+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

Believers' Fellowship

Believers' Fellowship

දැන්, සතුරු හමුදාව යෙරුසලමට විරුද්ධව පැමිණි විට, ඔවුන් මොවුන්ට තර්ජනය කළහ. 2 ලේකම් 32:2-3, "සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක, නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණය කරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය."

ඒවගේම සහෝදර හවඩ් දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් වූ අතර ඔහු අනාගතවක්තෘවරයෙකු බව මනුෂ්‍යයන් දැන සිටිය නමුත් මම කවදාවත් ඔහුට දණ නමමින් නමස්කාර කළේ නැති බව කියමි. ඔහුගේ අනාගතවාක්‍යයන් නිවැරදිව තිබුණේය. තවද අපට කවරමදාකවත් ඔහුට වැඳ වැටී "අනාගතවක්තෘ" ලෙස හැඳින්විය යුතු ආකාරයේ සම්බන්ධකමක්ද නොතිබුණේය.

ඔබ දේව වචනය ගැඹුරින් සොයා බැලීම වැදගත් වේ. ඔබ දේව වචනය අසන්නට  කාලය ගත කළ යුතුයි. එය අනාගතවාක්‍යයක් මගින් පැමිණෙන්නේ නැත. අනාගතවාක්‍යවලට සවන් දීමෙන් පමණක් ඔබට කවදාවත් වචනයක්වත් ලැබෙන්නේ නැති බව පවසන්නට වීම ගැන කණගාටු වෙමි.

Page 4 of 509