය. [11] නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.
දෙවියන්වහන්සේ අපව ශුද්ධකර, ධර්මිෂ්ඨකර ඇත.
ලෝකයේ ආකාරයට ජීවත්වන්නන්ට දේව රාජ්‍යය උරුම නැත.
ඔබගේ ජීවිතයේ ඔබ කුමන මට්ටමේ පාප වල නිරතවී සිටියද යේසුස්වහන්සේ ඔබගේ පාප සෝදා පවිත‍්‍රකල පසු එහි කිසිදු පැල්ලමක් නැත.
යක්ෂයා ඔබට ඒවා මතක් කර දෙමින් ඔබගේ කිතුනු ජීවිතය ගත කිරීමට අසීරු කරනවානම් ඔබ පවසන්න මට ස්වාමීන්වහන්සේ නමදින්නට පුලුවන මන්ද උන්වහන්සේ මා සෝදා ඇත, උන්වහන්සේ මා පවිත‍්‍රකර ඇත, උන්වහන්සේ මා ධර්මිෂ්ඨ කර ඇත.
ස්වාමීන්වහන්සේ ඔබව පරණ පුරුදු වලින් ගැලෙව්වාට නිතර උන්වහන්සේට ස්තූතිවන්ත වන්න.
2 පේතෘස් 1:5-7
[5] එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, [6] දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, [7] දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.
අප ඉවසීමෙන් කටයුතු කරමින්, ප‍්‍රේමයෙන් ගමන් කරමින් දේව වචනය තුළින් මෙවැනි ගුණාංග අපගේ ජීවිතයේ වර්ධනය කර ගත යුතුයි.
අප එකිනෙකා සමඟ සුහදව ප‍්‍රේමයෙන් කථා කරමු.
අපගේ අත්තිවාරමවූ ඇදහිල්ල මත ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, භක්තිවන්තකම, සහෝදර ස්නේහය, ප‍්‍රේමය එකතු කර ගත යුතුය.
ඇදහිල්ලේ අත්තිවාරම මත යහපත් ගුණාංග වලින් ඔබගේ ජීවිතය ගොඩනගා ගත යුතුය.
දෙවියන්වහන්සේ තුළ වර්ධනයවීමට, ශක්තිමත්වීමට අප තුළ ආශාවක් තිබිය යුතුය.
ඔබගේ ජීවිතයේ යහපත් ගුණාංග නොමැතිනම් ඔබට කොපමන බයිබල් දැනුමක් තිබුනත් ඵලක් නොමැත.
දැනුම පමණක් තිබෙන්නා උඩගු කෙනෙක් විය හැකිය. උඩගුකම නිසා ඒ ජීවිත වල වර්ධනයක් නොමැත.
1 කොරින්ති 8:1
[1] දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.
ලෝකයා ගෙනෙන අදහස් ඔබගේ දරුවන් විනාශ කරන්නට පුළුවන. එම නිසා ඔවුන් ගැන සොයා බලන්න. විමසිලිමත් වන්න. ඔවුන්ව වැරදිවලින් වලක්වා ගන්න. ඔවුන්ට නොමග යාමට ඉඩ නොදෙන්න.
අප ලෝකයේ ජීවත්වුවාට අප ලෝකයට අයිති නැත. ලෝකයා සමඟ සම්භන්ධ නොවී සිටීමට දේව වචනය මුල් කර ගනිමු.
ශු. යොහන් 17:14
[14] මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.
දෙමාපියන් දරුවන් ගැන සොයා නොබලා ඔවුන් විනාශවුන විට ඔවුන් ගැන දුක්නොවීමට සත්‍යතාවේ වචනයෙන් දරුවන් දැනුවත් කරමු.
ශු. යොහන් 17:15-18
[15] ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි. [16] මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති. [17] සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. [18] ඔබගේ වචනය සත්‍යතාවය. ඔබ මා ලෝකයට එවුවාක්මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමි.
දේව වචනය අසා එය අපගේ ජීවිතේ නිධාන කර ගනිමින් අපගේ ජීවිත ආරක්ෂා කර ගනිමු.
ගීතාවලිය 119:11
[11] ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
දෙවියනවහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අප සමඟ සහභාගිකම් පවත්වයි. අප දිනපතා ඒ උන්වහන්සේගේ සහභාගිකම තුළ වර්ධනය වෙයි.
ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ගුරුතුමාය. උන්වහන්සේ දිනපතා අපට උගන්වයි. උන්වහන්සේ අපගේ හෙට දවස දන්නා සේක. එහෙයින් උන්වහන්සේ අපට අද දවසේ කල යුතු දේ පවසයි.
යේසුස්වහන්සේ උන්වහන්සේව පාවා දෙන බවට මුල පටන් දැන සිටින ලදි. නමුත් උන්වහන්සේ එය නොවැලකුවේ උන්වහන්සේ පැමිණි කාරණය දන්නා නිසාය.
යුදස් තුළ ක‍්‍රියා කල තෘෂ්ණාවේ ආත්මය යේසුස්වහන්සේ දැන සිටින ලදි.
පේතෘස්, පාවුල් පවා මනුෂ්‍යයන් තුළ ක‍්‍රියා කල ආත්ම ගැන දැන සිටින ලදි.
ඔබට සමීප වන අය එන්නේ කුමන කාරණයක් නිසාද කියා ආත්ම විමසීමේ දීමනාව තුළින් ඔබට දැනගත හැකිය.
දේව වචනය තුළින් ඔබට ඇදහිල්ලෙන් වර්ධනයවීමට උපකාරිවෙයි.
එපීස 4:12-13
[12] එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්, [13] ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.
දෙවියන්වහන්සේ පස් ආකාර සේවකයන් ලබා දුන්නේ ශුද්ධවන්තයන් සම්පූර්ණ කරන පිණිස අපගේ සේවය සදහාය.
එපීස 4:11
[11] උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.
අප මනුෂ්‍යයන්ගේ වංචාවෙන්, ප‍්‍රයෝගයන්ගෙන් හසුව සිටිය යුතු නැත. එයින් ගැළවීමට දෙවියන්වහන්සේ අපට ආත්ම විමසීමේ දීමනාව දී ඇත.
එපීස 4:14
[14] තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,
අප ඇත්තක් දැන ගත් විට ක‍්‍රියා කල යුත්තේ ප‍්‍රේමයෙන් යුක්තවය.
එපීස 4:15
[15] ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.
ප‍්‍රේමය පව් වසා දමන්නේය. ඔබ දැනගත් සැනෙකින් තවකෙකුගේ වැරදි අන් අය හා නොපවසන්න.
1 පේතෘස් 4:8
[8] ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.
අපගේ අත්තිවාරම ඇදහිල්ලයි. අපගේ අත්තිවාරම කොපමණ ශක්තිමත්දැයි ඔබගේ ගුණාංග වලින් ඔබට දැන ගත හැකිය.
ඇදහිල්ල විනාශවී ඇත්නම් ඔබගේ ධර්ම්ෂ්ඨකමට කිසිවක් කල නොහැකිය.
ගීතාවලිය 11:3
[3] අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?
ඔබ කිතුනු භක්තිකයෙක් ලෙස ජීවත්වන්නේ ඔබගේ ඇදහිල්ල නිසාය. ඇදහිල්ල නොමැති සියල්ල පාපයයි.
රෝම 14:23
[23] නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.
2 පේතෘස් 1:8
[8] මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.
අප ඇදහිල්ලට යහපත් ගුණාංග එකතු කර ගත්විට ඒවා අපගේ ජීවිත අපුල වීමට ඉඩ දෙන්නේ නැත.
1 තිමෝති 4:8
[8] මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.
ශාරිරික ව්‍යායාමයේ ප‍්‍රයෝජනය ටික කලකටය. භක්තිවන්ත කමෙන් ජීවත්වීම අපගේ මතු ජීවිතයටත් ප‍්‍රයෝජනවත්ය.
භක්තිවන්තකම යනු අන් අයට ප‍්‍රයෝජනවත් ජීවිතයක් ගත කිරීමය.
යෝසෙප්ගේ සහෝදරයන් යෝසෙප්ට වෛර කලත් යෝසෙප් භක්තිවන්තව ජීවත්වූ නිසා දෙවියන්වහන්සේ යෝසෙප් සමඟම සිටිමින් යොසෙප්ව අත්නෑර සිටින ලදි. යෝසෙප් ගිය සෑම තැනම සඵල වන ලදි. අවසානයේ ඔහු සිරගෙදරින් කෙලින්ම ඵාරාවෝගේ මාළිගයට යන ලදි. ඔහු ඵාරාවෝගේ දෙවැනියා බවට පත්විය. භක්තිවන්තකමේ ප‍්‍රයෝජනය. (උත්පත්ති 41:42-44)
භක්තිවන්තව ජීවත්වීමෙන් ඔබට සඵලවීමට, දියුණුවීමට පුලුවන.
මුළු රාත‍්‍රියේම උත්සහා කරත් මසුන් අසුවුනේ නැති නමුත් පේතෘස් යේසස්වහන්සේගේ වචනයට භක්තිවන්තවී විශාල ආශීර්වාදයක් හිමි කර ගන්නා ලදි.
දැල් ඉරෙන තරමට, බෝට්ටු පිරී යන තරමට මසුන් හසුවුනි. (ලූක් 5:5-7)
ඊටත් වඩා ආශීර්වාදයක් උන්වහන්සේ ඔහුට දෙන ලදි. මසුන් අල්ලමින් සිටි පේතෘස්ව යේසුස්වහන්සේ මනුෂ්‍යයන් අල්ලන්නෙක් බවට පත්කරන ලදි. (ලූක් 5:10)
භක්තිවන්ත ජීවත්වීමෙන් ඔබට ප‍්‍රයෝජන රාශියක් හිමිවේ.
ඔබගේ සාමාන්‍ය දැක්ම පසෙකලා භක්තිවන්ත ලෙස ජීවිතය බලන්න. ඔබගේ ජීවිතයේ බොහෝ දේ අත් දැකිය හැකිය.
2 පේතෘස් 1:9
[9] නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.
භක්තිවන්තව ජීවත්නොවීම විශාල පාඩුවකි. දෙවියන්වහන්සේගේ කැඳවීම්, උන්වහන්සේ උදෙසා කළ යුතු දේ අතහැරී යයි.
රෝම 11:29
[29] මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.
දෙවියන්වහන්සේ අපට දී ඇති දීමනා ආපසු හරවා නොගනියි.
කවුරුන් හෝ කෙනෙකු නිසා ඔබගේ කැඳවීම, දීමනා නැති කර නොගන්න.
ඒවා දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා පාවිච්චි කරන්න.
පරණ පව් වලින් දෙවියන්වහන්සේ ඔබව මිදූ බව අමතක නොකරන්න.
සාවුල්ගේ අකීකරු කමේදී සාමුවෙල් ඔහුට ඔහුගේ මුල් කාලය මතක් කර දෙයි.
1 සාමුවෙල් 15:17
[17] සාමුවෙල් කථාකොට: නුඹ සුළු කෙනෙකැයි නුඹම සිතූ නුමුත්, නුඹ ඉශ්‍රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට නුඹ ආලේප කළසේක;
සාවුල් සිටියේ සුළු කෙනෙක් ලෙසින්ය. නමුත් දෙවියන්වහන්සේ ඔහුව රජෙක් බවට පත් කරන ලදි.
සාවුල් රජ වීමට පෙර ඔහු ඔහු ගැනම සුළුවෙන් කථා කරයි. නමුත් පසුකාලයේදී ඔහුට මුල අමතක විය.
1 සාමුවෙල් 9:21
[21] සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.
ඔබගේ පාපය ගැන සිතමින් ජීවත්විය යුතු නැත. නමුත් දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ කල ඇති විශාල දේ ගැන අප ප‍්‍රකාශ කල යුතුය.
උන්වහන්සේ අපව නිරයෙන් ගළවා ස්වර්ගය හිමිකර දෙන ලදි. ගිවිසුමක් නොමැතිව සිටි අපව ස්වර්ගය සමඟ ගිවිසුමකට ඇතුල්කරන ලදි. ගැළවුම්කරුවෙකු නොමැතිව සිටි අපට උන්වහන්සේ ගැළවුම් කරුවෙකු වී අප මුදා ගන්නා ලදි. යේසුස්වහන්සේ අප උදෙසා කල දේ අමතක නොකරමු.
Watch the Sermon Video