+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

Believers' Fellowship

Believers' Fellowship

ඉන්පසු යේසුස්වහන්සේ දේශනා කරන්ට පටන් ගත් අතර ලූක් 4:27 පදයේ උන්වහන්සේ මෙසේ පැවසූසේක, "ඉශ්‍රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, නාමන් නම් එක් මනුෂ්‍යයෙකු හැර ඔවුන්ගෙන් කිසිවෙක් සුවය නොලැබුයේය." ලූක් 4:25 සහ 26 පදවල, සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය බවත්, ස්වාමීන්වහන්සේ සීදොන්හි එක් ස්ත්‍රියෙක් පමණක් මුණගැසුණු බවත් එහි සඳහන් වේ.

ලවොදිකයෙහි සභාව තුළ ඔවුන්  දේවස්ථානයේ හැම ක්‍රියාකාරකමක්මද ආගමික කටයුත්තක්ද පවත්වාගෙන ගිය අතර, යේසුස්වහන්සේ පිටත දොර ළඟ සිට තට්ටුකරමින් සිටියේ කෙසේදැයි මම කල්පනා කළෙමි. එළිදරව් 3:20 හි, "මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය" කියා උන්වහන්සේ මෙසේ පැවසුවේය. 

බයිබලයේ පවසන්නේ, උන්වහන්සේ පුරුද්දක් ලෙස සභාවට – සිනගෝගයට ගිය බවයි. සිනගෝගයේදී උන්වහන්සේ දකුණත වියළී තිබුණු මනුෂ්‍යයෙක්ව සුව කළේය. [ලූක් 6:6-8 දක්වා කියවන්න]. දෙකට නැමී කුදුව සිටි තවත් ස්ත්‍රියෙක් උන්වහන්සේ සුව කළේය.