+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි අපි ඇදහිල්ල තබමු - යෝෂා මනූ
February 16, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ පුදුමදේ බලවත් දේ කරමින් රජකරන්නාවු දෙවියන්වහන්සේය. අපද උන්වහන්සේ සමඟ මේ පොළොවේ රජකම් කරන්නෝ වෙමුව.
දෙවියන්වහන්සේ රජුන්ගේ රජය, ස්වාමීන්ගේ ස්වාමීන්ය.
ඔබගේ සතුරා ඔබට විරුද්ධව පැමිණෙන කල ඔබ ආධිපත්‍යය ගෙන බලවත් සේ දේව වචනය ප‍්‍රකාශකරමින් ඔබගේ වාතාවරනයට එරෙහිව නැඟී සිටින්න. රජ කරනවා යනු එයයි.
දෙවියන්වහන්සේ අපව රාජකීය පූජකයන් කර ඇත.
දෙවියන්වහන්සේ අපව කැඳෙව්වේ උන්වහන්සේගේ ආලෝකයේ බබළන පිණිසය.
ඔබගේ උත්කෘෂ්ඨතාවයන් පෙන්වන පිණිසයි.
අපහට කරදර පීඩා පරික්ෂා පැමිණෙන කළ එයින් ගැළවෙන මාර්ගය දෙවියන්වහන්සේ පෙන්වනු ඇත.
දෙවියන්වහන්සේ අපට පීඩා පරික්ෂා එවන්නේ නැත. එමෙන්ම දෙවියන්වහන්සේ අපට පරික්ෂා එවීමට යක්ෂයාව පාවිච්චි කරන්නේද නැත.
පරික්ෂා පීඩාවේදී දෙවියන්වහන්සේ අපව උසුලාගෙන යයි.
පරික්ෂා සියල්ලන්ටම පොදුවේ පැමිණේ.
1 කොරින්ති 10:13
[13] මනුෂ්‍යයා විසින් ඉසිලිය (මූණ පාන්නට) හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු (දුෂ්කරතා) ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය (විඳදරා ගැනීමට) හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන (මිදීමේ) මාර්ගයද සාදා (සපයා) දෙනසේක.
පරික්ෂා යනු නින්දා අපහාස විය හැකිය. සමහර විට එය නිවසින් පැමිණෙන දෙයක් විය හැකිය. මනුෂ්‍යයන් ඔබව කොන් කිරීම, නොසලකා හැරීම් වුවද කල හැකිය. ඔබ තුළ ඇති ඇදහිල්ලේ වචන ගැන ඔබට සරදම් කරනු ඇත. නමුත් දේව වචනය පවසන්නේ ඔබට දරාගත නොහැකි තරමට පරික්ෂා නොපැමිණෙන බවය.
හැම මනුෂ්‍යයෙකුටම සාමාන්‍ය දෙයක් වන පරීක්ෂා කාලයන් අත්විඳින්නට සිදුවේ. නමුත් දෙවියන්වහන්සේ අපට නිතරම විශ්වාසවන්තව සිටිනු ඇත. උන්වහන්සේ අප මුහුණ දෙන සෑම පරීක්ෂාවෙන් ජයගන්නට උපකාර කරයි. එවිට අපට එය දරාගත හැකි වන්නේය. සෑම පරීක්ෂාවක් තුළින්ම උන්වහන්සේව වඩාත් විශ්වාස කිරීමට අවස්ථාවක් වන්නේය, මන්ද සෑම පරීක්ෂාවක් සමඟම දෙවියන්වහන්සේ අපට ගැළවීමේ මාර්ගයක්ද සපයා දී ඇති බවත් එමඟින් අපව ජයග්‍රාහී ලෙස පිටතට ගෙන එනු ඇත.
රන් රූපයට නමස්කාර නොකලාවු යුදෙව් තරුණයන් තිදෙනාව නෙබුකද්නේශර් රජ විසින් ගිණි උදුනට දැමීමට නියම කරන ලදි. එම උදුන තව සත් ගුණයකින් වැඩි කරන ලදි.
මේ තරුණයන් තිදෙනා එයට භිය වූයේ නැත. ඔවුන් නිර්භීතව සිටින ලදි. ඔවුන්ට ගැළවෙන මාර්ගයක් දෙවියන්වහන්සේට පිලියෙල කරන්ට පුළුවන් බව ඔවුන් විශ්වාස කරන ලදි. (දානියෙල් 3:16-20)
ඔවුන්ව ගිණි උදුනට දැමූ මනුෂ්‍යයන් පවා ගිනි උදුනේ රස්නෙට පිලිස්සී මිය යන ලදි. (දානියෙල් 3:22)
ගිනි උදුනේ සිටි සතරවෙනි පුද්ගලයාව දුටුවේ රජතුමාය. සතරවෙනියා ඔහුට පෙනුනේ දෙවියන්ගේ පුත‍්‍රයකුට සමානවය. (දානියෙල් 3:24-25)
ඔබ ගිනිමය පීඩා මැදින් යන කල දෙවියන්වහන්සේගේ උපකාරය ඇතිව ඔබ සිටගන්නා ආකාරය, ඔබ ජය ගන්නා ආකාරය මනුෂ්‍යයන් දැක පුදුම වෙනු ඇත
ජලමැදින් ගියත්, ගිනි මැදින් ගියත් දෙවියන්වහන්සේ අප සමඟය. (යෙසායා 43:2)
යෙසායා 41:10
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
දෙවියන්වහන්සේ අපව අතහැර දාලා යන්නේ නැත. උන්වහන්සේ අප සමඟ සිටියි.
යේසුස්වහන්සේ යාච්ඤා කලයුතු කාරණා කියා දුන් විට එහි එක් කාරණාවක් වූයේ අපගේ පාප වලට කමාව දෙන ලබා ගන්නා සේම අපට වරද කරන්නාවු අන් අයගේ වැරදි වලටද අප කමා විය යුතුය.
ශු. ලූක් 11:4
[4] අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.
ස්වාමීන්වහන්සේ අපගේ පව්වලට සමාව දුන් ආකාරයට අපට වැරදි කළ අයට අප විසින්ම සමාව දිය යුතුයි. එවිට අප පීඩාවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම උන්වහන්සේ අපව ගළවා ගන්නා සේක.
පීඩා පරික්ෂා වලින් ජය ගන්නට ස්වාමීන්වහන්සේ ඔබට මාර්ගය සලසා දීම ගැන නිතර උන්වහන්සේට ස්තූතිවන්ත වන්න.
අපගේ සටන තිබෙන්නේ අපට විරුද්ධව ඇති යක්ෂ බලධාරීන් සමඟය.
අපගේ සතුරන් මනුෂ්‍යයන් නොවේය. ඔවුන්ගේ පිටුපස සිටින මුරණ්ඩුකමේ, කැරළිකාර යක්ෂ ආත්මය.
එපීස 6:12-13
[12] මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, (ස්වර්ගීය ක්ෂේත්‍රයන් යටතේ) අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනීන්ටත් (කැරළිකාරකම් කරන, අකීකරුකමේ, මුරණ්ඩු ආත්ම) ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් (අඳුරු ලෝකය වහල්භාවයේ තබාගෙන සිටින බලවත් යක්ෂ-දෙවිවරුන් සහ නපුරු ආත්ම පන්තියකට) විරුද්ධවය. [13] එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කර ගන ස්ථිරව සිටින්ටත් පුළුවන් වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. (මේ නිසා, ඔබ සියලු දේ සඳහා නියම කර ඇති අතර ජයග්‍රාහී ලෙස නැඟී සිටින බැවින්, අපහාස කරන්නාට මුහුණ දෙන විට ඔබ ආරක්ෂා වන පරිදි දෙවියන්වහන්සේ සපයන සියලු සන්නාහයන් ඔබ පැළඳිය යුතුය.)
ඔවුන්ව හදුන්වන්නේ දුෂ්ඨකමේ ආත්ම ලෙසය. ඒ අය මනුෂ්‍යයාව අන්ධකාරයේ ලෝකවල්වල වහල් භාවයෙන් තබා මනුෂ්‍යයන්ගේ මනස් අන්ධව තබා ඇත.
ඔබගේ යහපත් ජීවිතය ඇදහිල්ලෙ ගමන, දියුණුව නතර කිරීමට ඔවුන් මනුෂ්‍යයන් පෙළබවීමට පුලුවන.
දෙවියන්වහන්සේ අපට නියම කර තිබෙන්නේ ජයග‍්‍රාහිකව ජීවත්වීමය. නමුත් ඔබට යමෙක් නින්දා අපහාස කරන්නේද, දෙවියන්වහන්සේගේ නාමය නිසා ඔබව ලැජ්ජාවට පමුණුවන්නේද එවැනි දේ ගැන යාච්ඤා කරන්න. දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ඔබ සමඟය.
මනුෂ්‍යයන්ගේ කීම් වලට, දුක්වෙමින්, අඬමින්, වැලපෙමින් නොසිට ඔබ නිතර ප‍්‍රීතිමත්ව සිටින්න.
ස්වාමීන්වහන්සේ සියලු නපුරු වැඩවලින්ම අපව මුදා ඇත.
2 තිමෝති 4:18
[18] ස්වාමීන්වහන්සේ හැම නපුරු වැඩවලින් මා මුදා ආරක්ෂාකොට, තමන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට මා පමුණුවනසේක. උන්වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්.
දේව බලය ඇදහිල්ල කරණකොටගෙන ඔබව ආරක්ෂා කරනු ඇත.
1 පේතෘස් 1:3
[3] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
ඔබ ඇදහිල්ලේ වචන කථා කරන කල ඔබට උන්වහන්සේගේ ආරක්ෂාව ලැබෙනු ඇත.
යේසුස්වහන්සෙගේ නාමය නිසැකවම ඔබට ආරක්ෂාව සපයයි.
2 පේතෘස් 2:9
[9] භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,
[10] දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක.
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ භක්තිවන්ත සෙනඟවූ ශුද්ධවන්තයන්ව පරික්ෂාවන්ගෙන් ගළවන ආකාරය දන්නා සේක.
ඔබ ශුද්ධවන්තයෙන් දෙවියන්වහන්සේ ඔබව ගළවන ආකාරය දන්නා සේක.
යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි අපි ඇදහිල්ල තබමු
2 පේතෘස් 1:1
[1] යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:
පේතෘස් තම යැවුම් පත‍්‍ර දෙකම ලියුවේ ඇදහිලිවන්තයන්ටය.
එක හා සමාන අනර්ඝ ඇදහිල්ලක් ලබාගත්ත දෙවියන්වහන්සේගේ සෙනඟටය.
ප‍්‍රථම සභාව ආරම්භයේදී කිතුනුවන්ට යුදෙව් නායකයන්ගෙන් බොහෝ පීඩා පැමිණෙන ලදි. ඔවුන් ලිහා දැමු සිංහයන් අතරට කිතුණුවන් දමා පීඩා කර මරා දමන ලදි. නමුත් ඔවුන් දෙවියන්වහන්සේ වෙනුවන් සිටගැනීමට තීරණය කරන ලදි.
එවැනි කිතුනුවන්ටයි පේතෘස් තම යැවුම් පත‍්‍ර ලියා ඇරියේ.
කිතුනු ගමනට ඇදහිල්ල අත්‍යවශ්‍යය.
කිතුනු ගමන අරම්භ කල අයට දෙවියන්වහන්සේ ඇදහිල්ලේ ප‍්‍රමාණයක් දී ඇත.
අපට ලැබුනු ඇදහිල්ලේ ප‍්‍රමාණය වැඩිකර ගැනීම අපගේ වගකීමවේ. ඇදහිල්ල වැඩිකර ගන්නේ වචනය ඇසීමෙනි.
රෝම 1:17
කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.
ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් තවත් ඇදහිල්ලේ මට්ටමකට පැමිණේ.
අප ඇදහිල්ලෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ අප සමඟ සිටියි.
මේ ලෝකයේ අප මුදල් හා කාසි පාවිච්චි කරන්නාසේ ස්වර්ග රාජ්‍යයේ කාරණා වලට අපට අවශ්‍ය වන්නේ ඇදහිල්ලය.
2 කොරින්ති 4:13
තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.
අප කථා කල යුත්තේ අප විශ්වාස කරන දේය.
ඇදහිල්ල ක්‍රියා කරන්නේ ආත්මික තලයේ.
ඔබ ඇදහිල්ලෙන් කථා කරන විට ඔබට අවශ්‍යය කරන දේ ඇදහිල්ලෙන් කථා කරයි.
දෙවියන්වහන්සේගේ තේජසේ මහිමයේ ප‍්‍රකාරයට මගේ සියලු හිඟකම් සම්පූර්ණ කර දෙනාවායැයි කියා අප පවසන කල ඒ ඇදහිල්ලේ වචන ආත්මික තලයේ බලවත්ව ක‍්‍රියා කරන්නට පටන් ගනී.
ඇදහිල්ල ආත්මික ඵලයකි.
ගලාති 5:22-23
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23 විශ්වාසකම, (ඇදහිල්ල) මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.
විශ්වාසකම යන වචනය ඇදහිල්ලයි.
ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන අප ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම බලාසිටිමු.
ගලාති 5:5 මක්නිසාද අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන බලාසිටිමුව.
යේසුස්වහන්සේ පාපය, ලෙඩරෝග, දිළිදුකම යනදී සියලුම ශාප දරාගන්නා ලදි.
ගලාති 3:13
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. 14මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.
ඇදහිල්ලේ වචන තුළින් බලවත්ව ක‍්‍රියා කරන්නේ ආත්මයාණන්වහන්සේය.
ඔබ තුළ සිටින ශුද්ධාත්මයාණන්වහන්සේ ඇදහිල්ලේ වචන කථාකරන්නේ කෙසේද කියා ඔබට එළිදරව් කරයි.
අප සියල්ල කරනුයේ දේව වචනය තුළිනි.
අපි ඇදහිල්ලේ සිට තවත් ඇදහිල්ලේ මට්ටමකට දක්වා වර්ධනය වන්නෙමු.
වර්ධනය වන්නාවු අප ඇදහිල්ල තැබිය යුත්තේ කුමක් කෙරෙහිද?
අපි යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි ඇදහිල්ල තබමු
ලේ රැකවරණය ඔබට ලැබෙනුයේ ඇදහිල්ලෙනි. යේසුස්වහන්සේගේ ලේ කෙරෙහී අප ඇදහිල්ල තැබිය යුතුය.
රෝම 3:25 25 ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මඟින්, පාපයට කමාව ලැබෙන්නේය.
ඒ ක‍්‍රියාව සිදුවන්නේ නොපෙනෙන තලයේය. ඔබගේ වචන වලට දෙවියන්වහන්සේගෙන් ඔබට ඇදහිල්ලෙන් සමාව ලැබේ.
ඔබ ගැළවීම ලැබූ දා දෙවියන්වහන්සේ ඔබගේ පව්කාර ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදි. පාපයට කමාව ලබා දෙන ලදි.
ඔබගේ අතීත පාප නැවත නැවත මතක් නොකරන්න. උන්වහන්සේ ඒවා මකා දමා හමාරය.
දැන් ඔබ අතින් වරදක් සිදුවුවහොත් එය කියාදී සමාව ලබා ගන්න. (1යොහන් 1:9)
යේසුස්වහන්සේ ස්වකීය මරණයෙන් පව්නසන පූජාවක්වීමට දෙවියන්වහන්සේම නියම කරන ලදි.
යේසුස්වහන්සේගේ ලේ වල බලය කෙරෙහි අප විශ්වාසය තබමු.
යේසුස්වහන්සේගේ ලේ වලින් අපට ඇති ආරක්ෂාව ගැන අප පවසන්නේ ඇදහිල්ලෙනි.
යේසුස්වහන්සේගේ ලේ අනර්ඝය.
1 පේත්‍රැස් 1:18-19
18මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, 19කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.
ඔබව සෝදා පවිත‍්‍ර කර ඇත්තේ යේසුස්වහන්සේගේ අනර්ඝ ලේ වලින්ය.
යේසුස්වහන්සේගේ ලේ නිතරම අපගේ ජීවිතයට ආදේශකර ගනිමු.
මිසරයට පැමිණි අවසන් පීඩාව වූයේ කුලුදුලන් මැරීමය.
දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ හේබ්‍රෙව් දරුවන් ආරක්ෂා කර ගැනීමට බැටළුවෙකු මරා ඒ ලේ එම නිවස් වල උළුවහු කණු දෙකේ හා උඩ පඩිකදේ ගාන්න කියාය. එවිට මරණීය දූතයා පැමිණෙන කල ඔවුන්ගේ කුළුදුලන් සියල්ලන් ආරක්ෂා වන බවය. (නික්මයාම 12:7-13)
අපගේ ඇදහිල්ල තැබිය යුත්තේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලේ කෙරෙහිය. අනර්ඝ ලේ කෙරෙහී අප ඇදහිල්ල ලබා සිටින විට අප ඇදහිල්ලෙන් වර්ධනය වනු ඇත.
Watch the Sermon Video