+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
යේසුස්ගේ ලේ පාපයට කමාව දුන් බව ඇදහිල්ලෙන් විශ්වාස කරමු - යෝෂා මනූ
March 2, 2025 Sunday Sermon Notes
අපගේ දෙවියන්වහන්සේ බලවන්තය, ජීවමානය.
යේසුස්වහන්සේගේ කස පහරින් අප සුවය ලබා ඇත.
යුදෙව් සෙනඟ යෙසායා 53 කියවන්නේ නැත. මන්ද ඔවුන් යේසුස්වහන්සේව විශ්වාස නොකරන හෙයිනි.
ඔවුන් පවසන්නේ ඔවුන්ගේ මෙසියස්වහන්සේ තවම පැමිණ නැති බවය.
ඔවුන් සිතන්නේ යෙසායා 53 කියවීම ශාපයක් බවය. මන්ද එය කියවූ පසු ඔවුන්ට එලිදරව්වක් පැමිණ යේසුස්වහන්සේ විශ්වාස කරමින් ඔවුන් නව ගිවිසුම කියවන්නට පටන් ගන්නා නිසාය.
යෙසායා 53:4-5
4සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. 5නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
යේසුස්වහන්සේගේ තුවාල වලින් උන්වහන්සේ අපව සුවපත් කරන ලදි. උන්වහන්සේ සියල්ල උසුලුගත්තේ ශරිරිකවය.
මෙහිදී දුක හා ශෝකය යනු අපගේ ලෙඩ රෝග හා වේදනාය.
පහර යනු තුවාලයි. උන්වහන්සේගේ තුවාල පහර වලින් අප සුවවෙයි.
1පේතෘස් 2:24
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
යේසුස්වහන්සේ මැරුණේ අපගේ පාප නිසාය. එසේ මැරී උන්වහන්සේ අපව ධර්මිෂ්ඨකමට පමුණුවන ලදි.
ධර්මිෂ්ඨකම යන්නෙහි සරලම අර්ථය දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධකමක් පැවැත්වීමය.
ඒ ධර්මිෂ්ඨකම තුළින් අප ජීවත්වෙනු ඇත.
මනුෂ්‍යයාව මරණයට පත්කලේ පාපයයි. (උත්පත්ති 3)
යේසුස්වහන්සේ දෙවැනි ආදම් වී පාපය වෙනුවෙන් මරී ධර්මිෂ්ඨකමට අපව ජීවත්කරන ලදි.
යේසුස්වහන්සේගේ කුරුසපත්වීම තුළින් අපගේ පාපයන්ට කමාව ලැබෙනවා සේම සෑම රෝගයකටම සුවය ලැබෙයි.
යේසුස්වහන්සේගේ මුලු ක‍්‍රියාවලියම ඔබ විශ්වාස කරන්නේනම් මේ කාරණා දෙකම අප තුළ සිදුවනු ඇත.
සුවය අපට අයිතිය. අප සුවෙන් ජීවත්වීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.
යේසුස්වහන්සේගේ ඔබව සුවකර හමාරය. එය ඔබගේ ජීවිතයට අදාල කර ගත යුතුය. මෙම පොරොන්දුව වෙනස්නොවෙයි.
අප ධර්මිෂ්ඨවන්නේ ඇදහිල්ලෙන්ය. ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමෙන්ය. එම ඇදහිල්ල අනර්ඝ ඇදහිල්ලකි.
අප ඇදහිල්ල තබා ඇත්තේ යේසුස්වහන්සේගේ ලේ කෙරෙහිය. යේසුස්වහන්සේගේ ලේ අපට සාතන්ගෙන් ජය ගැනීමට උපකාරිවේ.
ඇදහිල්ලේ ගමන අප ගමන් කරනවිට අප සත්‍යතාවේ වචනය තුළ ස්තීර විය යුතුය.
හොඳ අත්තිවාරමක් නොතිබිනොත් කුණාටු පැමිණෙන කාලයේදී ඔබ පරාජය වනු ඇත.
ඇදහිල්ලෙන් යේසුස්වහන්සේගේ ලේ තුළින් අපට පාප කමාව ලැබුණි.
අප ඉපදෙන්නේ ආදම්ගෙන් පැමිණි ජම්ම පාපයත් සමඟමය. (රෝම3:23, 6:23)
රෝම3:23
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.
ආදම් ඒව පව්කල විට ඒ අය තුළ තිබූ දෙවියන්වහන්සේගේ මහිමය නැතිවන ලදි. දෙවියන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ඉදිරියේ සිටගන්නට ඔවුන්ට තිබූ වස්ත‍්‍රයයි උන්වහන්සේගේ මහිමය.
රෝම3:24
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
අප යේසුස්වහන්සේ පිළිගත් පසු පව්කාරයන් නොවේය. උන්වහන්සේ අපගේ පාපයට කමාව දී අපව නොමිලේ ධර්මිෂ්ඨකර තිබේ.
අපගේ පාපයේ කුළිය ගෙවන ලද්දේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.
රෝම 6:23
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
අපගේ පාපයේ යේසුස්වහන්සේට භාරදී අප උන්වහන්සේව පිලිගත්විට උන්වහන්සේ අපට නොමිලේ සදාකාල ජීවනය දෙන ලදි.
යේසුස්වහන්සේ අප උදෙසා මැරී මිලය ගෙවා අවසන්ය.
ඔබ අතින් දැන් පාපයක් සිදුවුවහොත් එම පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියේ කියාදුන් විට උන්වහන්සේ අපට කමාව දීමට විශ්වාසවන්තව සිටින සේක.
1 යොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.
එලෙස අප පාපයට කමාව ලබා ගත්විට අපට දෝශාරෝපනය තුළ ජීවත්වීමට අවශ්‍ය නැත.
එපීස 1:7 ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
අපගේ සෑම පාපයකටම කමාව ඇත. එය මිදීමේ මිලයයි.
මිදීමේ යනු වහල් භාවයෙන් නිදහස් කිරීමයි.
පාපයට යක්ෂයාට වහල්ව සිටි අපව මිලදී ගැනීමට යේසුස්වහන්සේ අප උදෙසා මිදීමේ මිලයක් ගෙවනු ලැබීය.
උන්වහන්සේ ගෙවු මිලය යේසුස්වහන්සේගේ ලේය.
කොලොස්සි 1:14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.
ඔබ බය නොවී පාපයට කමාව ගෙන උන්වහන්සේගේ නිදහස්කම තුළ ජීවත්වන්න.
හෙබ්‍රෙව් 9:11-12
11නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භූමික] මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්, 12 එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.
යේසුස්වහන්සේගේ ලේ තුළින් අපට සදාකාල මිදීම ලැබුණි. උන්වහන්සේ යහපත් වැඩවල උත්තම පූජකයෙක්ව සිටින ලදි.
හෙබ්‍රෙව් 3:1 එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.
අප කල්පනා කල යුත්තේ කල පාපය ගැන නොව යේසුස්වහන්සේගේ ක‍්‍රියාව කල්පනා කල යුතුය.
යේසුස්වහන්සේගේ ලේ වලින් අපට ලැබුනේ සදාකාල මිදීමක්ය.
හෙබ්‍රෙව් 10:09-10
9මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක. 10ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.
පළවෙනි ගිවිසුම පරණ ගිවිසුමයි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් මැරී පළමු ගිවිසුම වෙනුවට එක පූජාවක් කරමින් නව ගිවිසමක් ඇති කරන ලදි.
හෙබ්‍රෙව් 10:11-18
11 තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති. 12 නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක ලේ පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. 13 එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක. 14 මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක. 15 ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්: 16 ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට: 17 ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. 18 ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.
මෙය ඔබගේ ජීවිතයට එළිදරව්වක් කර ගත යුතුය.
පාපය ගැන උන්වහන්සේ නැවත සිහිකිරීමක් නැත.
පාපය වෙන්වෙන් යේසුස්වහන්සේ මියයන ලදි එය සිදුකරන ලද්දේ එක්වරක් පමණි.
අප යේසුස්වහන්සේගේ පූජාව විශ්වාස කරමින් උන්වහන්සේගේ ලේ වලින් ලබා ගත් පවිත‍්‍රකමට උන්නමන්සේට ස්තූති කරමින් දෙවි පියාණන්වහන්සේ ඉදිරියේ නමස්කාර කරමු.
ඔබගේ හෘද සාක්ෂිය දෙවියන්වහන්සේ පවිත‍්‍රකරන ලද්දේ යේසුස්වහන්සේ ලේ තුළිනි.
Watch the Sermon Video