+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
සභාව සහ පවුල - මනූ මැතානි
March 2, 2025 Sunday Sermon Notes
බයිබලය කියවන කල එතුළින් දෙමාපියන්ට, දරුවන්ට බොහෝ දේ උගන්වනු ලබයි. අප යහපත් කිතුනු පවුල් ගොඩනැගිය යුතුය.
ලෝකයෙන් වෙන්වී ජීවත්වීමට බයිබලයේ අපට කිතුනු ප‍්‍රතිපත්ති දී ඇත.
ඒ ප‍්‍රතිපත්ති තුළින් අපගේ ජීවිතයත් අනාගතයත් ගොඩනගන්නට අපට පුළුවන.
හොඳ පවුල් ජීවිතයක් ගොඩනගන්නට දූ දරුවන්ද දෙමාපියන්ට උපකාර කල යුතුය.
දරුවන්ගේ තිබෙන්නාවු හිතුවක්කාර ගති නිසා පවුල් බිඳ වැටීමටද ලක්වේ.
සමහර දරුවන් තම අභිලාශය ඉටුවේ නම් දෙමාපියන්ට කුමන් වුවත් කම් නැතැයි සිතා කටයුතු කරයි.
සමහර දරුවන් දෙමාපියන්ට අකීකරු වීම සාමාන්‍ය දෙයක් ලෙස සලකයි.
දෙමාපියන්ට බලපෑම් කරමින් තම අභිලාෂය ඉටු කර ගැනීමට දරුවන් උත්සුකවෙයි.
බයිබලයේ පවසන්නේ දෙමාපියන්ට කීකරුවන්න, ගරුකරන්න කියාය.
බයිබලයේ ප‍්‍රතිපත්ති ලෝකයා ප‍්‍රතික්ෂේප කල හැක.
නමුත් දේවදරුවන්, ශුද්ධවන්තයන්, ආත්මයෙන් පිරී සිටින්නන් ලෙස අප නිසැකයෙන්ම එම ප‍්‍රතිපත්ති වලට ගරු කල යුතුය.
දරුවන් නිවසට ගෙනෙන්නේ කුමන දේවල්ද කියා සොයා බැලිය යුතුය.
සමහරක් විට දරුවන් නිසා පවුලේ සමාදානය නැතිවිය හැකිය. වැරදි දෙයට දොස්කිය යුතුය.
හිතෝපදේශ 3:11
[11] මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
[12] මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
දෙවියන්වහන්සේගේ ගුණාංගය දරුවන්ට ප‍්‍රේමකරන්නේ නම් ඒ දරුවන් හරිගැස්වීමය.
දරුවන්ට සැබෑ ලෙස ප‍්‍රේම කරන්නේ නම් ඔවුන්ට දඬුවම් කල යුතුය.
හෙබ්‍රෙව් 12:6-8
[6] මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි. [7] නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද? [8] එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය.
පුත‍්‍රයාට දඬුවම් නොකරන්නේ නම් එම දරුවා අවජාතකයෙක් මෙන්ය.
දේව වචනයත් ලෝකයේ දේත් මිශ‍්‍රව සමබර තත්වයකට ගෙන එන්නට දරුවන්ට ඉඩ නොදෙන්න.
අපට ඇත්තේ අමිශ‍්‍රවූ වචනයයි.
දරුවන් අවස්ථානු කූලව පැති ගනී. දෙමා පිය දෙදෙනා එකමුතුව සිටීමෙන් දරුවන්ගේ විනාශවීම වැලැක්විය හැකිය.
දේව පවුලක් තුළ ඇති කැපවීම වටී. දරුවන් මුල් කාලයේ සිට හරියාකාරව හැදිය යුතුය.
හිතෝපදේශ 22:15
[15] මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ; දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.
දරුවන් හරිගැස්වීමෙන් ඔවුන්ගේ මුරණ්ඩුකම දුරුකල හැකිය.
සමාජයේ දේ නිවසට ගෙනෙන්නට දරුවන්ට ඉඩ නොදෙන්න.
දරුවන්ගේ නියම පාඩම් ස්ථානය නිවසය. දරුවන්ව නියම කාලයේ හැදිය යුතුය.
ඔවුන්ගේ කාලය පැන්නාට පසු ඔවුන් විනාශවූවායැයි නිකරුනේ දුන්නොවන්න.
දරුවන් වැරැද්දක් වූ විට දෙමාපියන්ගෙන් සමාව ගත යුතුය. නැතිනම් එය ඔවුන්ගේ දරුවන්ටද බලපෑ හැකිය.
හිතෝපදේශ 23:22
[22] නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.
දරුවන් දෙමාපියන්ගේ වචන ඇසිය යුතුය. දෙමාපියන්ට වැරදුන තැන් දරුවන්ට වරදින්නට ඉඩ නොදී දෙමාපියන් වගකීමක් ඇතිව ප‍්‍රඥාවෙන් දරුවන්ට කථා කල යුතුය.
දරුවන් මවගේ ජීවිතය සුළු නොකර ඇයගේ ජීවිතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය.
දෙමාපියන්ගේ පරණ වැරදි ඉස්මතු නොකරන්න. යේසුස්වහන්සේ තුළින් ඔවුන් නව මැවිල්ලක් වී ඇත. යේසුස්වහන්සේ අපගේ පරණ පව් සිහිනොකරයි.
හරියාකාරව ගොඩනොගැනුනු දරුවන් ඇත. ඔවුන් සභාවේ එක් ආකාරයකටත් සභාවෙන් පිටත තවත් අයුරින්ද සිටී. දරුවන් ලෙහෙසියෙන් රැවටෙයි.
දෙමාපියන්ගේ වගකීම විය යුත්තේ දරුවන්ගේ ජීවිතවලට බලපෑම් ඇතිකර ඒ අයට කිතුනු ප‍්‍රතිපත්ති ඉගැන්වීමය.
කිතුනු පවුලක්, දේවදරුවන්, කිතුනුවෙක් ලෙස දෙමාපියන් හා දරුවන්ගේ සම්බන්ධතාවය තුලින් දෙවියන්වහන්සේගේ නාමය ගෞරවයට පත්කිරීමයි අපගේ වගකීම විය යුත්තේ.
ඒ සඳහා හොඳ පවුල් ජීවිතයක් ගත කල යුතුය. දෙමාපින්ගේ වගකීම් සේම දරුවන් දෙමාපියන්ගේ හැසිරීම දැකිය යුතුය.
දෙමාපියන්ගේ ගමන් බිමන්, ඔවුන් කරන කියන දේ, ආත්මික දේට ඔවුන්ගේ ඇති කැපවීම, දෙවියන්වහන්සේට, සභාවට ඇති ගරුත්වය දරුවන් දැකිය යුතුය.
සභාව විවේචනය කරමින් දරුවන් තුළ සෙලවෙන අත්තිවාරමක් ඇති නොකරමු.
ඔබගේ නිවස සභාවක් කරගන්න. ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවන් සියලු දෙනා ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවයවයන්ය.
ඔබ කරන්නාවු සියල්ල පිලිවෙලක් ඇතිව සිදුකරන්න.
1 කොරින්ති 14:33
[33] මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
ඔබ සමාදානයේ ආත්මයක් සමඟ නිවසට යන්න. සෑම සභාවකම ශුද්ධවන්තයන් අතර තිබෙන්නේ සමාදානයයි. ඒ ආත්මය ඔබ යන සැම තැන ගෙන යන්න.
දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති අපගේ ජීවිතයට එක් කර ගමු.
හිතෝපදේශ 27:10
[10] නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.
අපගේ මිත‍්‍රකම් හොඳ පුද්ගලයන් සමඟ ඇතිකර ගනිමු.
වැරදි මිත‍්‍රයන් ඔබගේ ජීවිතයට ඇතුල් කර නොගන්න. වියවුල්කමේ මිතුරන්ගෙන් ඈත්වන්න. ආත්මික ජීවිතය විනාශකරන අය ලංකර නොගන්න.
හිතෝපදේශ 27:4-6
[4] උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද? [5] ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය. [6] මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ (රැවටිලි සහිතයි).
අවංක මිත‍්‍රයෙක් නම් ඔබට හරිදේ කෙලින්ම පෙන්වා දෙයි. බොරුකාරයන් නපුරු දේට අනුබලදෙයි.
අවංක මිත‍්‍රයෙක් තුලින් ඔබගේ ජීවිතය ගොඩනගා ගත හැකිය. යක්ෂයා උතසහා කරනුයේ නිතර හොද මිත‍්‍රයන් ඈත් කර වැරදි මිතුරන් එකතු කරන්නටය.
හිතෝපදේශ 16:28
[28] ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
හිත මිත‍්‍රයන් වෙන් කරන තරමට දුෂ්ඨ ආත්ම මනුෂ්‍යයන් තුළින් ක‍්‍රියා කරයි.
අවංක මිතුරෙක් නම් ඒ කෙනා එතඟ වෙයි ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියු දේ නොකඩව කරගෙන යාමට.
සමහර අය මිතුරු වෙසින් ඔබ සමඟ සිටියත් ඔවුන් ඔබගේ ජීවිතයට කොඩිවිනයක් වැනිය. ඒ අයට අවශ්‍ය ඔබව පාලනය කිරීමටය.
කිතුනුවන්ද මෙලෙස සමහර ජීවිත වලට බලපෑම් ඇති කරමින් පාලනය කිරීමට උත්සහා දරයි.
කිතුනුවන්ද මෙලෙස සමහර ජීවිත වලට බලපෑම් ඇති කරමින් පාලනය කිරීමට උත්සහා දරයි. එවැනි මනුෂ්‍යයන්ගේ කීම් වලට නොබැදෙන්න.
හිතෝපදේශ 27:6
[6] මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.
අවංක මිතුරෙකුගේ තරවටුවෙන් හොදක් සිදුවෙයි.
හිතෝපදේශ 16:28
[28] ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද (හොඳ) හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
ඔබගේ හොඳ මිතුරෙකු විපත්තියේදී ඔබ ළඟ සිටියි.
හිතෝපදේශ 27:10
[10] නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.
හොඳ මිතුරෙකු අවශ්‍යතාවෙදී ඔබ වෙනුවෙන් ඉදිරිපත්වේ. වැරදි පුද්ගලයන් ඔබගේ දියුණුවේදී ඊර්ෂ්‍යයා කරයි.
යේසුස්වහන්සේ අපගේ හොඳම මිත‍්‍රයාය.
ශු. යොහන් 15:15
[15] දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ව සැලකුවේ මිත‍්‍රයෙකුසේය. උන්වහන්සේ සොදොම විනාශ කිරීමට කලින් පවා ආබ‍්‍රහම්ට දැන්වීය. (උත්පත්ති 18:16)
අවංක දාසයන් තම ස්වාමියා කරන දේ දන්නේය.
ඔබ ළග සිටිය යුත්තේ හොඳ මිතුරන්ය.
ඔබගේ මුදල් වස්තු සම්පත් වැරදි තැනකට යනවානම් ඔබ ප‍්‍රවේසම් විය යුතුය.
හිතෝපදේශ 28:24
[24] තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය.
දරුවන් වැරදි ඇසුරක වැටී ඇත්නම් දෙමාපියන්ගෙන් සොරකම් කිරීම වරදක් නොවේයැයි සතුරා ඔහුගේ කනට කොදුරා කියයි.
ඒ කෙනා විනාශකයාගේ මිත‍්‍රයෙක් බවට පත්ව සිටියි.
දරුවන් කුඩා වයසේ පටන් දෙමාපියන්ට නොකියා මුදල් ගැනීම පුරුද්දක් කර ගෙන සිටීනම් ඔහු යක්ෂයාගේ අතට අසුවී ඇත.
මෙවැනි දේ දෙමාපියන් සොයා නොබැලීමෙන් ඔබ දරුවන්ට ඉඩදෙනවා යක්ෂයා හා මිත‍්‍රකම් ඇති කර ගැනීමට.
එපමණක් නොව අනුන්ගේ දේ ගැනීම පාපයක් නොවන ගානට ඔවුන් යොමුවෙයි.
එලෙස ලබා ගන්නාවු මුදල් මිතුරන් හා වැරදි දේ කිරිමට දරුවන් යොදාගනී. ඔහු විනාශකයාගේ මිතුරෙකු වී අවසන්ය.
මෙතෙක් කලක් එවැනි දේ කලාවු දරුවන් සිටීනම් පලමුව දෙවියන්වහන්සේගෙන් සමාව ගෙන එය දෙමාපියන්ටද කියාදී සමාව ගෙන එයින් නිදහස්වෙමු.
එයින් ඔබගේ ජීවිතයට ශාපයක් නොවනු ඇත. විනාශකයාගේ මිතුරෙකු නොවීසිටිමු.
එය ඔබගේ ජීවිතයට යහපතක්වේ. ඔබගේ ආත්මික ජීවිතය වර්ධනයවේ.
ඔබට ආශීර්වාදත්මක අනාගතයක් අවශ්‍යනම් යක්ෂයෙක් මිත‍්‍රයෙක් කර නොගන්න.
ගත් මුදල නැවත දෙමාපියන්ට දීමට නොහැකිවුවත් දෙවියන්වහන්සේගෙන් සමාව ගෙන ජීවිතයේ ඉදිරිගමන ගෙන යන්න.
මෙවැනි දේට අදාල බයිබල් පද කියවා අපගේ ජීවිතය ගොඩනගා ගනිමු.
යක්ෂයා ඔබගේ මිත‍්‍රයානම් ඔබට කවදාවත් සඵලවත් ජීවිතයක් ගත කිරීමට නොහැක.
යක්ෂයාගේ බොරුව විශ්වාස නොකරන්න. දෙවියන්වහන්සේගේ වචනය සත්‍යයි.
හිතෝපදේශ 28:7
[7] ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.
උතුම්ම දේ දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව ලබාගෙන ඥානවන්තයෙක් සේ ජීවත්වීමය.
වැරදි මිතුරන් ඇසුරු කරමින් අනවශ්‍ය දේ පාවිච්චි කරමින් විනාශකාරි දේට ඇලුම්ව සිටින දරුවන් පියාට ලැජ්ජාව ගෙන දේ.
ඒ දරුවන් වියදම් දරන්නේ නාස්තිය සදහාය.
ලැජ්ජාවට පත්නොවී ශුද්ධ මනුෂ්‍යයන් ලෙසින් ජීවත්වීමට ඔබගේ පෞද්ගලික ජීවිතය ගොඩනඟා ගැනීමට බයිබලයේ ප‍්‍රතිපත්ති අනුව ජීවත්වෙමු.
වැරදි ඇසුරු වලින් ඉවත්වෙමු.
යක්ෂයා වැරදි මනුෂ්‍යන් තුලින් වියදම් ලබා දී ඔබව යම් දේවලට ඇබ්බැහි කරවයි. එයට ඇබ්බැහිවූ පසු ඔබට එයින් ගැළවිය නොහැක.
දෙමාපියන් කිසිවිට ඔබගේ වස්තු සම්පත් නැතිවෙන තරමට ඒ ගැන නොසැලකිලිමත් නොවන්න. යක්ෂයා ඔබේ ක‍්‍රියා වැරද්දක් නැතැයි පෙන්වයි. එයට අසු නොවන්න.
දාවිත්ගේ අබ්සලොම් කියන පුතා මුරණ්ඩු කැරලිකාරයෙක්ව සිට අවසානයේ මියයන ලදි. (2සාමුවෙල් 15, 18 පරිච්ඡේද)
දෙවියන්වහන්සේගේ කැමැත්ත අප හොඳ චරිත ගුණාංග ඇතිව ජීවත්වීමය. හරි දේ කිරීමට ප‍්‍රමාද නොවී ඉක්මන් වන්න. වැරදි දේ ප‍්‍රතික්ෂේප කිරීමටද ප‍්‍රමාද නොවන්න.
Watch the Sermon Video