+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්ගේ ලේ සාතන්ගෙන් ජයගැනීමට උපකාර කරයි - යෝෂා මනූ
February 23, 2025 Sunday Sermon Notes


යේසුස්වහන්සේ ශුද්ධව සිටින සේ අපිද ශුද්ධව සිටිමු. උන්වහන්සේ අපව කැඳෙව්වේ ශුද්ධකමේ අලංකාරයේ සිටින පිණිසය. ශුද්ධකමෙන් ජීවත්වීම අපගේ ජීවිත රටාව කරගනිමු.

යේසුස්වහන්සේ සමාරිය ස්ත‍්‍රියට පැවසුමේ උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේට ආත්මයෙන් හා සැබෑකමෙන් නමස්කාර කරන කාලය පැමිණෙන බවය. (යොහන් 4:23)

ඒ දවස, කාලය, පැය දැන් පැමිණ ඇත. අපට තිබෙන්නේ දැන් උන්වහන්සේට ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කරන්නටය.

යොහන් 4:23-24
23නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. 24දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

දෙවියන්වහන්සේ ශුද්ධකමින් ආත්මික තලයේ ක‍්‍රියාකරන්නේය. අපට තිබෙන්නේ උන්වහන්සේට නමස්කාර කරන්නටය.

ඇදහිල්ල ක්‍රියා කරන්නේ ආත්මික තලයේය

අප ප‍්‍රශංසා ගී ගයානා කරමින් උන්වහන්සේ ඉදිරියේ ශුද්ධකමින් ජීවත්වෙන්ට කැපවෙමු.

1 පේත්‍රැස් 1:5
5නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

16 මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

යේසුස්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් අපද ශුද්ධව සිටිය යුතුය.

අපගේ හැසිරීම, කථා විලාශය නිතර කරන්නාවු දේ ශුද්ධව තිබිය යුතුය.

අප තුළට ශුද්ධ ආත්මය වගුරා ඇත්තේ අප ශුද්ධකමින් ජීවත්වන පිණිසය.

1 පේත්‍රැස් 2:5, 9
5 නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය.

අපව ශුද්ධකමේ පූජකයන් ලෙස ස්වාමීන්වහන්සේගේ ගොඩනැගිල්ලේ ගලක් ලෙස පිහිටුවා ඇත.

ශුද්ධකමින් ජීවත්වන්නා කිසිදා ලැජ්ජාවට පත්වන්නේ නැත

9 නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

දෙවියන්වහන්සේ අපව අන්ධකාරයෙන් ආලෝකයට කැඳවා ගත් සේක. අප උන්වහන්සේගේ කියා නිමකල නොහැකි ආලෝකයෙන් බැබළෙමු.

දෙවියන්වහන්සේගේ මහිමය විදහා පෙන්නන්නේ අපය.

දෙවියන්වහන්සේ අපව තෝරාගෙන රාජකීය පූජකයන් හා උන්වහන්සේගේ ශුද්ධවූ ජාතියක් ලෙසට පත්කර ඇත.

යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි ඇදහිල්ල තබමු

අපගේ ජීවිතයට උසස්වීම් ලැබෙනුයේ...............
ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයට හා ශක්තියෙන් ශක්තියටය.

ඇදහිල්ලෙන් ඇදහිල්ලට කාරණාව යටතේ අප යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුය.

එවිට අපට ඇදහිල්ලකින් තවත් ඇදහිල්ලේ මට්ටමකට ගමන් කල හැකිය.

අපගේ ඇදහිල්ල අප දිනපතා වර්ධනය කර ගත යුතුය.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි. (රෝම 10:17)

දෙවියන්වහන්සේ යේසස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ලේ වලින් අපගේ ජීවිත වලට කල දේ අප දැනගත යුතුය.

යේසුස්වහන්සේගේ ලේ සාතන්ගෙන් ජයගැනීමට මට උපකාර කරයි.

මෝසෙස් දෙවියන්වහන්සේගේ අණ පිළිපදිමින් උන්වහන්සේ පැවසූ සියල්ල කරමින් මරණිය දූතයා කුලුදුලන්ට පහර දෙන්ට පැමිණි අවස්ථාවේ තම සෙනඟව ආරක්ෂා කර ගන්නා ලදි.

ලේ වල රැකවරණය තුළින් මිසරයේ කුලුදුලන් මරණයට පත්වුවත් හේබ්‍රෙව් කුලුදුරන් ආරක්ෂාවෙන ලදි.

එය ඔවුන් ලේ වලින් ලබා ගත්තාවු ජයග‍්‍රහණයකි. එය ලබා ගැනීමට හැකිවූයේ මෝසෙස දෙවියන්වහන්සේට කීකරුවීම තුළිණි.

හෙබ්‍රෙව් 11:23-29
23 මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ළමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවාගත්තෝය. 24 මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර, 25 විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා, 26 කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විඳීම තෝරාගත්තේය.

මෝසෙස්ගේ මව ඔහු කුඩා කාලයේ ඔහු හෙබ්‍රෙව් ජාතිකයෙක් බවත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ ගැනත් පවසා තිබුනා විය හැකිය. වපුරන්නාවු බීජවල ඵල හටගැනීමට කලක් යයි.

මෝසෙස්ගේ සැලැස්ම ඉෂ්ටවීමට පෙර ඔහු තම ශක්තියෙන් ක‍්‍රියා කරන්නට ගොස් වරක් වැරැද්දක් සිදුකරගන්නා ලදි. එයින් ඔහුට මිසරය අත්හැර යන්නට සිදුවුණි. (නික්මයාම 2:11-14)

27 ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.

මෝසෙස් දෙවියන්වහන්සේව දැක නොතිබුනත් උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටින ලදි.

මෝසෙස් මිසරයෙන් පිටත අවුරුදු 40 ක් ගත කරන ලදි. නමුත් දෙවියන්වහන්සේට මෝසෙස්වත්, උන්වහන්සේගේ දුක්විදින සෙනඟවත් අමතක නොවුණි. (නික්මයාම 2:24- 3:10)

පරණ ගිවිසුමේ අවුරුදු 40 පසු ගැළවම්කාරයෙක් ලෙස මෝසෙස්ව පාවිච්චි කලාවූ දෙවියන්වහන්සේට නව ගිවිසුමට අනුව යේසුස්වහන්සේගේ ලේ වලින් ශුද්ධවන්තයෙක්ව සිටින්නාවු ඔබවද පාවිච්චි කල හැකිය.

28 කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය. 29 ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය.

මෝසෙස් දේවල් දැක නොතිබුණත් දෙවියන්වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ පැවසූ දේවල් ඇදහිල්ලෙන් කරමින් ජයගන්නාලදි.

දෙවියන්වහන්සේ ඔබවද කැඳවා ඇත්තේ ඇදහිල්ලේ ගමනකටය.

අප යක්ෂයාගෙන් ජය ගන්නේ බැටළු පැටවාණන්ගේ ලේ වලින් හා සාක්ෂියේ වචනයෙන්ය.

යේසුස්වහන්සේගේ ලේ සාතන්ගෙන් ජයගැනීමට මට උපකාර කරයි.

එළිදරව් 12:11
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

ශුද්ධස්ථානයට ඇතුල්වීමට අලුත්වූ ජීවමාන මාර්ගයක් විවර කර ඇත

හෙබ්‍රෙව් 10:19-22

19 එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, 20 උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, 21 දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, 22 නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

අප දැනගතයුතු කාරණාව නම් යේසුස්වහන්සේගේ ලේ වලින් අපට ජයග‍්‍රහණය ලැබෙනවා සේම උන්වහන්සේගේ ලේ වලින් අපට නිසැකකම ලැබෙන බවය.

එසේ නිසැකකම ලැබෙනුයේ උන්වහන්සේගේ අභිමුඛයට ගොස් නමස්කාර කරන පිණිසය.

සෑම අවස්ථාවකදීම ඔබ නපුරු හෘද සාක්ෂියෙන් නොමැතිව නපුරු හෘද සාක්ෂියෙන් පිරිසිදු විය යුතුය. මන්ද නපුරු හෘද සාක්ෂිය තුළ උන්වහන්සේගේ නිසැකකම නැත. එවිට දොස්පැවරීමක් ඔබ තුළ නිතර ඇත්වේ.

යේසුස්වහන්සේගේ ලේ වලින් අපව පවිත‍්‍රකර අපට මාර්ගය විවෘත කර දීමට යේසුස්වහන්සේ අප වෙනුවෙන් කැපවී අපට නමස්කාර කිරීමට ඒ මාර්ගය විවෘත කර දෙනලදි.

අපට ශුද්ධස්ථානයට ඇතුල් කරන ලද්දේ යේසුස්වහන්සේගේ ලේය.

අප නිතරම උන්වහන්සේගේ අභිමුඛයට නිර්භීතභාවයෙන්, නිසැකකමින් ළගාවෙමින් අප දේවදරුවන් නිසා, ශුද්ධවන්තයෙක් නිසා යේසුස්වහන්සේගේ ලේ ගැන ස්තූතිවන්තවෙමු.


Watch the Sermon Video

Read 48 times