+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
සමාව දීම - මනූ මැතානි
February 23, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ අපට ප‍්‍රේමකරන නිසා නිතරම උන්වහන්සේගේ උපදෙස්, අනුශාසනා අපට දෙනු ඇත.
දෙවියන්වහන්සේගේ තරවටු, උපසේ, අනුසාසනා පිළිගෙන ජීවත්වීමට අපි තෝරාගනිමු.
අප සියල්ලන්ටම දෙවියන්වහන්සේගේ වචන අවශ්‍යය.
අප දෙවියන්වහන්සේට ප‍්‍රේමකරන සෙනඟක් නම් අපගේ ජීවිතය ගොඩනගන පිණිස උන්වහන්සේ අපට තරවටු ගෙන දෙයි.
2 තිමෝති 3:16-17
[16-17] දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.
සම්පූර්ණ මනුෂ්‍යයෙකු සේ භක්තිවන්තව ජීවත්වීමටනම් දෙවියන්වහන්සේගේ වචනය, තරවටු, වෙනස්කිරීම් අපගේ ජීවිතයට පැමිණිය යුතුය.
දේව වචනයේ පොරොන්දු පමණක්ම නොව, පියාණන්වහන්සේ අපට කථා කරනවිට අපට තරවටුද ලැබෙයි.
දෙවියන්වහන්සේගේ තරවටු අප සුළු කෙරුවහොත් කිසිදා අපගේ ආත්මික ජීවිතය වර්ධනය වන්නේ නැත.
තරවටුව අපගේ ජීවිතයට පැමිණෙන විට එය අපගේ ජීවිතයට අදාල කර ගනිමින් අප වෙනස් වෙමු.
දේශකයෙක් තුළින් හෝ බයිබලය කියවීමේදී හෝ තව කෙනෙකු හා කථා කිරීමේදී ඔබට තරවටු හෝ හරිගැස්වීම් පැමිණිය හැකිය. එය ඔබගේ යහපත සඳහා පැමිණෙන්නක් ලෙස සිතට ගත යුතුය.
උන්වහන්සේ කවදාවත් අපව වරදට පත්කරමින්, දොස්තබමින් කථා කරන්නේ නැත. අපට දරාගැනීමට බැරි තරම් තරවටු ගෙනෙන්නේද නැත.
උන්වහන්සේ වචනය විශ්වාස කරමින් අපගේ ජීවිතය ගොඩනගා ගනිමු.
අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපට බොහෝ සේ ප‍්‍රේමකරන සේක. ඒ ප‍්‍රේමකරන දෙවියන්වහන්සේ අපට කථා කරමින් උන්වහන්සේගේ වචනයෙන් අපට තරවටු කළ හැකිය.
හෙබ්‍රෙව් 12:5
[5] ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;
දෙවියන්වහන්සේගේ තරවටුවට ක්ලාන්ත වන්නවත්, සුළු කරන්නටත් එපා. දෙවියන්වහන්සේ අපගේ අයහපතට කිසිවක් කරන්නේ නැත.
දෙවියන්වහන්සේ ප‍්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනු ඇත.
හෙබ්‍රෙව් 12:6
[6] මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.
අප දෙවියන්වහන්සේට ඉඩ දුන්නහොත් උන්වහන්සේට අපව ගොඩනැගීමට හැකිවනු ඇත.
හිතෝපදේශ 3:12 SROV
[12] මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
දෙවියන්වහන්සේ අපට වචනය තුළින් පවසන දේ අප කළ යුතුය.
යමෙකුට සමාව දෙන්නැයි පවසන විට සමාව දිය යුතුය.
අප සමාව නොදෙනවා නම් අපට තරවටු කිරීම් ලැබෙයි.
ශු. මතෙව් 18:33
[33] මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
[34] ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය.
[35] නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.
ශුද්ධාත්මයාණන්වහන්සේ වරදවල් පෙන්වා දෙන කල අප එයට යටත්වෙමු. අපට වරද කල අයට සමාව දෙමු. එසේ නොවන කල ඔබ යක්ෂ ආත්ම වලට අසුවෙනු ඇත.
ක්‍රිස්තුස්වහන්සේ අපට කමාවුණ ලෙසම අපත් එකිනෙකාට කමාවෙමු.
එපීස 4:32
[32] නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.
මෙය ඔබේ ජීවිතයට තරවටුවක් විය හැකිය. නැතිනම් එයින් තිත්තකමේ මුලක් හට ගැනීමට පුළුවන.
එය ඔබටත්, ඔබ අවට අයටත් විසබීජයක් විය හැකිය.
හෙබ්‍රෙව් 12:15
[15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
සමාව දිය නොහැකි කාරණාවක් වුවත් දෙවියන්වහන්සේට කීකරුවීමක් වශයෙන් අප එය කල යුතුය.
පිලිප්ගේ සමාරිය සේවය තුළ සිදුවූ හාස්කම් හා ආශ්චර්ය දුටු මායාකාර සීමොන් ඒ ගැන විශ්මිතවන ලදි. (ක්‍රියා 8:13)
පසුව පේතෘස් හා යොහන් සමාරියට පැමිණ ඒ සෙනඟට අත තැබූ කල ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණි.
ක්‍රියා 8:16-17
[16] මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත. [17] ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.
සෙනඟට ශුද්ධාත්මය ලැබෙනවා දුටු මායාකාර සීමොන් පේතෘස් හා යොහන් වෙතට මුදල් ගෙනවිත් ඔහුද අත තැබූ විට එම බලය මනුෂ්‍යයන්ට ලැබෙන්ට සලස්වන මෙන් ඉල්ලීය.
ක්‍රියා 8:18-19
[18] සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්: [19] යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය.
ඒ මනුෂ්‍යයා පේතෘස්ගෙන් තරවටුවක් ලැබීය.
ක්‍රියා 8:20
[20] නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.
දෙවියන්වහන්සේගේ දේ කවදාවත් මුදලට ගත නොහැක.
දෙවියන්වහන්සේගේ බලය කවදාවත් තෙල් බෝතලයකට, ලේන්සුවකට සීමා නොකරන්න. එය රූප වන්දනාවකි. එවැනි දේ වලට අසු නොවන්න. ඒවා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කටයුතු නොවේය.
දෙවියන්වහන්සේගේ දේ මුදලට ලබා නොගන්න. දෙවියන්වහන්සේගෙන් ලැබෙන දේ නොමිලේ ලබා ගන්න.
දීමනා දී අනාගත වාක්‍යය හෝ යාච්ඤාවට පිළිතුරු ලබා නොගන්න.
ක්‍රියා 8:21-23
[21] මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත. [22] ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. [23] මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.
පේතෘස් පැවසුවේ ඔහුගේ සිත හරි නැත කියාය.
මිනිසුන් විශේෂ සලකුණු මිලදී ගැනීමට පෙළඹී ඇැත. එවැනි දේට නොරැවටෙන්න. එය යක්ෂ ක‍්‍රියාවකී. මුලදී එහි ප‍්‍රතිඵලය පෙන්නුම් කලත් අවසානයේ ඉතුරු වන්නේ දුක පමණි.
දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ඔබගේ ජීවිතයට පොහොසත්තම ලබා දේ උන්වහන්සේ එයට දුක එකතු නොකරනු ඇත.
සලකුණු වලට පුරුදු වූ මනුෂ්‍යයා විශ්වාසය තබන්නේ බයිබලය මතවත්, දෙවියන්වහන්සේගේ නාමය මතවත් නොව තමන් පුරුදුවූ තෙල් හෝ ලේන්සු හෝ වෙනත් සංකේත මතය.
බොරුකාර දේ වලට මනුෂ්‍යයා බොහෝ සේ රැවටී සිටියි.
මෙවැනි දේ වලට නොරැවටී අප යේසුස්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තබමු.
අපගේ ප‍්‍රකාශනය තදින් අල්ලා සිටිමු.
හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
මායාකාර සීමොන්ට පේතෘස් පැවසුවේ ඔවුන්ගේ සේවයට ඔහුට කිසිදු පංගුකාරකමක් නැත කියාය.
ක්‍රියා 8:21-23
[21] මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.
[22] ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. [23] මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.
හරි නැති සිතක් ඇත්නම් දෙවියන්වහන්සේ ඉදිරියේ එයට සමාව ගත යුතුය.
ඔබ තුළ තිත්තකමේ මුලක් හටගත හොත් සතුරා එය ඔබගේ විනාශයට හරවයි. සමාව දී නිදහස්වන්න.
ක්‍රියා 16:14
[14] තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක.
ප‍්‍රශංසා හදවතක් ඇතිව ජීවත්වන්න. එවිට දෙවියන්වහන්සේට ඔබ තුළ මහත් දෙයක් කළ හැකිය.
ඇයගේ සිතේ ඉවත්කල යුතු සියල්ල දෙවියන්වහන්සේ ඇයගෙන් ඉවත් කරන ලදි.
ඔබද දෙවියන්වහන්සේගේ වචනය අසමින් බක්තිවන්තව සිටිනවා නම් ඔබ යම් අසාර්ථකත්වයකට පත්වී ඇත්නම් දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් යමක් විවෘත කරයි ඔබගේ ජීවිතයට අලුත් දර්ෂනයක් දීමට.
ඔබගේ හදවත පිරිසිදුනම්, අවංකනම්, ඔබගේ සිත විවෘත කිරීමට උන්වහන්සේට පුළුවන.
ක්‍රියා 16:15
[15] ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.
ලිදියාගේ ඉල්ලීම මත පාවුල් එම නිවසට යන ලදි. එයින් ඇය මහත් සැනසිල්ලක් ලබා ගන්නා ලදි. (ක්‍රියා 16:40)
ශුද්ධාත්මයාණන්වහන්සේ යමක් පැවසුවානම් අපගේ ජීවිත වෙනස් කරගෙන අපගේ ගමන ඉදිරියට යමු.
ශු. මාර්ක් 11:24-25
[24] එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය. [25] නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.
ඔබ ආශාකරන දෙයක් දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවේනම් එය ලැබුනේයැයි අදහන්න.
ඔබගේ යාච්ඤාවට පිළිතුරු අවශ්‍යය නම් ඔබ සමාව දෙන්න.
සමහර විට යක්ෂයා ඔබගේ ජීවිතය එපා වන තරමට මනුෂ්‍ය්‍යන් තුළින් වධ දෙයි ඔබට. නමුත් ඔබ සතුයින් ප‍්‍රීතියෙන් ඒ අයට සමාව දෙන්න.
ඔබ සමාව දීම තෝරා ගන්න. ඔබගේ ආශීර්වාදය තිබෙන්නේ සමාව දීම තුළය.
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට්ටේ මනුෂ්‍යයන්ට සමාව දුන් නිසාය.
යේසුස්වහන්සේ මනුෂ්‍යයාට විරුද්ධව කථා කලේ නැත. උන්වහන්සේ වේදනාව, පීඩාව දරා ගන්නා ලදි. උන්වහන්සේ ලැජ්ජාවට පත්වෙන ලදි.
කුරුසියේදී යේසුස්වහන්සේට උසුළු විසුළු කරාවු අයට උන්වහන්සේ සමාව දෙන ලදි.
ඔබට දියුණු වීමට අවශ්‍යනම් සමාව දෙන්න.
සමාව නොදීම දෙවියන්වහන්සේගේ ආශීර්වාද මාර්ගයට බාධාවකි.
කිතුනු භක්තිකයෙකු තුළ සමාව දීම පුරුද්දක් ලෙස තිබිය යුතුය.
ඊසාක්ට දෙවියන්වහන්සේ ආශීර්වාද කරන ලදි. ඔහු ගිය ගිය සැම තැනම ආශීර්වාදය උරුමකර ගත්හ.
උත්පත්ති 26:12
[12] ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.
ඊසාක්ට සතුරන් බොහෝ සේ වෛර කරන ලදි.
ඊසාක්ට තුළ පළිගැනීමේ චෙතනාවක්, සමාව නොදීමේ අදහසක් නොතිබුණි.
දෙවියන්වහන්සේ තුළත්, තම පියවූ ආබ‍්‍රහම්ගේ ඇදහිල්ලේ මාර්ගයෙත් ඔහු ගමන් කරන ලදි.
බොහෝ විට අප සිත් තැවුලට පත්වන්නේ අපගේ ළගම සිටින අයගෙන් අපට වැරදි සිදුවූ විටය. එහෙත් අපට කවුරු මොනා කරත් අපට ආශීර්වාදය ලබා ගැනීමට අවශ්‍යනම් අපගේ හදවත අප පිරිසිදුව තබා ගත යුතුය.
ඊසාක්ගේ සිත පිරිසිදුව තිබූ නිසා ඊසාක් සාගතය කාලයේත් වපුරා අස්වැන්න ලබා ගන්නා ලදි.
උත්පත්ති 26:13
[13] ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය.
දෙවියන්වහන්සේ පොහොසත්වූ දෙවියන්වහන්සේය. උන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයාත් වඩ වඩා දියුණුවීමය.
මුදල නපුරක් නොවේය. නමුත් මුදලට ප‍්‍රේම කිරීම නපුරය.
වස්තු තෘෂ්ණාව මනුෂ්‍යයාව වැරදි දේට ඇද දමයි.
1 තිමෝති 6:10
මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
ඊසාක්ගේ ජීවිතයට ස්වාමීන්වහන්සේ ආශීර්වාද කරන ලදි.
පොහොසත්වීම වැරදි කාරණයක් නොවේය.
යේසුස්වහන්සේට පවා භාන්ඩාගාරයක් තිබුණි.
යේසුස්වහන්සේගේ මුදල් භාරව සිටියේ යුදස් ඉස්කාරියොත්ය. ( යොහන් 12:6, 13:29)
ඔහු මුදලට ප‍්‍රේමකරන්නෙක් බව යේසුස්වහන්සේ දැන සිටින ලදි. ඔහුට එයින් මිදීමට අවස්ථා තිබුණි. එහෙත් ඔහු ඉන් මිදුනේ නැත.
ඔහු මුදලට ප‍්‍රේමකිරීමෙන් අවසානයේ රිදී කාසි 30 කට යේසුස්වහන්සේව පාවා දෙන ලදි. (මතෙව් 26:15)
උත්පත්ති 26:13
[13] ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය.
පිලිස්තිවරු ඊර්ෂ්‍යා කරන තරමටම දෙවියන්වහන්සේ ඊසාක්ට ආශීර්වාද කරන ලදි.
උත්පත්ති 26:14
[14] ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය.
මනුෂ්‍යයන් ඊර්ෂ්‍යා කරන තරමටම ඔබට ආශීර්වාද කිරීමට දෙවියන්වහන්සේ පුළුවන. එසේ සිදුවූවා කියා අප භිය වියයුතු නැත. එයින් අපට කිසිදු හානියක් සිදුනොවේ.
උත්පත්ති 26:15
[15] ඔහුගේ පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හෑරූ සියලු ළින් පිලිස්තිවරුන් විසින් පස් පුරවා වසාදමා තිබුණේය.
ඔබගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයන්ට සමාව දෙන්න.
උත්පත්ති 26:19-20
[19] ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය. [20] එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය.
ඊසාක්ගේ ආශීර්වාද මධ්‍යයේ ඔහුගේ විරුද්ධකාරයන් නිතර සිටියේ වෛරයෙන්ය.
උත්පත්ති 26:21
[21] එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නායයි (වෛරය) නම තැබීය.
මනුෂ්‍යයා කොපමණ වෛර කරත් ඔබගේ ආශීර්වාදය නවතින්නේ නැත.
උත්පත්ති 26:22
[22] ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි (විශාල ස්ථානය) නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය.
අවසානයේ ඔහුගේ විරුද්ධවාදීන් පැමිණ කීවේ අප නුඹට විරුද්ධව අත උස්සන්නේ නැත කියාය. (උත්පත්ති 26:28-29)
ඔබ දෙවියන්වහන්සේ ප‍්‍රසන්න දේ කරන කළ උන්වහන්සේ ඔබගේ සතුරන් පවා සමඟි කරනු ඇත.
හිතෝපදේශ 16:7
[7] මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
යෙහෝෂාපාට් රජතුමා හට සතුරන් පවා ත්‍යාග ගෙනෙමින් ආශීර්වාද කරන ලදි.
යෙහෝෂාපාට් රජතුමා දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කල අයෙකි. ඔහු දාවිත්ගේ පළමු හැසිරීමේ මාර්ගවල ගමන් කරන ලදි. (2 ලේකම් 17:1-19)
ඔබ වෛර තිත්තකම් බැඳ ජීවත් නොවන්න.
අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා නොකර ආශීර්වාද කරන්න. ඔබගේ දියුණුව කිසිවෙකුට නතර කල නොහැක.
සමාව දෙන කල ඔබ සුවයෙන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනු ඇත.
Watch the Sermon Video