+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ධර්මිෂ්ඨකමෙන් අප අනර්ඝ ඇදහිල්ල ලබා ඇත - යෝෂා මනූ
February 9, 2025 Sunday Sermon Notes
පොළොවේ ජීවත්වන සෙනඟ කොටස් දෙකකි. ධර්මිෂ්ඨ හා අධර්මිෂ්ඨය.
හිතෝපදේශ පොතෙන් අපගේ ජීවිතේට අවවාද ලබා දෙයි.
අප එම අවවාද පිළිගතහොත් අපට යහපත භුක්ති විදීමට පුළුවන. පිළිනොගතහොත් අනවශ්‍යය ප‍්‍රශ්න, කරදර පීඩාවලට මුහුන දීමට සිදුවේ.
හිතෝපදේශ 4:18
[18] නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය
නව ගිවිසුමට අනුව අප ලබා ගෙන තිබෙන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගත් අප තුළ දවසින් දවස වර්ධනයක් තිබිය යුතුය.
අපගේ ජීවිතේ දෙවියන්වහන්සේගේ ආලෝකය වැඩි වැඩියෙන් බැබළිය යුතුවේ.
ධර්මිෂ්ඨකමේ ඵල අප තුළ ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවිය යුතුය.
දුෂ්ඨයා යනු දෙවියන්වහන්සේ සමඟ කිසි ගිවිසුමක් නැති කෙනාය. පව්කරන කෙනාය. ඔහු සිටින්නේ පාපයේ ඇලී ගැලීය.
දෙවියන්වහන්සේ පවසන්නේ ඒ මනුෂ්‍යයන්ගේ මාවතට ඇතුල් නොවන්න කියාය.
ඒ අයගේ දේවලට අප ඊර්ෂ්‍යයා නොවිය යුතුය. අපට ඒ අයගේ දේවල් භුක්තිවිදිමින්, නරඹමින් සාර්ථක ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කල නොහැක.
හිතෝපදේශ 4:14-15
[14] දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න. [15] එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.
දුෂ්ඨයා යන වචනය හේබ්‍රෙව් අර්ථ කිහිපයකි - අපරාධකරුවෙක්, පාපයේ ඇලි ගැලි සිටින්නෙක්, දෙවියන්වහන්සේට විරුද්ධව ක‍්‍රියාකරන්නෙක්, එමෙන්ම දෝෂාරෝපනයෙන් ජීවත්වන්නෙකි.
සමහර කිතුනුවන් තවත් ජීවත්වන්නේ දෝෂාරෝපනයෙන්ය. වරදකරුවන් සේය. එවැනි අය හා ගමන් කිරීමෙන් සමහරවිට ඔබගේ සිතටද දෝෂාරෝපණයක් දැනිය හැකිය. දෙවියන්වහන්සේ පවසන්නේ එවැනි අය හා ගමන් නොකරන ලෙසය.
ඒ අය නිතර කථාකරනුයේ ඔවුගේ අතීතය, පරාජයන්, වැරදුනු තැන් ගැනය. ඔවුන්ගේ හදවත තුළ නිතර ඇත්තේ වරදකාරී හැගීමකි.දොස්පැවරීමේ හැඟිමකි.
හිතෝපදේශ 4:16-17
16] මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි. [17] මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
දුෂ්ඨයාගේ ස්වභාවය කාට හෝ නොකටයුත්තක් කිරීමය. ධර්මිෂ්ඨයා එසේ නැත. ඔහුට දෙවියන්වහන්සේ හොඳ නින්දක් ලබා දෙයි.
දුෂ්ඨයාගේ හෙලාදැකීම් වලට, දුෂ්ඨ ක‍්‍රියා වලට භය නොවන්න. ඔබගේ ආශීර්වාදය ඔවුන් දකිනු ඇත. දෙවියන්වහන්සේ ඔබ සමඟයි.
දේව වචනය පවසන්නේ ධර්මිෂ්ඨයාගේ ආලෝකය වඩ වඩා විහිදී යන බවයි.
ඔබ ධර්මිෂ්ඨයි, ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක්, දෙවියන්වහන්සේගේ වචනය පිලිපදින යටහත් පහත් දේව දරුවෙක් බව ඔබගේ හදවතට ගත යුතුය.
රෝම 3:10
ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;
මෙම පදය තුළින් නිතරම වරදකාරීත්වය, දෝෂාරෝපනය අපගේ හදවතට එයි.
නමුත් යේසුස්වහන්සේ අප වෙනුවෙන් ධර්මිෂ්ඨකම ලබා ගන්නාලදි. ඒ ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අපවද ධර්ම්ෂ්ඨ කර ඇත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරව් වන්නේ දෙවියන්වහන්සේට පවා අධර්මිෂ්ඨ ලෙස අපගේ පව් කමා කිරීමට නොහැකි වූ බැවිනි.
ඒ සඳහා උන්වහන්සේට මිළයක් ගෙවීමට සිදුවුනි
මනුෂ්‍යයාට පව්කාර ස්වභාවය ලැබුනේ ආදම් තුළිනි.
ඔවුන්ගේ පාපය හේතුකොටගෙන දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර තිබූ සම්බන්ධතාවය විසන්ධි වී ඒ වෙනුවෙට අධර්මිෂ්ඨකම පැමිණෙන ලදි.
පරණ ගිවිසුමේ පවා පාපයෙන් ගැළවීමට මෙසියස්වහන්සේ එනවායැයි බලාපොරොත්තුවෙන් සිටිමින් යහපත්ව ජීවත්වූ අයව දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරන ලදි.
ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේ සමඟ තිබු සම්බන්ධතාවය නිසාවෙන් දෙවියන්වහන්සේ ඔහු ධර්මිෂ්ඨයයි පවසන ලදි.
ඔවුන්ට ධර්මිෂ්ඨකමේ ස්වභාවය නොලැබුනත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ ගණනට ධර්මිෂ්ඨකම තබන ලදි.
ආදම් තුළින් ඇතිවූ පාපයේ ස්වභාවය නැතිකරලීමට යේසුස්වහ්සේට එන්නට සිදුවුණි.
එම නිසා යේසුස්වහන්සේ මෙළොවට පැමිණෙන ලදි.
අපගේ පව්වලට සමාව දීමට ධර්මිෂ්ඨ පදනමක් තිබිය යුතුය.
මක්නිසාද විනිශ්චයකරුවෙකු වරදකරුවෙකුට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ධර්මිෂ්ඨ නොවන්නේය.
"ඔබට කමාව ලැබෙයි" කියා දෙවියන් වහන්සේට සාධාරණ ලෙස පැවසිය නොහැකියි.
එම නිසා දෙවියන්වහක්සේ නීත්‍යානුකූලව යේසුස්වහන්සේ තුළින් එම කාර්ය කරන ලදි. එතුළින් යේසුස්වහන්සේව පිලිගත් මනුෂ්‍යයාව නීත්‍යානුකූළව ධර්මිෂ්ඨ කිරීමට උන්වහන්සේට පුළුවන්කම ඇත.
ආදම්ගේ පාපයට වැටීම තුළින් මුළු මිනිස් සංහතියම පාපිෂ්ඨ පරම්පරාවක්ව බිහිවුනි.
ධර්මිෂ්ඨ යේසුස්වහන්සේ තුළින් මිනිස් සංහතියට ධර්මිෂ්ඨ පරම්පාරාවක් බිහිවුණි.
දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බැවින් ධර්මිෂ්ඨ පදනමක් තිබිය යුතුය.
අපගේ පව්වලට සමාව දීමට ධර්මිෂ්ඨ පදනමක් තිබිය යුතුය.
යේසුස්වහන්සේ තම ජීවිතය පුදකලේ අධර්මිෂ්ඨ අය වෙනුවෙනි.
කිසිවෙකුට තමන් ක‍්‍රියාවන් තුළින් තමන් ධර්මිෂ්ඨයයි පැවසිය නොහැක. අපගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේ ඉදිරියේ කිලුටු වැරහැල්ලක් හා සමානය. (යෙසාසා 64:6)
යේසුස්වහන්සේ කල ක‍්‍රියාව අප ඇදහිල්ලෙන් විශ්වාස කල විට එය අපගේ ධර්මිෂ්ඨකමවේ.
එම ධර්මිෂ්ඨ පදනම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ දක්නට ලැබේ. මක්නිසාද දෙවියන් වහන්සේ පව් කරන තැනැත්තාට මරණ දඬුවම නියම කර ඇත.
අපගේ මරණයේ දඩුවම වින්දේ යේසුස්වහන්සේය.
ආදම් කල වරඳ හරිගැස්වීමට අනිවාර්යයෙන්ම දෙවියන්වහ්සේට යේසුස්වහන්සේව එවන්න සිදුවුණි. යේසුස්වහන්සේ මරණ දන්ඩනය විදිමින් අපව ධර්මිෂ්ඨ කරන ලදි.
එකම ධර්මිෂ්ඨ දෙය නම් පව්කාරයා මරණයට පත් කිරීමය, මන්ද එය පව්කාර මානුෂ්‍යයාට එරෙහිව ලබා දී ඇති දඬුවමයි. යේසුස් ක්‍රිස්තුස් ආදේශකයක් බවට පත් වීමෙන්, ඔබේ පාපය උන්වහන්සේ මතට ගෙන ඔබ වෙනුවට මිය යාමෙන් දෙවියන්වහන්සේ සමාව සඳහා ධර්මිෂ්ඨ පදනමක් ස්ථාපිත කළේය.
ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් වූ පසු ඔබගේ ධර්මිෂ්ඨකම නැතිවන්නේ නැත. ධර්මිෂ්ඨකමේ ඵල නොදැරුවත් ඔබ තුළ ඔබගේ ස්වභාවය වෙනස් නොවෙයි.
අධර්මිෂ්ඨයන්ට ධර්මිෂ්ඨකම ලබා දීමටයි යේසුස්වහන්සේ මේ ලෝකයට පැමිණියේ.
පාපයක් නොදත්තාවු යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වන ලදි. (2කොරින්ති 5:21)
මුලු මිනිස් සංහතිය වෙනුවෙන්ම යේසුස්වහන්සේ පාපය දරා ගනනා ලදි. එතුලින් අපට ධර්මිෂ්ඨකම ලැබී දැන් අප ඇදහිල්ලෙන් ජීවත්වේ.
අපට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කල හැක්කේ ඇදහිල්ලෙනි. ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කල නොහැක. (හෙබෙව් 11:6)
මේ අනුව, දෙවියන් වහන්සේ කමාව දීම සඳහා ධර්මිෂ්ඨ පදනම සපයා දෙමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මැරුණු නිසා අපට සමාව ලැබේ.
උන්වහන්සේ අපේ ස්ථානය ගත්තේය. අප විසින් ගෙවිය යුතු ණය, උන්වහන්සේ ගෙන අපගේ ස්ථානයද ගෙන අප වෙනුවෙන් උන්වහන්සේ මිය ගියේය, එබැවින්, "ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය" යනුවෙන් ලියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වේ.
හෙබ්‍රෙව් 11:6
[6] නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
ඇදහිල්ල ගොඩනඟා ගන්නේ වචනය ඇසීමෙනි. (රෝම 10:17)
ඔබ ධර්මිෂ්ඨයි, ඔබ නිර්දෝෂයි, දෙවියන්වහන්සේ ඔබට ප‍්‍රේමකරනවා වැනි දේශනාවල් වලට ඔබ සවන් දෙන්න.
ලෝකයේ සිටින තැනැත්තාට වඩා අප තුළ සිටින තැනැන්වහන්සේ බලවත්ය. (1යොහාන් 4:4)
ඇදහිල්ලේ වාක්‍ය ඔබ අසන කල ඔබගේ ඇදහිල්ල වර්ධනයවේ.
අපට ඇදහිල්ල අවශ්‍ය වන්නේ ලෝකයෙන් ජයගන්නටය.
1යොහාන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
දෙවියන්වහන්සේගෙන් උපන් අය නම් ධර්මිෂ්ඨ කරනු ලැබූ උන්වහන්සේගේ සෙනඟය.
ධර්මිෂ්ඨකම ලබා දෙවියන්වහන්සේගේ කුණු නොවන්නාවු බීජයෙන් ඔබ උපත ලබා තිබේනම් ඔබට ලෝකයෙන් ජය ගත හැකිය.
ඔබට උපකාර කිරීමට යේසුස්වහන්සේ ඔබ තුළ සිටී. ඔබ ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයට පියවරෙන් ඉදිරියට යයි.
හෙබ්‍රෙව් 11:1
[1] ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.
අප විශ්වාස කරන දේ ලබා ගන්නේ ඇදහිල්ලෙනි.
ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් විශ්වාස කරන්නේ නම් එය ලබා ගැනීමට ඇදහිල්ල අනිවාර්ය වේ.
ඔබගේ රෝග, වේදනා යේසුස්වහන්සේ සුව කරන බව ඇදහිල්ලෙන් විශ්වාස කරන්න.
අසමාදානය, කනස්සල්ල, භයාදුකමේ සිතුවිලි පැමිණෙන කල ඇදහිල්ලේ වචන පවසමු.
නිතර වචනය අසා ඇදහිල්ලේ වචන අප තුළ තැන්පත් කර ගනිමු. අප තුළ තැන්පත්ව ඇති දෙයයි පිටතට පැමිණෙන්නේ.
අප දකින්නැති දේ අපගේ ජීවිතයට ලබා ගන්නේ ඇදහිල්ලෙන්ය. අප තුළ ඇති ඇදහිල්ල අප පාවිච්චි කල යුතුය.
අපට ලැබී ඇති ඇදහිල්ලේ ප‍්‍රමාණය වැඩි කර ගැනීම අපගේ වගකීමය.
රෝම 12:3
[3] නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
ඇදහිල්ලෙන් ගමන් කිරීම අපගේ ජීවිත රටාවක් කරගත යුතුය.
පිලිප්පි 3:9
[9] ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,
අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ අපගේ ධර්මිෂ්ඨකම නිසා නොව ක්රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම නිසාය.
2 පේතෘස් 1:1
[1] යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:
ඇදහිල්ල උතුම් අනර්ඝ දෙයක්. එය අප හදවතේ තබාගෙන ආරක්ෂා කර ගත යුතුය. එවිට එය යක්ෂයාට සොරකම් කල නොහැක.
සමාදානය, අනුග‍්‍රහය යන දේ අපට ලැබෙන්නේ යේසුස්වහන්සේව දැනගැනීමෙනි.
ධර්මිෂ්ඨකම යන්නෙන් අර්ථවත්වන්නේ දෙවියන්වහන්සේ සමඟ සම්භන්ධකමක් ගොඩනගා ගැනීමය.
සාර්ථක ජීවිතයක් මේ පොළොවේ ගත කරන්නට නම් ඔබ දේව වචනය අසාමින්, මෙනෙහිකරමින්, වචනය ප‍්‍රකාශ කල යුතුය.
Watch the Sermon Video