+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනය කතා කරන්න - මනූ මැතානි
February 16, 2025 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ ලේ බලයෙන් අපට ඇති ආරක්ෂාව ගැන අප විශ්වාස කල යුතුය.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් අපගේ ජීවිතයට අදාල කරගෙන ජීවත්වුවහොත් අපට භයවෙන්නට අවශ්‍ය නැත.

අපට දෙවියන්වහන්සේ භිය දී නොමැත. උන්වහන්සේ අපට දී තිබෙන්නේ පොරොන්දු පමණය. ඒ පොරොන්දු අප උරුමකරගන්නේ ඇදහිල්ලෙන් හා ඉවසිලිවන්ත කමෙන්ය.

හෙබ්‍රෙව් 6:12
[12] ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

අප අලස නොවී දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින්, මෙනෙහි කරමින්, අපගේ ජීවිතයේ උන්වහන්සේගේ වචනයට මුල් තැන දී ඇදහිල්ලෙන් පොරොන්දු උරුමකරගත් අයගේ අඩි පාරේ ගමන් කිරීමට තෝරගනිමු.

පොරොන්දු උරුමකරගෙන ජය ගත්තාවු අය ඒවා ලබාගත්තේ ඔවුන්ගේ ජීවිතයේ තිබූ ඇදහිල්ල හා ඉවසිලිවන්තකම තුළින්ය.

ඉවසනවා යනු කොදුරනවා නොව, එකසේ ඔබ විශ්වාස කරන දේ තුළ පැවතීමය.

හැගෙන දැනෙන පෙනෙන දේ කෙරෙහී විශ්වාස කරගෙන ගමන් කල නොහැක. ඒවා තාවකාලිකය. ඒවා සදහටම පවතින්නේ නැත.

නොපෙනෙන දේ සදහටම පවතී.

ඔබගේ නිවසේ සමාදානයේ වචන කථා කරන්න.

ඇදහිල්ලේ වචනය ඔබගේ ජීවිතයට අදාල කරගෙන ජීවත්වීම ඔබ වගබලා ගත යුතුය.

එකිනෙකා දෙස බලමින් නොමග නොයා පෞද්ගලිකව ඔබගේ ජීවිතයට ඔබ වචනය අදාල කර ගත යුතුය.

වචනය පෞද්ගලිකව ඔබගේ සිතට ඇතුල්විය යුතුය. ඔබගේ මනස, ඔබගේ ප‍්‍රකාශනය, ඔබගේ ගමන් බිමන් වෙනස්විය යුතුය.

වචනය ඔබගේ ජීවිතයට අදාල කර ගැනීමෙන් ඔබගේ ජීවිතය පමණක් නොව, ඔබ තුළින් තවත් අයෙකුටද ආශීර්වාදයක් විය හැකිය.

දෙවියන්වහන්සේගේ බලය විජ්ජාවක් නොව එය වචනය හා ආත්මය තුළ ක‍්‍රියාත්මක වන සැලැස්මක්ය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයේ බලයෙන් පෞද්ගලිකව එකිනෙකා තුළ ක‍්‍රියාකරනු ඇත.

දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ ක‍්‍රියාත්මක කරන්නාවු දේ අප නොකඩව පවත්වාගෙන යාමෙන් අපගේ ජීවිතයේ යහපත අත්දැකිය හැකිය. සුවය, සමාදානය, සඵලත්වය, රැකිවන්හී උසස්වීම්, අපට අත්දැකිය හැකිය. ක‍්‍රමානුකූලව, පියවරෙන් පියවර දෙවියන්වහන්සේ අපව ඔසවනු ඇත.

දෙවියන්වහන්සේ වචනයේ ප‍්‍රතිපත්ති අනුව අප ජීවත්වන කල එතුලින් අපගේ ජීවිතයේ වෙනසක් ඇති කරමින් දීර්ඝ ගමනක් අපට ගමන් කල හැකිය.

යේසුස්වහන්සේ පැවසූ දේවල් අපි විශ්වාස කරමු. උන්වහන්සේ පැවසුවේ ඔබ පොළොවේ ලුණු කියාය. ලෝකයේ ආලෝකය කියාය. (මතෙව් 5:13-16)

ලුණු වල රස නැතිවුවහොත් එය රසවත් කල හැක්කේ දෙවියන්වහන්සේගේ වචනයෙනි.

යේසුස්වහන්සේ කවදාවත් ආගමික නායකයන්ට භයෙන් තම ප‍්‍රතිපත්ති වෙනස් කලේ නැත.

අපද පොරොන්දු උරුමකරගත යුත්තේ ඇදහිල්ල හා ඉවසිලිවන්තකම තුළිනි.

ඇදහිල්ල ඔබ ඉදිරියෙන් යන අතර ඉවසීම ඔබ ළගින් ගමන් කරමින් මේ ගමන යන්නට ඔබට උපකාර කරයි.

ඉවසිල්ලෙන් ගමන් කරමින් යන විට ඔබගේ මනස වෙනස්වීමට කලබලයක් නොමැත. ඔබගේ චරිතය වෙනස්නොවෙයි.

ඉවසීමේ කාලය තුළ අපගේ ජීවිතයේ අපි නොදැකපු දේවල් අපට දැකිය හැකිය.

ස්වාමීන්වහන්සේ ජීවමාණය. උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට මට ජීවනයක් දී ඇත. මා එම ජීවනය තුළ පවතින කෙනෙකි.

ඒ ජීවනය කිසිදා මා කලබලයට පත් කරන්නේ නැත.

යාච්ඤාවෙන්, ඉවසීමෙන් කටයුතු කිරීමෙන්, වචනය අසමින්, මනස වෙනස්කමින්, අදාල නොවන දේ ජීවිතයෙන් ප‍්‍රතික්ෂේප කරමින්, උන්වහන්සේගේ වචනය පමණක් අසමින් අප පෞද්ගලිකව ගොඩනැගෙමු.

සියයකට මුළාදෑනියාගේ ඇදහිල්ල දැක යේසුස්වහන්සේ පුදුමයට පත්වුණි.

ඔහු යේසුස්වහන්සේට පැවසුවේ වචනයක් පමණක් පැවසුව මැණව කියාය.

මනුෂ්‍යයන් සියයකට මුලාදෑනියාගේ ගුණ යේසුස්වහන්සේ ඉදිරියේ පැවසීය. යේසුස්වහන්සේ ඒ මනුෂ්‍යයන්ගේ කීම් පිලිගත්තේ නැත. උන්වහන්සේ පිලිගත්තේ සියයකට මුලාදෑනියා තුළ තිබූ ඇදහිල්ලයි.

ශු. ලූක් 7:3-4
[3] ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය. [4] ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය.

යුදෙව්වරුන් පැවසුවේ මුලෑදෑනියා කලාවූ හොඳ ක‍්‍රියාවන් ගැනය.

ශු. ලූක් 7:5-7
[5] ඔහු අපේ ජාතියට ප්‍රේමවන්නේය, ඔහුම අපේ සිනගෝගය අපට සාදාදුන්නේය කියා බොහෝසෙයින් ඉල්ලුවෝය. [6] එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමිනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි. [7] එහෙයින් ඔබ ළඟට එන්ටත් මම වටින්නෙක්යයි නොසිතුවෙමි. නුමුත් වචනයකින් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුවපත්වේ.

යේසුස්වහන්සේ පැවසුවේ මේ තරම් මහත් ඇදහිල්ලක් මට ඉශ‍්‍රායෙල්වරුන් අතරවත් සම්භවුනේ නැත කියාය.

ශු. ලූක් 7:9
[9] යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.

යේසුස්වහන්සේ වර්ණනා කලේ ඇදහිල්ලයි.

එම මුලාදෑනියා වචනයේ බලය දැන සිටින ලදි.

අප වචනය දිනපතා මෙහෙහිකරමින් වචනයට බාරවී සිටියහොත් වචනය අපව සඵලකරනු ලබයි.

වචනය සමග සම්භන්ධවෙනවා යනු අප යේසුස්වහන්සේ සමඟ සම්භන්ධවීමය. වචනය නම් යේසුස්වහන්සේය.

එළිදරව් 19:13
[13] තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ.

යේසුස්වහන්සේගේ නාමය වාක්‍යාණෝය.

ඔබට යේසුස්වහන්සේව දකින්ට අවශ්‍ය නම් වචනය දෙස බලන්න. ඔබගේ ජීවිතයේ ඉහලම ස්ථානය වචනයට ලබා දෙන්න.

ඔබගේ ජීවිතය දියුණුකිරීමට, සඵලවත්වීමට, සුවය ගෙනඒමට වචනයක් පමණක් ඇතිය.

ඔබගේ ජීවිතයේ හාස්කම ලබා ගැනීමට දෙවියන්වහන්සේගේ වචනයක් පමණක් ලබාගන්න.

ඔබගේ ක‍්‍රියාව නොව අවශ්‍යය වචනයක් පමණය.

ශු. ලූක් 7:8
[8] මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට–යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට–මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.

මුලෑදෑනියා වචනයේ ආධිපත්‍යය දැන සිටින ලදි.

යේසුස්වහන්සේ ඔබට දෙන්නාවු වචනය තදින් අල්ලා එය ප‍්‍රකාශ කරන්න. ඔබ ආධිපත්‍යයේ වචන කථාකරන කල එහි ප‍්‍රතිඵල අත්දැකිය හැකිය.

ඔබගේ ප‍්‍රකාශනය තදින් අල්ලා සිටින්න. (හෙබ්‍රෙව් 10:23)

පොරොන්දුව දුන්න තැනැන්වහන්සේ විශ්වාසවන්තය.

නොකඩවා අපගේ වචනය ප‍්‍රකාශ කරමු.

ස්වාමීන්වහන්සේගේ වචනය විශ්වාසන්තය, බලවන්තය, දෙමුහත් කඩුවකටත් වඩා තියුනුය. (හෙබ්‍රෙව් 4:12)

ගලාති 3:5
[5] ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?

ඇදහිල්ලේ පණිවිඩය තුළින් අපට හාස්කම් අත්දැකිය හැකිය. ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක‍්‍රියාකාරිත්වය අත් දැකිය හැකිය.

ඇදහිල්ලේ වාක්‍යය ප‍්‍රකාශ කරමින් දෙවියන්වහන්සේගේ ආශ්චර්යමත්දේ අත් දකිමු.

දේව වචනය ක‍්‍රියාකරමින් තිබෙන බව විශ්වාස කරමු.

ඇදහිල්ල වැඩිකරන්නැයි කියු ගෝලයන්ට යේසුස්වහන්සේ දුන් පිළිතුර………..

ශු. ලූක් 17:6
[6] ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

අබ ඇටයක පමණ ඇදහිල්ලක් ඇත්නම් ඔබ කථාකරන වචනය කීකරුවෙමින් ක‍්‍රියා කරනු ඇත.

ශු. ලූක් 17:7-10
[7] නුමුත් නුඹලා අතරෙහි යමෙක් හාන්නාවූ නොහොත් බැටළුවන් පාලනයකරන්නාවූ තමාගේ දාසයා කෙතේ සිට ආ කල: වහාම ඇවිත් කන්ට ඉඳගන්නැයි ඔහුට කියන්නේද? [8] එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද? [9] ඒ දාසයා තමාට අණකළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුතිකරයිද? [10] එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්නැයි කීසේක.

ඔබට ලබා දිය යුතු දේවල් ලබාදුන්නාට පසුවයි වචනය නිවාඩු ගන්නේ.

දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් නිශ්ඵලව හැරී එන්නේ නැත.

යෙසායා 55:11
[11] මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

දෙවියන්වහන්සේගේ වචනය උන්වහන්සේ නියම කල කාරණාව සඵල කරනු ඇත.

දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනය අප තදින් අල්ලා අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරන විට ඒ වචනය ක‍්‍රියා කිරීමට පටන් ගනී. එය ඉටු නොකර ආපසු හැරී නොඑයි.

වචනයේ බීජය ඔබ වැපුරූ පසු නියම කාලයේ අස්වැන්නක් ලැබෙන බව විශ්වාස කරන්න.

ගීතාවලිය 62:11
[11] දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,

දෙවියන්වහන්සේ පැවසූ දේ උන්වහන්සේ නැවත ගන්නේ නැත.

දෙවියන්වහන්සේ එක් වරක් ප‍්‍රකාශ කල දේ අප අසයි. එය නැවත අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරන කල අප එය දෙවරක් අසයි.

අප දිගින් දිගට එය පවසන විට බලය ක‍්‍රියාත්මක වනු ඇත.

දෙවියන්වහන්සේ මාගේ එඬේරාය මට හිඟයක් නැත. (ගීතාවලිය 23:1)

මම ඇතුලට යන විටත් පිටතට එන විටත් ආශීර්වාද ලද්දෙක්ය. (ද්විතිය කථාව 28:6)

මෙවැනි ප‍්‍රකාශ අප නොකඩව පවසන්න පුරුද්දක් කර ගනිමු.

2රාජාවලිය 3වන පරිච්ඡේදයේ හමුවන රජවරුන් තිදෙනා ආත්මය, ප‍්‍රාණය හා ශරීරයට සමානය.

මොවුන් තුන් ආකාරයකින් හැසිරෙන ලදි. අවසානයේ ජය ගත්තේ ආත්මයෙන් හැසුරුනු කෙනාය.

යෙහෝෂාපාට් රජ - ආත්මය ලෙස හැදින්විය හැකිය.
ඒදොම්හි රර - මනස හිස්ව සිටි ප‍්‍රාණය හා සමානය.
ඉශ‍්‍රායෙල් රජ - සම්පූර්ණයෙන්ම මාංසිකය - ශරීරය

2 රාජාවලිය 3:10
[10] එවිට ඉශ්‍රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.

ඉශ‍්‍රායෙල් රජ - මාංසය :ශරීරය නිතර කථා කරන්නේ හැගෙන පෙනෙන දෙ ගැනය. ඔහු පැවසුවේ දෙවියන්වහන්සේ අපව මෝවබ් අතට පාවා දී ඇති බවය.

2 රාජාවලිය 3:11
[11] නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.

යෙහෝෂාපාට් රජ - ආත්මික මනුෂ්‍යයා. ඔහු පැවසුවේ අප මේ ගැන ස්වාමීන්වහන්සේගෙන් විචාරන්ට යමු කියාය.

2 රාජාවලිය 3:12
[12] යෙහෝෂාපාට්ද: ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේයයි කීය. මෙසේ ඉශ්‍රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියෝය.

ඔවුන් අනාගතවක්කෘ සොයා යන ලදි.

නව ගිවිසුමට අනුව අපට මෙලෙස අවශ්‍යය නැත. මන්ද දෙවියන්වහන්සේ අපව ඒ මට්ටමටම ඔසවා ඇත.

අප තුළ වාසය කරමින් සිටින ශුද්ධාත්මයාණන්වහන්සේට අපට වචනයක් කථා කලහැකිය.

ශුද්ධාත්මයාණන්වහන්සේට අප තුළ වාසය කරන්නේ අපට මග පෙන්වන්නටය. සියලු සත්‍යකරා උන්වහන්සේ අපට මඟ පෙන්වයි.

නව ගිවිසුමේ අපට අනාගතවක්තෘ ළගට යන්න කියන්නේ නැත. පවසන්නේ ආත්මයෙන් ගමන් කරන්න, වචනය විශ්වාස කරන්න, වචනය අනුව ගමන් කරන්න කියාය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරද්දී, වචනය අප තුළ තිබියදීත් තවත් වචන සොයමින් ගියහොත් ඔබ රැවටීමට ලක්විය හැකිය.

පරණ ගිවිසුමේ අනාගතවක්තෘට තිබූ බලයම ස්වාමීන්වහන්සේ දැන් ඇදහිලිවතුන්ටත් දී ඇත.

අපෝස්තුළු සේවය, අනාගවක්තෘ, සුභාරංය පවසන්නන්, සභා පාලකයන්, හා ගුරුවරුන් ලෙස පස් ආකාර සේවයක් ඇත. (එපීස 4:11)

එම සේවාවන් වලින් ලැබෙන ඉගැන්වීම් වලින් අපව දෙවියන්වහන්සේගේ වැඩය කිරීමට සූදානම් කරයි.

මේ සියල්ලට වඩා දෙවියන්වහන්සේගේ වචනය වැදගත්ය.

අනාගතවක්තෘවරයෙක් සෙව් මෙම රජවරු එලිෂා ළගට යයි.

එලිෂා අවංකව එලියා අනාගතවක්තෘ ළග සේවය කරන ලදි. ඔහු තම සේවය අවංකව කල හෙයින් ඔහුටද එලියා අනාගතවක්තෘගේ ආලේපය තුළ ගමන් කිරීමට හැකිවුණි. එලියා අනාගතවක්තෘටත් වඩා වැඩි ආලේපයක් ඔහු ලබා ගන්නා ලදි.

යෙහෝෂාපාට් රජ පැවසුවේ එලිෂා අනාගතනක්තෘ ළග ස්වාමීන්වහන්සේගේ වචනය තිබේයයි කීයාය.

ඔවුන්ට තිබූ ප‍්‍රශ්නය වතුර නොමැතිකමය.

මෙම රජවරුන්ව විසදීමට නොහැකිවූ ප‍්‍රශ්නයට පිළිතුරක් තිබුනේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළගය.

එලිෂා අනාගතවක්තෘ ඔහුන්ට වචනයක් දෙන ලදි.

2 රාජාවලිය 3:16
[16] ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මේ මිටියාවත පුරාම අගල් කපන්න.

ඔහුන්ට ලැබුනු වචනය අගල් කපන්න කියාය. ඔවුන්ගේ ප‍්‍රශ්නය විසදීමට එම වචනයට හැකිවුනි.

ඔබට විශාල කදුවැනි ප‍්‍රශ්න තිබිය හැකිය. දෙවියන්වහන්සේ පවසන්නේ කන්දට අණ කරන්න කියාය. මුල් ඇද ඇති ඇඹිල්ල ගසේ මුල්වලින්ම ඉදිරියන්ට අණ කරන්න කියාය.

විසදුමක් නොමැති ප‍්‍රශ්න වලට දෙවියන්වහන්සේ විසදුම දෙනු ඇත. ඔබට තිබෙන්නේ විශ්වාස කිරීමටය. විශ්වාස කරන්නාට සියල්ල කල හැකිය.

ඔවුන්ට සාමාන්‍ය ලෙසින් වතුර නොලැබුනි. නමුත් දෙවියන්වහන්සේගේ ක‍්‍රමයෙන් ඔවුන්ට වතුර ලැබෙන බව පැවසීය.

2 රාජාවලිය 3:17
[17] මක්නිසාද නුඹලා හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් නුඹලාටත් නුඹලාගේ සිවුපාවුන්ටත් නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අප නොසිතන ආකාරයෙන් ස්වාමීන්වහන්සේ අපගේ ප‍්‍රශ්න විසදනු ඇත. දෙවියන්වහන්සේ දෙන්නාවු වචනය පවසමින්, තදින් අල්ලා විශ්වාස කරමු.

ඒ අයගේ අවශ්‍යතාවය වූයේ වතුර පමණය. නමුත් දෙවියන්වහන්සේ පැවසුවේ ඔවුන්ගේ ප‍්‍රශ්නය සුළු දෙයක් බවය.

2 රාජාවලිය 3:18
[18] මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.

අපගේ හැගීමෙන්, පෙනීමෙන් ප‍්‍රශ්නය විශාල ලෙස පෙනුනත් දෙවියන්වහන්සේට එය සුළු දෙයක්ය.

දෙවියන්වහන්සේ ඔවුන්ට ජයග‍්‍රහණය ලැබෙන බවද පැවසීය.

2 රාජාවලිය 3:19-20
[19] නුඹලා පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් කරන්නහුයයි කීවේය. [20] පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.

පැමිණි මාර්ගය නොදතත් වතුර පැමිණෙන ලදි.

මෝවබ්වරුන්ට වතුර පෙන්නේ ලේ ලෙසින්ය.

2 රාජාවලිය 3:21-24
[21] තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය. [22] ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය; [23] සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය. [24] ඔවුන් ඉශ්‍රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්‍රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය.

ඉශ්‍රායෙල් කඳවුරට පැමිණිවි මෝවබ්වරුන් පරාජය වී පලා යන ලදි.

මෙය දෙවියන්වහන්සේගේ බලවත් ක‍්‍රියාවකි.

මෙය දෙවියන්වහන්සේගේ බලවත් ක‍්‍රියා ඔබ විශ්වාස කරන්නේ නම් දෙවියන්වහන්සේට කිසිවක් කිරීමට අපහසු නැත.

ඔබට අවශ්‍ය කරන්නේ වචනයක් පමණි.


Watch the Sermon Video

Read 39 times